Home » අපි දෙන්නාට කලා ලොවේ ලස්සන මතක රැසක්ම තිබෙනවා

අපි දෙන්නාට කලා ලොවේ ලස්සන මතක රැසක්ම තිබෙනවා

සුවන්දි දුලන්සා කුමාරගේ (අක්කා) _ දහම්දි දුලන්‍යා කුමාරගේ (නංගි)

by Thanushika
May 1, 2025 12:30 am 0 comment

සුවන්දි දුලන්සා කුමාරගේ අක්කාත් , දහම්දි දුලන්‍යා කුමරගේ නංගීත් එක හා සමාන කලා හැකියාවන් රැසකින්ම සමන්විත වූ නිවුන් දැරිවියන් දෙදෙනෙකි…මෙම අක්කා -නංගි දෙදෙනා කරටකර දක්ෂතා පෙන්වන දෙදෙනකු වීම විශේෂත්වයකි. Voice Kids  රූපවාහිනී වැඩසටහන හරහා සුවන්දි දුලන්සාව රටම හඳුනාගනිද්දී නර්තන හා කරාතේ සටන් කලාව හරහා දක්ෂතා එළිදක්වන්න දහම්දි දුලන්‍යා සමත්වන්නීය. සිය කලා හැකියාවන් පිළිබඳ මුලින්ම කතාබහට එක්වූයේ මේ නිවුන් සොයුරියන්ගේ වැඩිමලා වන සුවන්දි දුලන්සා කුමාරගේ දියණියයි….

Voice Kids වැඩසටහන හරහා ඔබ ගැන කවුරුත් කතා කළා. එම වැඩසටහනට යොමුවූ ආකාරය සිහිපත් කළොත් ….?

ඇත්තටම කිව්වොත් voice kid වැඩසටහනට මුලින්ම අයදුම්පත යවන්න කියල ආච්චිඅම්මා තමයි කිව්වේ. ආච්චි අම්මගෙ කැමැත්තට තමයි ඇත්තටම අම්මා අයදුම්පත දැම්මේ. 1st audition එක දවසෙ ගොඩක් යාළුවො ඇවිල්ලා හිටියා ..ඊටපස්සෙ තිබ්බෙ හැම audition එකකින්ම මම ජයග්‍රහණය කළා … මට බලාපොරොත්තුවක් තිබුණා මේ තරඟයෙන් ඉදිරියටම යයි කියලා….Blind Audition  එකේ ඉඳන් semi finale  දක්වා හැමෝගෙම ආදරය මට ලැබුණා. මගෙ හඬට කැමති අය ගොඩක් මට මුණ ගැසුණා…

Voice Kids පුහුණු අවධියේ මතක සටහන් මොනවගේද ….?

Voice kids වැඩසටහන ඇතුළේ අවුරුද්දක කාලයක් පුරා අපි  sirasa tv  සමඟ සම්බන්ධ වුණා…. ඇත්තටම කිව්වොත් voice kid කියන්නෙ එක පවුලක්… මගේ coach හර්ෂණ දිසානායක… ඉතින් ජධචජඩ හරිම ආදරණීය කෙනෙක්…. අපිට හරිම ආදරෙයි ….හැම දෙයක්ම හරිම ආදරයෙන් කියල දෙනවා …..voice kid වැඩසටහනත් එක්ක බැඳුණු මතක සටහන් ගොඩක් තියෙනවා …… මට යාළුවො ගොඩක් ඉන්නවා .ලංකාවෙ ගොඩාක් පළාත්වල . voice kid වැඩසටහන නිසා මුණගැහුණු අය ඇත්තටම මම ඒ දවස්වලට හරිම ආසයි…..

