තරුෂි පෙරේරා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘ 24 Love Story ‘ ටෙලිනාට්‍යය සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
ආදරය තේමාව කර ගත් මෙහි සචින්තනී කෞශල්‍යා, නයනා කුමාරි, යෂ් වීරසිංහ සහ සචිනි යතුපිටිය රංගනයෙන් දායක වෙති.
ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරන ලද ‘ සති’ ටෙලිනාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
දසුන් පතිරණ, නයනතාරා වික්‍රම ආරච්චි, ප්‍රසන්නජිත් අබේසූරිය , දුලීකා මාරපන, මාදනි මල්වත්ත, නිරෝෂන් විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ සහ සූර්යා’ දයාරුවන් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැයක් රංගනයෙන් දායක වෙති.
ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ ‘අඳුන්ගිර’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘ සති’ ටෙලි නාට්‍යයේ තිරරචනය සමන් කුමාර ගමගේ විසිනි.