ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 8 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙය උදයකාන්ත වර්ණසූරියගේ විසිනව වෙනි සිනමා අධ්‍යක්ෂණයයි. උදයකාන්ත සිනමාවට පිවිසෙනුයේ මහමෙර උසට චිත්‍රපටය නිර්මාණය කරමිනි. ඉන් ඉහත ඔහු චිත්‍ර කතා ශිල්පියකු ලෙස කටයුතු කළේය. ගෙවුණු කාලය ඇතුළත සිනමා නිර්මාණ 28ක් ලාංකේය සිනමාවට දායාද කළ ඔහු සිය 28 වැනි සිනමා නිර්මාණය වූ ගිනිඅවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටය වෙනුවෙන් 36 වැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේය.
දමිත් විජයතුංග, චතුර රාජපක්ෂ, සනත් ගුණතිලක, දුලීකා මාරපන, හේමසිරි ලියනගේ, ඩිලානි අබේවර්ධන, සංගීත් ප්‍රභූ, සංජය මොරමුදලි, චන්දිමා කරුණාදාස, රොහාන් විජේතුංග, මල්කාන්ති ජයසිංහ, ඕදාත හසංක කිෂූ ගෝමස් සහ විශ්ව ලංකා මෙහි චරිත නිරූපණය කරති.
මේඝ වර්ෂාහි සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙන් වන අතර භාතිය, සන්තුෂ්, යසස් මැදගෙදර, උමාරියා සිංහවංශ, තුසිත (සෙන්ටිග්‍රේඩ්ස්) පසුබිම් ගායනයෙන් එක්වෙති. මෙහි කැමරාකරණය චන්ද්‍රසේකර් විසිනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්ද, නලීන් ප්‍රේමතිලක වේශ නිරූපණයෙන්ද, ඇඳුම් නිර්මාණයෙන් ශාන්ති වර්ණසූරිය සහ ප්‍රියන්ත දසනායක දායක වී ඇත. ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණය කරන මේඝ වර්ෂා ඉවෝක් රූපහල ෆිල්ම්ස් නිෂ්පාදනයකි.