අනුර ජසෙන්තු ලියන හිමිකාරත්වය දරන නීලා බයි ලයිට් සිනමාශාලාව නව 3D ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව අති විශාල පුළුල් තිරය සමඟ Dolby Surround 7.1, ශබ්ද පද්ධතිය, Box ආසන සහිත අංග සම්පූර්ණ ආසන 180 කට වැඩි වන නවීනතම මිනි තියටර් සංකල්පයෙන් සමන්විත සිනමා ශාලාවකී.
දන් කොටුව නිලා බයිලයිට් සිනමා ශාලාව පසුගියදා චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවෘත කෙරිණි.සිනමා කලාකරුවන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගි වූ අතර ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, ප්‍රියන්ත කොළඹගේ සමඟ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි, රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ,කිත් රංග, ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්ද්‍යා, පියුමාලි එදිරිසිංහ, ඇතුළු නළු නිළියන් රැසක් සහභාගී වූහ.

