Home » චන්ද්‍රන් රත්නම්-ජගත් සුමතිපාල එකතුවෙන් ‘රිෂානා’

චන්ද්‍රන් රත්නම්-ජගත් සුමතිපාල එකතුවෙන් ‘රිෂානා’

by Thanushika
July 3, 2025 12:28 am 0 comment

සම්බන්ධතා සහිත ප්‍රවීණ සම්මානනිය නිර්මාණවේදී චන්ද්‍රන් රත්නම් ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන රිෂානා (RIZANA – A CAGED BIRD) චිත්‍රපටයේ නාමය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි සිදු කෙරිණ. ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පි, ඔස්කා සම්මානලාභී ජෙරමි අයන්ස් (Jeremy Irons සමඟින් දමිළ සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නිළි, වරලක්ෂ්මි සරත්කුමාර් (Varalaxmi sarathkumar) ප්‍රධාන චරිත නිරුපණය කරන අතර සිනමාවට හඳුන්වාදෙන විදුශිකා රෙඩ්ඩි Vidhushika Reddy) ඇතුළු දේශීය හා විදේශීය රංගන ශිල්පීන් රැසක් RIZANA ට සම්බන්ධව ඇත. රිෂාටනා කලකට පෙර ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් හා සමස්ත මාධ්‍යයන් කළඹමින්, නොසිතු ජීවන ඉරණමකට සෞදි අරාබියේදී මුහුණ දුන් 17 හැවිරිදි රිෂානා නෆීක් දැරියගේ ජීවන සංසිද්ධීන් පාදකව ගොඩනැඟුණු කතා පුවතකි. මෙම නිර්මාණයේ තවත් විශේෂත්වයක් වනුයේ, රූපගත කිරීම්වලට සමාන්තරව ශබ්ද පටිගත කිරීමයි. (Direct Sound) ඒ සඳහා ඕස්ට්‍රේලියානු ජාතික තිමති ලොයිඩ් ප්‍රධාන එරට කාර්මික ශිල්පීන්ගේ දායකවත්වය ලැබී ඇත. රිෂානා කැමරාකරණයෙන් චන්දන ජයසිංහ, තිර පිටපත් රචනයෙන් සහ සංස්කරණයෙන් ජේම්ස් රත්නම්, තිර පිටපත් අධීක්ෂණයෙන් ඇමැන්ඩා සුරවීර, සහය අධ්‍යක්ෂණයෙන් ජගත් ආනන්ද සමගින් දිල්ෆර් ෆාරුක්, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර, රේඛීය නිෂ්පාදනයෙන් අනූෂ සංජීව එදිරිමුණි, නිෂ්පාදන ප්‍රධානි ලෙස අරුණ මහේන්ද්‍ර හා සුමති ස්ටුඩියෝස් වෙනුවෙන් විධායක නිෂ්පාදකවරුන් ලෙස සමන්තා සුමතිපාල, චදු සුමතිපාල සහ චතුල සුමතිපාල එක්වී ඇත. යූ.ඩබ්. සුමතිපාල විසින් ආරම්භ කරන ලදුව, සිය මෑණියන් වූ මිලිනා සුමතිපාල හා එක්ව ජගත් සුමතිපාල විසින් ඉදිරියට ගෙන එමින්, දේශීය හා විදේශීය සම්මාන වැඩිම ප්‍රමාණයකට හිමිකම් පෑ චිත්‍රපට රැසක් සිංහල සිනමාවට දායාද කළ සුමති චිත්‍රපට නාමය තුන්වන පරම්පරාවට රැගෙන යමින් හා ජාත්‍යන්තර චිත්‍රපට වෙළඳ පොළ ඉලක්කකර ගනිමින් තැබූ යෝධ පියවරක් මෙන්ම, තුන්වන පරම්පරාවේ නව ආරම්භයක් ලෙස පිහිටුවන ලද සුමති ස්ටූඩියෝස් වෙනුවෙන් ජගත් සුමතිපාලයන් විසින් නිෂ්පාදනය කරනු ලබයි.

- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT