120
රෝගාතුරව සිටින සහ වයෝවෘද්ධ කලාකරුවන්ට සෙත්පතා විශේෂ බෝධි පූජාවක් පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පවත්වන ලදි. මෙම බෝධිපූජා පිංකම සංවිධානය කරන ලද්දේ සිංහල සිනමාවේ සහ සංගීත ක්ෂේත්රයේ නියැළී සිටි රංගන ශිල්පී ශිල්පිනියන්ගේ සහ ගායක ගායිකාවන්ගේ දූ පුතුන්ගෙන් සැදුම්ලත් ‘ තරු දරුවෝ’ පදනම විසිනි.
මෙම බෝධි පූජා පිංකම සඳහා තරු දරුවෝ පදනමේ සභාපති ශම්මි ජයතුංග , ලේකම් ගයත්රි එදිරිමාන්න ඇතුළු කමිටු සාමාජික සාමාජිකාවන් සහභාගී වූහ.
