Home » ක්ලැරන්ස් දින 50 පසුකරමින් රජගමනේ

ක්ලැරන්ස් දින 50 පසුකරමින් රජගමනේ

දෙස් විදෙස් සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරි ඉතිරි යයි

by Thanushika
August 21, 2025 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂක රස වින්දනය උදෙසා නිර්මාණය වූ ක්ලැර්න්ස් චිත්‍රපටය දින. 50 පසු කරමින් දිවයින පුරා සිනමාහල්වල ආදායම් වාර්තා තබමින් මේ වන විට සාර්ථකව තිරගත වේ. එයට සමගාමීව පසුගිය දින කොළඹ හැව්ලොක් මොල් සිනමා සංකීර්ණයේදි සිනමාපටයේ රංගන ශිල්පින් සහ නිෂ්පාදක මඩුල්ල සමග කලාකරුවන් විශේෂ ආරාධිතයන් රැසක් එක්ව උත්සවය සංවිධානය කර තිබිණ.

මෙය ආශාවරී සිනමා පටයෙන් ප්‍රේක්ෂක සිත් සතන් මුසපත් කළ තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයක් වන අතර ආලෝකෝ උදපාදී නිෂ්පාදක තුසිත විජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

දමිත් විජයතුංග, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, පහන් වී ද කොස්තා, දිනක්ෂි ප්‍රියසාද්, දුෂාන් රාජගුරු, මවුලි දුෂ්මන්ත, ෆර්නි රෝෂණි, චමිලා පීරිස්, ශ්‍රීමාල් වෙඩ්සිංහ, ප්‍රියන්ත විජේසිංහ, ප්‍රකාශනි නිරංජලා, ප්‍රාර්ථනා සමාධි, රුක්ෂාන් කරුණානායක,ප්‍රසන්න දැකුම්පිටිය, දනුෂ්ක ඩයස්, ඉදුවර සූරිය බණ්ඩාර, ලලින්ද්‍ර තිසේරා, හේමක ඩයස්, රුචි ලක්මාලි, නිපුණී රාජපක්ෂ, ශනුද්‍රි ප්‍රියසාද්, සංදලන් සිල්වා, ශේෂාද්‍රි ප්‍රියසාද් ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා, සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියද්ද, සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් යසෝද ධනුපම, කලා අධ්‍යක්ෂණය මංජුල පුෂ්පකුමාර, ඇඳුම් නිර්මාණය ලසන්ත ප්‍රදීප් උඩුකුඹුර, අංගරචනය හා කොණ්ඩා සැකසුම් ඉන්දික උදාර ලංකා, නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල්, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්නගෙනි.

දමිත් සහ නිහාරි ඕස්ට්‍රේලියාවට

මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වන ‘ක්ලැරන්ස්’ Rhythm of the Guitar චිත්‍රපටය අගෝස්තු 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ Chandstone හිදී තිරගත කෙරේ. මෙහි ප්‍රධාන නළු නිළි දෙපළ වන දමිත් විජයතුංග සහ නිහාරි පෙරේරා මෙම විශේෂ අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT