කුමාරසිරි අබයකෝන් අධ්‍යක්ෂණය කරන සංජය කොඩිකාර නිෂ්පාදනය කරන ‘ගව් දහසක්’ ප්‍රාසංගික ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල ඉකුත්දා කොළඹදී පැවැත්විණි. මෙහි තාරුකා වන්නිආරචිවි, වත්සලා දියලගොඩ, චන්දික නානායක්කාර, නිරෝෂන් විජේසිංහ, නිමල් පල්ලෙවත්ත, සංජය කොඩිකාර, ග්‍රේස් ආරියවිමල්, ඩී. බී. ගංගොඩතැන්න, නිලන්ති ගුණවර්ධන, අනෝමා කුමුදුනී, ගාමිණි ජයලත් ඇතුළු නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙති. මෙහි රචනය පාලිත පෙරේරාගෙනි. උපුල් ප්‍රියාන් කැමරාකරණයෙන්ද, ජී. උහන්ඕවිට අංග රචනයෙන්ද, සුරංග ප්‍රදීප් සහාය අධ්‍යක්ෂණයෙන්ද, වසන්ත විමලාරච්චි කලා අධ්‍යක්ෂණයෙන් ද, දිනේෂ් තරංග සංගීත නිර්මාණයෙන් ද, නලින් අධිකාරි සංස්කරණයෙන්ද, උදේනි පෙරේරා විධායක නිෂ්පාදනයෙන්ද, බී.ජී. ධර්මදාස නිෂ්පාදන කළමනාකරණයෙන් ද ‘ගව් දහසක්’ ටෙලි නාට්‍යයට දායක වෙති.
28
previous post
වසර 14ට පසු කාංචනා මෙන්ඩිස් රංගනයට
next post