ජීවන සහකරුවා වශයෙන් තමන් අනෙකා වෙත ප්‍රේමය මෙන්ම අනෙකුත් ජීවන අවශ්‍යතා නොමඳව ලබා දෙන මොහොතක අනෙකාගේ වෙනස්වීම් පෘථග්ජනයන් ලෙස අප දරා ගන්නේ කෙසේද යන්න මෙම සිනමා නිර්මාණයට තේමාව වී ඇත. මෙහිදී ප්‍රේක්ෂකයාට හමුවන තිස් දෙහැවිරිදි නාරද, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර, තම ව්‍යාපාරය තව දුරටත් දියුණු කර ගැනීම සඳහා අපේක්ෂා සහගතව උපරිමව වෙහෙසෙන්නෙකි. ඔහුගේ ජීවන සහකාරිය වූ නර්මදා වෘත්තීමය නිරූපණ ශිල්පිනියක ලෙසින් ගොඩනැඟීමට උත්සාහ දරන්නියකි. නිදහස් ජීවිතයක් ප්‍රියකරණ නාරද, නර්මදාටද ඇගේ නිදහස ලබා දීමට මැලි නොවන්නෙකි. ඔහු කාර්යබහුල ව්‍යාපාරිකයෙකු වීමත්, ඇය තම නිරූපණ ජීවිතය පිළිබඳව සිහින දැකීමත් අතර යම් ආකාරයක පරතරයක් නිර්මාණය වන්නේ මේ අතරතුරදීය. තරමක් විශේෂිත ඡායාරූප ශිල්පියෙකු වන රජීවගේ ඇසුර නර්මදා බෙහෙවින් ප්‍රියකරයි. කෙටි කලකින් ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්ධතාවයක් ගොඩ නැඟේ. තමාගෙන් නර්මදා දුරස්වන බව හැඟීයාමෙන් වේදනාවටත්, අසහනයටත් පත්වන නාරද, ඇයගේ නිරූපණ ජීවිතය පිළිබඳව සැක කිරීමට පෙලඹෙයි. නර්මදා පවා තමන් පටලැවී සිටින අභ්‍යන්තර අර්බුදයෙන් වේදනාවට පත්වී සිටියද, එකිනෙකා එය බාහිරට නොපෙන්වා සඟවා තබා ගැනීමට උත්සාහ දරයි. අවසානයේදී නාරද තමන් මුහුණ දෙන වේදනාකාරි මනෝභාවයෙන් ගැලවීම සඳහා කුමක් කරනු ඇතිද යන්න මෙයින් පෙන්වා දී ඇත.
තාරක මහානාම කලා ක්ෂේත්රයට අවතීර්ණ වනුයේ “හෙටක් නැති ලොවක්” වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමෙනි. බොහෝ නිර්මාණවේදීන් සිනමාවට දායාද කිරීමට ඉවහල් වූ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ පාඨමාලාව හදාළ තාරක, ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසැලේද පූර්ණ පුහුණුවක් ලද ශිෂ්‍යයෙකි . All About My Girl (මගේ කෙල්ල ගැන) ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. කෙටි චිත්‍රපට නිර්මාණකරණයේ ද නියැළී ඇති තාරක, ” ” Life Is Else Where”,
“Spectator ” සහ “Left” යන ඔහුගේ නිර්මාණයන් විවිධ සම්මාන උලෙළයන් නියෝජනය සඳහාද සුදුසුකම් ලබා ඇත. මේ වන විට ඔහුගේ නවතම සිනමා නිර්මාණයන් වන ” අසම්පූර්ණ” සහ “Ghost Of The Fish” යන චිත්‍රපට ද්විත්වයෙහි පසු නිෂ්පාදන කටයුතු වල නියැළී සිටී.
රංගන දායකත්වය
රොෂාන් රවීන්ද්‍ර, සුලෝචනා වීරසිංහ, ගයාන් ලක්රුවන්, සම්පත් ජයවීර, දසුන් පතිරණ, විරාජ් මාලිංග, ගීතා අලහකෝන්, උදී වීරගොඩ, සමීර වීරසේකර, විකුම් මහානාම, රවී ප්‍රනාන්දු, ලාලන් කෝරාළ, කුසුමා පෙරේරා, චමිලා අවන්ති, රුවන් ප්‍රදීප් සුමනදාස.
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – තාරක මහානාම
නිෂ්පාදනය – විකුම් මහානාම, ගයා මධුශානි
සම නිෂ්පාදනය – ශාන්ති වීරසිංහ, එම්.එච්.එස්.දයානන්ද
විධායක නිෂ්පාදනය – සුමුදු ධර්මවර්ධන, ලක්මාල් සිල්වා
කැමරා අධ්‍යක්ෂණය – චානක වේරගොඩ, අනුරාධ ජයසූරිය
සංස්කරණය – ලක් රුවන් ද සේරම්
වර්ණ සංයෝජනය – ළහිරු මධුසංඛ
සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමණාකරණය – සිතාරා කාරියවසම්
ශබ්ද නිර්මාණය – නන්දා නන්දි ජයකොඩි
අංග රචනය – සංජීව සෙනෙවිරත්න
අංග රචනා සහය – චාපා ජයසේකර
කලා – අධ්‍යක්ෂණය – පී.එච්.එන්. මාධව
කලා සහය – සුනෙත් පෙරේරා, කපිල සිල්වා
සංගීත අධ්‍යක්ෂණය –
කසුන් කල්හාර ජයසේකර
ශබ්ද සහය – සංජු පෙරේරා
කැමරා සහය – සමීර වීරසේකර
සංස්කරණය සහය – රොෂාන් කරුණාරත්න, කවි විජේගුණසිංහ
ප්‍රධාන නාමාවලිය – සුපුන් කුරේ
නිෂ්පාදනය සහය – ලක්මාල් ප්‍රසන්න
විදුලි ආලෝකකරණ සහය – සුසන්ත මහගමුව, සුරේෂ් ෂ්‍යාමන් , කසුන් චාමර, අනුර දල්පදාදු
නිශ්චල ඡායාරූප – හංසි එම්. සෙනෙවිරත්න, සිතුමිණ ප්‍රනාන්දු
දෙබස්- දර්ශන ගයාන් විතාන, සමීර ලක්මාල්, හරේන්ද්‍ර ජයකොඩි
බූම් ක්‍රියාකරු – මොක්ෂික පතිරණ
උපසිරැසි- ලාල් දිසානායක, ජයසික පත්මසිරි
නිෂ්පාදන කන්ඩායම- ප්‍රදීප් රංගන, සුනෙත් හර්ෂණ, අමල් දර්ශන, මලින්ද ජයසිංහ, දිල් රුවන් පරණවිතාන