මාලදිවයින් නිදහස් දිනය සමරමින් එයට සමගාමීව ශ්‍රී ලංකා මාලදිවයින් තානාපති කාර්යාලය විසින් පසුගිය 11සහ 12 දෙදින මාලදිවෙන් චිත්‍ර ශිල්පියකු වන අබ්දුල් ෆයිස් අදින ලද සිතුවම් ප්‍රදර්ශනයක් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේදී පැවැත්විණ. ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ මහත්මියි විසින් සිතුවම් දැක්ම විවෘත කරන ලදී. මේ සඳහා මාලදිවයින් මහ කොමසාරිස් මසුඩ් ඉමාන්ඩ් ඇතුළු මෙරට මහ කොමසාරිස්වරු සහභාගී වූහ. ප්‍රදර්ශනය නැරඹීම සඳහා මෙරට සහ විවිධ රටවල්වල විශාල පිරිසක් ද සහභාගී වූහ.