බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙල පසුගිය දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එදින සාහිත්‍ය, සංගීතය, නාට්‍ය, නර්තනය, චිත්‍ර හා මූර්ති සහ සෙසු කලා අංශ යනාදී කලා ක්ෂේත්‍ර සඳහා වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යේෂ්ඨ කලාකරුවෝ දෙසීයක් ජීවිතේ එක් වරක් පමණක් පිරිනමන කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. එහිදී ඇමැතිවරයා විසින් තිස් හතර දෙනෙකු වෙත කලාභුෂණ සම්මානය පිරිනමන ලදී.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
[email protected]