සිනමා, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු සහ කැමරා අධ්‍යක්ෂවරයෙකු වන මහේෂ් කරුණාරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කාලි’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන් කර ඇත. මෙය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වේ.
‘කාලි’ චිත්‍රපටයේ තිර රචනය සිදුකර ඇත්තේ මේනක කෞශල්‍ය අමරපුර විසිනි.
නුවන්දිකා සිරිවර්ධන, ගයාන් වික්‍රමසිංහ, ශි්රියන්ත මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, කුසුම් රේණු, රොෂාන් පිලපිටිය, සංජානා ඔනලි, අනුරාධා උදයංගනී, පවිත්‍රා වික්‍රමසිංහ, චන්දික නානයක්කාර මෙහි චරිත නිරූපණය කරති.
‘කාලි’ චිත්‍රපටයේ කැමරාකරණය චානක සංජීව විසින් වන අතර සංස්කරණය තිවංක අමරසිංහගෙනි. ධනුෂ්ක හුලංගමුව අංග රචනයෙන්ද, හසින්ත වැල්ලවාය කලා අධ්‍යක්ෂණයෙන්ද දායක වී ඇත. ‘කාලි’ චිත්‍රපටයේ එන ‘දේවතාවියේ’ ගීතයද පසුගිය දා එළිදක්වන ලදි. ‘කාලි’ Elegant Cleopatra නිෂ්පාදනයකි.