එම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලය සමඟ ඔබේ ගනුදෙනුව සිදුවූයේ කෙසේද ……? ;

Voice Kids වැඩසටහනට යන්න කලින් මමයි නංගියි චූටි කාලෙ ඉදන්ම ජධචජඩ හර්ෂණගෙ සිංදුවලට හරිම ආසයි …. මම ගොඩක් ආසාවෙන් හිටියා ජධචජඩඥඵලව මුණගැහෙන්න…….මම තරඟ වටවලින් ටික ටික ඉදිරියට යනකොට තමයි ජධචජඩ එක්ක ගොඩක් කතාබහ කළේ…. ඒවගේම ජධචජඩ උරේෂා , ජධචජඩ ප්‍රදීප්, ජධචජඩ නදිනි මට හරිම ආදරෙයි, මට ගොඩක් හොඳ comments ලබා දුන්නා …..

Voice Kids ආරම්භක අවධිය සමඟ සාපේක්ෂව බලද්දි අද වනවිට ඔබේ ගායනා පරාසය විහිදී යන ආකාරය මොනවගේද කිව්වොත් ….?

මම Voice Kids තරඟයට සහභාගීනකොට මගේ වයස අවුරුදු 11 යි. Blind audition round එකේ ඉඳලා semi finale round  දක්වා අවුරුද්දක් නිරතුරුවම පුහුණුවීම් කටයුතු කළා. ඒ කාලය තුළින් මට ගොඩක් අත්දැකීම් ලැබුණා…මම හිතනවා තරගයට සහභාගී වෙන්න කලින් මගේ තිබුණු voice එකට වඩා පුහුණුවීම් එක්ක මගේ voice එක ගොඩක්  train  වෙලා develop වෙලා තියෙනවා කියලා.

නර්තනයටත් ඔබ දක්ෂතා දක්වනවා. නර්තනයට යොමුවූයේ කෙසේද ……?

ඔව් අපි දෙන්නම නර්තනයට හරිම කැමතියි. මගේ නිවුන් සහෝදරිය දහම්දි නර්තනයට ගොඩක් දක්ෂයි. එයා Dancing class ගිහිල්ලා එයා ඉගෙන ගත්ත දේවල් මටත් කියල දෙනවා. ඉතින් මටත් ආස හිතුණා Dancing class  ගිහිල්ලා ඉගෙන ගන්න.අපි දෙන්නගේ මුල්ම නර්තන ගුරුවරයා තමයි මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ නර්තන විෂය භාර අසංක විතානගේ ගුරු පියාණන්.ඒ වගේම සර්ගෙ ගුරුහරුකම් මැද්දෙ අපි දෙන්නා උඩරට නර්තන සම්ප්‍රදාය සහ භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය හදාරනවා…නෘත්‍ය විශාරද විභාග හදාරනවා..ඒ වගේම භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදායේ විශේෂ අංගයක් වන සලංග පැලැඳවීමත් සිදුකළා….

ඉදිරිපත් වූ නර්තන, ගායන තරගවලින් ජයග්‍රහණ එහෙමත් ලබාගෙන ඇති……?

ඔව්..2024 වර්ෂයේ උඩරට නර්තන සම්ප්‍රදායේ සමූහ නර්තන තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා… ඒ වගේම ඉදිරියේදි මගේ නංගි දහම්දි බෙර වාදන තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා……

ගායනය ප්‍රගුණ කළ ඔබ නිවේදනයටත් යොමුවෙන්න ඇතැයි මම සිතෙනවා….?

ඔව්.. අපි දෙන්නා නිවේදන කටයුතු සිදුකරනවා….මේ වෙනකොට අපි දෙන්නම නිවේදන සහ හඬකැවීම් පාඨමාලාවක් හදාරනවා. ඒ වගේම මම, නංගි පාසලේ පැවැත්වෙන විවිධ විශේෂ උත්සව අවස්ථාවලදී නිවේදන කටයුතුවල නිරත වෙනවා..

2023 සමස්ත ලංකා කනිෂ්ඨ අංශයේ සරල ගී වලින් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා.. තියෙනවා ඒ වගේම ජන ගායනා කලාප දිස්ත්‍රික් පළාත් ප්‍රථම ස්ථාන අපි දෙන්නම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා …දහම් පාසල් මවුපියගුණ ගායනා තරගාවලියේ කලාප මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථමස්ථානය ලබාගෙන තියෙනවා. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන සමස්ත ලංකා තරඟයකට සහභාගී වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා…..2024 වර්ෂයේ පළාත් සෞන්දර්ය කලා නිකේතන තරගාවලියේ ළමා ගී ගායන අංශයේ ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා…ඒ වගේම අන්තර් පාසල් ගායන තරඟවලින් තවත් ජයග්‍රහණ රාශියක් ලබාගෙන තියෙනවා…… ඒ වගේම මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී අංශයේ ඕ ශ්‍රේණියේ ගායිකාවක් ලෙස කටයුතු කරනවා. කුඩා කාලයේ ඉඳන් අපි දෙදෙනා කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කරනවා.. පළාත් මට්ටමේ ජයග්‍රහණය අපි දෙදෙනාම ලබාගෙන තියෙනවා…. කරතේ තරගවලින් රාශියකින් ප්‍රථම ස්ථාන ලබාගෙන අපි දෙදෙනාම පදක්කම් රාශියක් දිනාගෙන තියෙනවා…ඒ වගේම සඳහන් කරන්න ඕනෙ අපේ කරාතේ ගුරුවරයා රෝගී තත්වයක් හේතුවෙන් හදිස්සියේම අපි අතරින් වෙන්වී යනවා… අපේ අසංක දිනේෂ් ගුරුතුමාව අපි ආදරෙන් මතක් කරනවා….

නර්තනය , ගායනය, නිවේදනය යන අංශයන්ගෙන් වඩාත් කැමැත්තක් දක්වන අංශයක් තිබේද..?

මම වඩාත් කැමත්තක් දක්වන්නේ ගායන අංශයට … මගෙ නංගි දහම්දි වැඩි කැමැත්තක් දක්වන්නෙ නර්තන අංශයට…..

රංගනයට අවස්ථාව ලැබුණේ නැද්ද ….?

දැනට නම් නැහැ….අවස්ථාවක් ලැබුණොත් අපි ඉතාම ආසාවෙන් භාරගන්නවා.

හඬකැවීම් සඳහා නැඹුරුව කවරාකාරද …?

අපි හඬකැවීම් පාඨමාලාවක් හදාරනවා…..ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතුවලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා….

චිත්‍ර කලාවට ඇලුම් කරන්නේ නැද්ද….?

අපි දෙන්නම චිත්‍ර අඳීන්න හරිම ආසයි……විවේකයෙන් ඉන්න වෙලාවට අපි දෙන්නා pencil Art කරනවා..

ඔබේ කලා හැකියාවන් සඳහා පාසලින් ලැබෙන සහාය මොනවගේද …..?

මගේ පාසල මතුගම ඩී.ඩී ඇතුලත්මුදලි කනිෂ්ඨ විද්‍යාලය. ඇත්තටම මගේ පාසලෙන් මටත් නංගිටත් කලා කටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. සිරස වොයිස් කිඩ්ස් තරගාවලියේ මම තරඟ තරග වදින කාල වකවානුවේදී පාසලේ අධ්‍යාපන කටයුතු නිවැරැදිව කරන්න මට පාසලේ ගුරුවරු ගොඩක් උදව් කළා. ඒ වගේම විදුහල්පතිතුමා ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ හැම දෙනාටම ගොඩක් ස්තුතියි ඒ හැම දෙනාගේම සහයෝගය නිසා තමයි මම වොයිස් කිඩ්ස් තරගාවලියේ semi finale round දක්වා තේරී පත්වී පැමිණීමට හැකියාව ලැබුණේ .. තරගාවලියේ තරග වදින කාලවකවානුව තුළත් පාසල් වාර විභාගයෙන් ඉහළ ලකුණු ලබාගෙන පන්තියෙ පළවෙනියා වුණෙත්. මගේ පාසලේ ගුරුවරුන්ගේ සහයෝගය මට ලැබුණ නිසා..ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මගේ නංගි මට ගොඩක් පාසලේ අධ්‍යාපන වැඩ කටයුතු කරගන්න උදව් කළා එයාගේ සහයෝගය නැත්නම් මට පාසලේ අධ්‍යාපන කටයුතු අතපසු වෙන්න තිබුණා..අපේ කලා කටයුතුවලට පාසලෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා…

