සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් රචිත උදයකාන්ත සිත්තරකුගේ සිනමා රූප රිද්මය කෘතිය සැප්තැම්බර් 4 වැනිදා සවස 3.00 ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙය ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ දශක තුනක සිනමා දිවිය පිළිබඳ සවිස්තරාත්මක සහ විචාරාත්මක සිනමා සාහිත්‍ය කෘතියකි.
මෙහිදී ප්‍රවීණ සිනමා විචාරකයකු වන ගාමිණී වේරගම, ප්‍රවීණ සිනමා රූපණවේදී රන්ජන් රාමනායක සහ කලා විචාරකයෙකු වන චින්තන ධර්මදාස අදහස් දැක්වීමට නියමිතයි. මෙම කෘතිය ජනගත කිරීමට සමගාමීව උදයකාන්තගේ සිනමාව විමසන උදයකාන්ත රූපඡායා නැමති වාර්තා චිත්‍රපටය එදින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.