අධික මුදලක් වැය කර, ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කඳු වැටියේ සහ රුසියාවේ සහ ඉන්දියාවේ රූගත කරන ලද ‘ගුරු ගීතය’ චිත්‍රපටය විශේෂිත ආරාධිතයන් සමූහයක් සමඟ පසුගියදා One Galle Face Mallහි ඇති PVR චිත්රපටාලාවේදී පැවැත්වුණු විශේෂිත මංගල දර්ශනයෙන් පසුව දිවයින පුරා සිනමා ශාලා පනහක තිරගත කිරීම ආරම්භ කෙරිණ.
MPI සිනමා මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රකට ජ්‍යේෂ්ඨ සිනමා නිෂ්පාදක, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ දහවන සිනමා නිෂ්පාදනය වන ‘ගුරු ගීතය’ චිත්‍රපටය සම්මානනීය අධ්යක්ෂ උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කර ඇති අතර ලන්ඩන්, මොස්කව්, නිව්යෝක්, සිඩ්නි ඇතුළු රටවල් සමූහයකින්ම ජාත්‍යන්තර සම්මානද දිනාගත් චිත්‍රපටය වේ.
12 වෙනිදා පැවති විශේෂිත මංගල දර්ශනයේ ආරාධිත අමුත්තා වශයෙන් සිනමා කර්මාන්ත විෂය භාර අමාත්‍ය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහභාගි වූ අතර කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහ ප්‍රංශය, රුසියාව, කියුබාව සහ ඉන්දියාවේ තානාපතිවරු සහ එයි නියෝජිතවරුන් ද සහභාගි වීම විශේෂත්වයකි.
මීට පෙර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සහ මධ්‍යම ආසියාවේ විශාලතම රට වශයෙන් සැලකෙන කසකස්ථාන් හිදී මෙම චිත්‍රපටයේ විශේෂ ජාත්‍යන්තර මංගල දර්ශන පැවැත්වුණු අතර මේ වන විටත් ‘ගුරු ගීතය’ චිත්‍රපටය ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට පාත්‍ර වී ඇත. සුප්‍රසිද්ධ රුසියානු ලේඛක චින්ගිස් අයිත්මාතෝගේ “First Teacher” නවකතාව ඇසුරින් නිෂ්පාදිත චිත්‍රපටයකි ‘ගුරු ගීතය’.