Home » ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලයට නව පත්වීම්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලයට නව පත්වීම්

by Thanushika
February 20, 2025 10:50 am 0 comment

ආනයනික ටෙලිනාට්‍ය චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් 30 කු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගිය 17 වැනි දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අතිරේක ලේකම්වරු සහභාගී වූහ.

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම, චිත්‍රපට විචාරක ප්‍රවීණ මාධ්‍යවේදී, තිස්ස ප්‍රේමසිරි, මහාචාර්ය එස්.ජේ යෝගරාජා, චිත්‍රපට විචාරක, ප්‍රවීණ මාධ්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රවීණ ගීත රචක කුමාරදාස සපුතන්ත්‍රී, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චතුරිකා නිමල චන්ද්‍ර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එස් ඒ.නයනා සුරවීර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ෆාතිමා සානාස්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංග මනුප්‍රිය, සරසවිය පුවත්පතේ කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර, සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සාහිත්‍යවේදී සෝමසිරි ඒකනායක, මාධ්‍යවේදී ලලිත් පී.දයාරත්න, සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි සිසිර මහගමගේ, විකාශන ඉංජිනේරු ගයාන් වීරසිංහ, මාධ්‍යවේදී චමරු පතිරණ, මාධ්‍ය සන්නිවේදක වජිර පෙරේරා, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ මනෝහාරී හේවාවසම්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුරංග ලක්මාල්, චිත්‍රපට අධ්‍යක්ෂ ෂර්ලි සමරසිංහ, මාධ්‍යවේදී පරිවර්තක ප්‍රසන්න පෙරේරා, මාධ්‍යවේදී ප්‍රියාන් ආර්.විජයබණ්ඩාර, මාධ්‍ය හා ප්‍රචාරණ සැලසුම් කරන ශිල්පී දසුන් විජේසේකර, සිනමා සංස්කාරක හා වර්ණ සංයෝජක ලාල් විජේතුංග, සැලසිනේ සභාපති රෝහිත සිල්වා, මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි, ප්‍රවීණ ලේඛක ආචාර්ය තිස්ස නිහාල් වික්‍රමසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්.ගමගේ යන මහත්ම මහත්මීහු එදින පත්වීම් ලිපි භාර ගත්හ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT