ආචාර්ය සෝමරත්න දිසානායකයන් රචනා කර අධ්‍යක්ෂණය කළ නවතම සිනමා සංගීතමය, වේදිකා/සිනමා පර්යේෂණාත්මක නිමැවුම ‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ ගීත පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි.
කපුටාගේ කූඩූවේ කොහා බිත්තර දැමීම එදා පටන්ම සිදුවන්නකි. පැටවුන් තරමක් ලොකුවන විට කපුටන් විසින් කොහා පැටවුන් හඳුනාගෙන උන් කොටා දමා පන්නයි. කපුටු කොහෝ පලහිලව්ව පාදක කරගෙන සහෝදරත්වය ජාතික සමගිය සහ සහජීවනය යටි පෙළ ඇතුළත් කිරීමට ගත් උත්සාහයක් ලෙස කපුටු කොහෝ හැඳීන්විය හැකියි. ජන සංගීත නාද රටා සහ දේශීය නර්තන රටාවලින් එය සැරසෙන අතර සාමාන්‍ය දෙබස් ගායනා සහ නැටුම් ඇතුළු සම්ප්‍රදායික වේදිකා නාට්‍ය ශෛලිය සහ සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයකි.
අමන්ද්‍යා උත්පලී, හර්ෂණ දිසානායක අභිලාශි සන්තුෂ්කි, ඩිලාන් සමරවික්‍රම, රදීන් රන්දිව්, සනුලි දුල්සේයා, රුසිරු විදුනිත, සිහෙලි තූර්යයා රංගනයෙන් එක්වෙති.
ගායනයෙන් ඩිලාන් සමරවික්‍රම, හර්ෂණ දිසානායක, ලක්ෂණා ලක්මිණි, අමන්ද්‍යා උත්පලී, චෙනිත සංතිෂ්, ලන්දු සෙට්ටිනායක, ලක්දම් ලයනිත, සිහෙලි තූර්යයා ගෙනි.
වේශ නිරූපණයෙන් විදුර අබේධීර, වස්ත්‍රාභරණයෙන් නිර්මාණී ප්‍රනාන්දු, ගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්‍ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් ජානක ප්‍රසාද, වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර, ශබ්ද සංකලනයෙන් සසික රුවන් මාරසිංහ, සහය අධ්‍යක්‍ෂණයෙන් චාමර සේලාර, සංස්කරණයෙන් අජිත් රාමනායක, කැමරා අධ්‍යක්‍ෂණයෙන් විශ්වා බාලසූරිය දායක වෙති. නිෂ්පාදන කළමනාකරණය සහ නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙනි.
‘කපුටු කොහෝ’ ආචාර්ය සෝමරත්න දිසානායකගේ 12 වැනි සිනමා නිර්මාණයයි.