339
සුනිල් ශ්රී විසින් පිටපත රචනාකොට නිෂ්පාදනය කළ ‘ඉල්ලන් කෑවා’ සියවන දර්ශන උදානය වෙනුවෙන් විශේෂ දර්ශන මාලාවක් හෙට 12 සිට 13, 14 දිනයන්හි සවස දර්ශන දෙක බැගින් දර්ශන හයක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
සුනිල් ශ්රී, ශිරෝමිකා ප්රනාන්දු, නන්දන හෙට්ටිආරච්චි, සංජුල දිවාරත්න, සංජනා පීරිස්, රොමේස් සංජෙ, ධනුක සිල්වා, අවින්ද්යා බණ්ඩාර සමඟ හංසි අමයන්ගොඩ රංගනයෙන් දායක වෙති. උදාර ප්රනාන්දුගේ සංගීත අධ්යක්ෂණය වන අතර අංග රචනය ගාමිණී කොස්තාගෙනි.