ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ගීත රචකයකු වූ කැමිලස් පෙරේරා මහතා දිවිසැරියෙන් සමුගෙන ගොස් පසුගිය 17 දිනට වසර 3 ක් සපිරේ. රසවත් ගීත රැසක් සංගීත ලොවට දායාද කර ඇති ඔහු සරසවිය පුවත්පතේ සේවය කළ මාධ්යවෙිදියකි.
උන්මාද වූ ප්‍රේමාදරේ, විකසිත වතකමලේ, වාසනා වේවා, පැතුම් විලේ මුතු අමුනා, හිමිනැති පෙමකට, දේව මන්දීරේ ඇතුළු රසබර ගීත රාශියක් ඔහු රචනා කර ඇත.
කැමිලස් පෙරේරා මහතාගේ තුන්වැනි ගුණ සැමරුම වෙනුවෙන්, එදින සාංඝීක දානමය පින්කමක් සංවිධාන කෙරුණු බව ඔහුගේ පුත් ලසිත මධුරංග සරසවිය හා පැවසීය.