8
ප්රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනි අප අතරින් වියෝ වී එළැඹෙන 10 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ නිමිතිකොට ගෙන තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් සහ සංඝගත දක්ෂිණාවක් 10 සහ 11 වැනිදා අංක 03 සුමේධ මාවත, ගණේමුල්ල ලිපිනයේ කුමාරි මුණසිංහගේ මහගෙදර දී ප.ව. 07.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. බිරිඳ ඇතුළු දරුවන් සියලු දෙනා සහ පවුලේ ඥාතීන් විසින් ඔහු වෙනුවෙන් පින් පැමිණවීමට මෙම පින්කම සංවිධානය කරති.