ඔබේ කලා හැකියාවන්ට ගුරුහරුකම් දුන් ගුරුවරුන් පිරිසකුත් ඇති…….?

ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පාසලේ සංගීත අංශය භාර චමිලා ගුරුමෑණියන් සහ නර්තන අංශය භාර ඩිලානි ගුරුමෑණියන් ඔවුන්ව ආදරයෙන් මතක් කරනවා…..ඒ වගේම මට වොයිස් කිඩ්ස් තරගාවලියේ ජයග්‍රහණ ලබා ලබා ගන්නට සහ මගේ සමස්ත ලංකා ජයග්‍රහණය ලබා ගන්නට මට ගොඩක් ගුරුහරුකම් ලබා දුන්න මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ සංගීත අංශය භාර ගුරුමෑණියන් වන අනුරාධා වෙරෝනිකා ගුරුමෑණියන්වත් ඉතාම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත අංශය භාර ගුරු මෑණියන්වන ශීලා සමරසේකර ගුරු මෑණියන්වත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම voice kid තරගාවලිය තුළින් මට හමුවූ, coach හර්ෂණ දිසානායකවත් ඉතාම ආදරයෙන් මතක් කරනවා…

මේ දිනවල සිදුකෙරෙන නවතම නිර්මාණ කාර්යයන් මොනවාද ….?

ඇත්තටම ඉදිරියේදී මගේම ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගීතයේ පද

රචනය Dr.  අසංක රුවන් සාගර මාමා ..ඇත්තටම අසංක මාමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අසංක මාමගෙන් ලැබුණු විශේෂ ත්‍යාගයක් තමයි මට මේ ගීතය.

ගීතයේ සංගීත අධ්‍යක්ෂණය Coach හර්ෂණ දිසානායක. ඉදිරියේදී මගේ ගීතය රසවිඳීන්න ඔයාලටත් අවස්ථාවක් ලැබේවි….

ඒ වගේම අපි දෙන්නගේ fb page eka – Suwandi & Dahamdi  ඒ තුළත් අපේ දක්ෂතා ඉදිරිපත් කරනවා.. මේ දවස්වල අධ්‍යාපන කටයුතුත් සමඟ කලා කටයුතුත් සිදුකරනවා

කලා ලොවේ අමතක නොවන සොදුරු මතකත් ඇති…..?

ගොඩක් ලස්සන මතක තියෙනවා කලා ලෝකයේ අපි දෙන්නට… voice kid පවුල ඇතුළෙ ලස්සන මතක තියෙනවා … අපි දෙන්නම පෙර පාසල් කාලයේ ඉඳන් කලා කටයුතු වලට සහභාගී වුණා …..ඉතින් මතක ගොඩක් තියෙනවා.

ලේඛන කලාවට ඔබ දක්ෂයි නේද …?

: මම කෙටිකතා ලියන්නත් කියවන්නත් ආසයි……ඒ වගේම දිස්ත්‍රික් මට්ටමේ කෙටිකතා ලිවීමේ තරගාවලියට මම මගේ කෙටිකතා පොතක් ඇතුළත් කරා. ඒකෙන් ප්‍රථම ස්ථානය ලබාගන්න මට හැකියාව ලැබුණා. මගේ කෙටිකතාවේ නම හිතුවක්කාර වලස් පැංචා

දහම් පාසල් නිසඳැස් තරගාවලියේ මවුපිය ගුණ නිසඳැස් ලිවීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබාගන්නත් මට හැකියාව ලැබුණා.

