ලේඛක ධම්මික ජයරංජන් විසින් රචිත නවතම ළමා කතා ව ‘චණ්ඩි’ මුද්‍රණය කොට එළිදක්වා ඇත. මීට පෙර ග්රන්ථ කීපයක් ම ලියා පළ කොට ඇති ධම්මික ජයරංජන් ඔහුගේ හයවැනි ග්‍රන්ථය ලෙසින් ‘චණ්ඩි’ නම් වූ මෙම ළමා කතා ව ඔස්සේ මිනිසුන් අතර ඇති බැඳීම් මෙන්ම සතුන් සහ මිනිසා අතර ඇති බැඳීයාව ද මේ ඔස්සේ සරලව, මැනැවින් පැහැදිලි කොට දක්වා තිබේ.
කළපළුවාව මිහිඳු දහම් පාසලේ දරු දැරියන් පිරිසක් අතින් මෙහි සිතුවම් නිර්මාණය සිදු වී ඇති අතර වෛද්‍ය නිත්‍යවානි කන්දසාමි රංගන ශිල්පිනිය වෙත පසුගියදා මෙහි ප්‍රථම පිටපත පිළිගන්වනු ලැබිණ.