පාරිසරික කෙටි සහ වාර්තා චිත්‍රපට තරඟාවලිය සහ පාරිසරික චිත්‍රපට උලෙළ සඳහා නිර්මාණකරුවන් ලියාපදිංචිය සහ නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුකෙරේ. මෙම තරඟාවලිය විවෘත සහ පාසල් යන දෙඅංශයේම නිර්මාණකරුවන්ට සහභාගී විය හැකිය.
මෙම තරඟාවලියට කෙටි චිත්‍රපට, වර්තා චිත්‍රපට, චිත්‍රපට පෝස්ටර්, නිර්මාණය යන තරඟ අංශ ඇතුළත් වේ. චිත්‍රපට පෝස්ටර් නිර්මාණය සඳහා ලියාපදිංචි වන සියලුම නිර්මාණකරුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය මඟින් පවත්වනු ලබන වැඩමුළුවකට සහභාගී කරගනු ලැබේ.
කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට නිර්මාණය සඳහා ලියාපදිංචි වන අයඳුම්කරුවන් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පවත්වනු ලබන චිත්‍රපටකරණය සහ වාර්තා චිත්‍රපටකරණය සම්බන්ධ වැඩ මුළුවකට සහභාගී කරගනු ලැබේ.
මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශය ඒකාබද්ධව මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.