ඇත්තටම මම විනෝදාංශයක් විදිහට කරන්නේ පොත් කියවන එක. මම මේ වෙනකොට පොත් එකසිය පනහක් දෙසීයක් විතර කියවල තියෙනව මමයි නංගි පුස්තකාලයෙන් මාරුවෙන් මාරුවට පොත් අරගෙන අපි දෙන්න තරගයට පොත් කියවනවා. ඒ පොත්වල තිබ්බ දැනුම ගොඩක් වැදගත් වුණා වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා….. ඒවගේම මගේ ආසම ලේඛකයා ටී.බී.ඉලංගරත්න මහතා. ඒ වගේම මම කවි නිසඳැස් ලියන්නත් ආසයි….

කලාකටයුතුවලට ගෙදරින් ලැබෙන සහාය කොයිවගේද …….?

ඇත්තටම මට සහ නංගිට කලා කටයුතු වලට ගෙදරින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මගේ අම්මා, තාත්තා ලොකු අක්කා ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා…… මගේ ලොකු අක්කා මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන පළමු වසරේ ශිෂ්‍යාවක් ඉතින් එයා එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක අපි දෙන්නගෙ කලා කටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ තාත්තා ගැන සඳහන් කරොත් තාත්තා අපි වෙනුවෙන් ගොඩක් ලොකු කැපවීමක් ඔහු කරනවා. අම්මත් අපි අපේ කලා කටයුතු සඳහා ලොකු කැපකිරීමක් කරනවා. ඉතිං අපි දෙන්නගේ කලා කටයුතු ඉදිරියටම කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය අප්‍රමාණයි.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන ඉඟියක් දුන්නොත් …?

ඉදිරියටම මගේම කියල ගීත කිහිපයක් නිර්මාණය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතුවලින් ඉහළටම යන්න බලාපොරොත්තු වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව මනෝ වෛද්‍යවරියක් වෙන්න. – ඒවගේම දහමිදි නංගිගේ අනාගත බලාපොරොත්තුව නර්තන කථිකාචාර්යවරියක් වීම.

නර්තනයට, කරාතේ සටන් කලාවට මෙන්ම තවත් කලා හැකියාවන් රැසකින් යුතු නැඟණිය වන දහම්දි දුලන්‍යා කුමාරගේ දියණිය මෙසේ අදහස් දැක්වූවාය…

ඔබට නර්තන කලාව සඳහා දොරගුළු විවර වූ ආකාරය සිහිකළොත් …?

මම පෙරපාසල් කාලෙයේ සහභාගී වුණ consert  එකේ තමයි මම මුලින්ම නඥපටධපථ කළේ..ඉස්කෝලෙ පළමු වසරෙ ඉඳන්ම මම නර්තන අංග වලට ඉදිරිපත් වුණා… ඒ ආභාසයෙන් සහ මම නර්තනය හදාරන්නට ජතචඵඵ එකකට සම්බන්ධ වුණේ. එතැන් සිට මේ වෙනකොට භරත නාට්‍යම්, උඩරට නර්තන සම්ප්‍රදායන් හදාරනවා…..

නර්තනය තුළින් ජයග්‍රහණ එහෙමත් ලබාගෙන ඇති….?

බෙර වාදන ප්‍රථම ස්ථාන, සමූහ නර්තන ප්‍රථම ස්ථාන, ඒකල නර්තන තරග ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා..

බෙර වාදනයටත් ඔබ දක්ෂයි. එකී කුසලතාව ඔබට ලැබුණේ කාගේ හෝ ආභාසයකින් ද….? සහ එම දක්ෂතාව ඔප්නංවා ගත් අයුරු පැහැදිලි කළොත් ….?

