ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ආරම්භ කර වසර තිස් දෙකක් වන අතර මේ කාලය තුළදී එම සංවිධානය මඟින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් සිදුකොට ඇත.එම සංවිධානයට ප්‍රධාන අඩුවක්ව පැවති ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කාර්යාලයක්, ආධුනිකයන් සඳහා වූ පාඨමාලාවන් වෙනුවෙන් හා ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ කලාකරුවන්ට එක්විය හැකි ස්ථානයක් ගොඩනැගීම වෙනුවෙන් මේ මස 30 වැනි දින මුල් ගල් තබමින් මෙම කටයුත්ත ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම් කර ඇත. වර්තමාන සභාපති චන්දන ලියන ගුණවර්ධන ඇතුළු සියලු කමිටු සාමාජිකයන් මෙම කටයුත්ත සිදු කිරිමට නියමිතය. මෙම කාර්යයට අවශ්‍ය කරන ප්‍රතිපාදන සොයා ගැනීම වෙනුවෙන් චාලක රණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ යන වේදිකා නාට්‍ය පෙබරවාරි මස 4 වැනිදා දින ප.ව. 3.30 සහ 6.30ට නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත කිරීමට නියමිතයි.
			250
			
				            
			        
    
                        previous post
                    
                    
                        තාරාවෝ ඉගිළෙති 26 වැනිදා
                        next post
                    
                    
                         
			        
 
			        