ඒ ගැන සඳහන් කළොත් මෙහෙමයි මට මුල් වතාවට මගෙ උඩරට ගැටබෙරය මගෙ ආච්චි අම්මා විසින් මට තෑගි කරනවා… මම ඊටපස්සෙ බෙරවාදනයට ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නවා Dancing Class එකේදි වගේම පාසලෙන්. මම දිනපතාම බෙර වාදන පුහුණුවීම්වල නිරතවෙනවා ..ඉදිරියේදී බෙර වාදන තරඟවලට සහභාගී වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කරාතේ සටන් කලාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ….?

මම සහ මගෙ අක්කා කරාතේ ක්‍රීඩාවට යොමු වෙන්නෙ පාසල හරහා…. මගේ අසංක දිනේෂ් සර්ව ආදරයෙන් මතක් කරනවා ……ඔහු මේ වෙනකොට අපි අතරින් වෙන්වී ගොස් තියෙනවා….. මම චූටි කාලෙ ඉඳන්ම කරාතේ tounement  වල කුමිතෙ කාතා තරගවලට සහභාගී වෙලා ප්‍රථම ස්ථාන සහ පළාත් මට්ටමින් රන් පදක්කම් දිනාගෙන තියෙනවා…තරග රාශියකින් ජයග්‍රහණය කරලා තියෙනවා…

නර්තනය, බෙර වාදනය, කරාතේ ශිල්පීය යනාදී අංශයන්ගෙන් ඔබ වඩාත් කැමැත්තක් දක්වන විෂයයක් වේද…? එයට හේතුවක් තිබේද….? එම අංශයන් සියල්ලේම සංකලනයක් වූ දහම්දි දුලන්‍යා වන ඔබ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද……?

නෘත්‍ය කලාවට මම ගොඩක් කැමැතියි ….ඇත්තටම මම අධ්‍යාපන කටයුතු වලත් හොඳීන් නිරත වෙනවා, විෂය බාහිර කලා කටයුතුවලටත් සහභාගී වෙනවා ….මම ගැන මට සතුටුයි

ඔබේ පාසලෙන් සහ පවුලෙන් කලා හැකියාවන් ඔප්නංවා ගැනීමට ලැබෙන දායකත්වය මොනවගේද ….?

ඇත්තටම මගෙත්, අක්කාගෙත් කලා කටයුතුවලට ගෙදරින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මගේ අම්මා, තාත්තා ලොකු අක්කා ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා……මගේ ලොකු අක්කා මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන පළමු වසරේ ශිෂ්‍යාවක් ඉතින් එයා එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක අපි දෙන්නගෙ කලා කටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ තාත්තා ගැන සඳහන් කරොත් තාත්තා අපි වෙනුවෙන් ගොඩක් ලොකු කැපවීමක් කරනවා. අම්මත් අපේ කලා කටයුතු සඳහා ලොකු කැපකිරීමක් කරනවා. ඉතිං අපි දෙන්නගේ කලා කටයුතු ඉදිරියටම කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය අප්‍රමාණයි.

බෙර වාදනය, නර්තනය, කරාතේ ශිල්පිය ආදී ක්ෂේත්‍රයන්‍ ඒ සඳහා ගුරුහරුකම් දුන් ගුරුවරුන් පිරිසක් ඇති…ඔවුන්වත් සිහිපත් කළොත් …..?

ඔව් විශේෂයෙන් මගෙ පාසලේ නර්තන ආචාර්යතුමිය ඩිලානි හෙට්ටිආරච්චි ගුරු මෑණියන්වත්, නර්තන ආචාර්‍ය අසංක විතානගේ ගුරු පියාණන්වත් ආදරයෙන් මතක් කරනවා. අපි අතරින් අභාවප්‍රාප්ත වුණු මගේ කරාතේ ගුරුවරයා අසංක දිනේෂ් සර්වත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා..

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT