සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ එම්.ටී.වී / එම්.බී.සී සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන පර්යේෂක ලෙසින් කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍ය පර්යේෂකයකු මෙන්ම විශ්ව විද්‍යාලීය බාහිර කථිකාචාර්යවරයකු වන හෙතෙම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ICONIC AWARDS 2024 – Sri lanka සම්මාන ප්‍රදානයේදී 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍ය පර්යේෂකයා ලෙස එම්. සරත් කුමාර පෙරේරා මහතා THE BEST MEDIA RESERCHER OF THE YEAR සම්මානයෙන් ප්‍රථමවරට පිදුම් ලැබීය.
විද්‍යුත් මාධ්‍ය පර්යේෂණ ක්ෂෙත්‍රයේ ඉදිරි ගමන් මග වෙනුවෙන් තම තිස්වසරක ලත් පරිචය ඔස්සේ පුළුල් හැදෑරීමක අධ්‍යයනයක නිරතව සිටින ඔහු නව ගුවන් විදුලි මාධ්‍ය පර්යේෂණ ආකෘතියක් රටට හඳුන්වා දී තිබේ.
තත්කාලීන මාධ්‍ය මෙහෙවර පිළිබඳව ඔහු සමඟ කරන ලද සංලාපයකි මේ.
වත්මනෙහි සන්නිවේදනය ආශ්‍රිතව ඔබේ අදහස් කවරේද ?
මාධ්‍ය කලාව සැබැවින්ම ගැඹුරු විෂයයක්..මෙය මතුපිටින් සරලව ගතයුත්තක් නෙවෙයි..හැමෝම බලන්නෙ පැය අටේ ජොබ් එක. ගැඹුරින් කළයුතු දෙයක් අද කරන්න බලන්නේ මතුපිටින්..
ඔබ තිස්වසරක අත්දැකීම් ලද මාධ්‍ය පර්යේෂකයෙක්. ඒ පිළිබඳව කතා කළොත් ?
පර්යේෂකයා යනු සුවිශේෂී භූමිකාවක නිරත වූවෙක්. ඔහු තුළ නිරන්තරයෙන් අවිධිමත් බවක් තිබිය යුතුයි. අවදියෙන් පසුවිය යුතුයි. නිතර අප්ඩේට් විය යුතුයි. මගේ පර්යේෂක ගමන් මග ගැන බලනවිට කන්දක් නැග්ගා වගෙ ගමනක්. හැබැයි මේ කන්දෙ මම තවම කඳු මුදුනට ගිහිල්ල නැහැ. මහගිරිදඹේ මම ඉන්නෙ. මම තවම උඩ මළුවට ගිහින් නැහැ. මේ වනවිට මම තෘප්තිමත්. මා ලබන දැනුම රටට පිරිනමා තියෙනවා. මම සක්‍රීයව හා නිහඬව ජනතාව දැනුම්වත් කරනවා. එය තමයි මගේ කාර්යභාර්ය. විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන මාධ්‍ය පැත්තෙන් විශාල පිරිසක් ඉන්නවා. වැඩසටහන් නිෂ්පාදකවරුන් වගේම වැඩ සටහන් ප්‍රධානීන් බොහෝ පිරිසක්ද ඉන්නවා. ජනසන්නිවේදයකු නම් ඔහු තුළ පර්යේෂකයකු සිටිය යුතුයි. පර්යේෂකයා යනු අංක එකේ සොයන්නෙක්. සොයමින් බලන්නෙක්. මෙන්න මේ සංකල්පය තමයි මම ඉදිරියට රැගෙන යන්නේ.
ඔබගේ පර්යේෂණ විෂය ධාරාව පිළිබඳව හැඳීන්වීමක් කළොත් ?
සන්නිවේදන ආයතනයක ප්‍රධානියා තමයි පර්යේෂකයා. ගුවන් විදුලියේ ප්‍රධාන පර්යේෂණ පළමු අධ්‍යක්ෂක නන්දන කරුණානායක මහත්මයා. පසුව එතුමා අධ්‍යක්ෂ ජනරාල් වුණා. එතුමා හරහා පර්යේෂණවල අක්මුල් හදාරන්නට මට අවස්ථාව ලැබුණා වගේම එතුමා සමඟ මාධ්‍ය පර්යේෂණ අත්පොතක් ද කළා. ලංකාවට ජනවිඥාන සංකල්පය හඳුන්වා දුන්නෙ ආචාර්ය එඩ්වින් ආරියදාස මහත්මයා. අද මාධ්‍ය ලොව කතාබහ කෙරෙන්නෙ එතුමා හඳුන්වා දුන් දේවල්. එතුමාගේ ඇසුර දශක දෙක තුනක් ලද නිසා මට එතුමාගෙන් බොහෝ දේ ඉගෙන ගන්නට ලැබුණා. සන්නිවේදන ආකෘතින් එතුමා නිර්ලෝභිව මට කියාදුන්නා. සමාජ විද්‍යාවේ පර්යේෂකයා මහාචාර්ය නන්දසේන රත්නපාල. විද්වත් පරයේෂකයකු හැටියට මගේ ගුරුවරයා තමයි එතුමා. එතකොට භාෂා සන්නිවේදනය පිළිබඳව මහාචාර්ය ජේ.බී දිසානායකයන්..එතුමාගේ දැක්ම වූයේ සාර්ථක සන්නිවේදකයෙක් බිහිකිරීමයි. සන්නිවේදනයට පර්යේෂණයක් අවශ්‍ය බව පර්යේෂණ අංශයක් අවශ්‍ය බව එතුමා අවධාරණය කළා.ඒ වගේම එය පිහිටුවන්නට මුල්වුණා.
1994 දී ඔබ පර්යේෂණ ක්ෂෙත්‍රයට සිරසට සම්බන්ධ වුණා.
ඔව්. ශ්‍රි ලංකාවේ නව ගුවන් විදුලි ආකෘතියක් බිහිවුණා. කැපිටල් මහරාජා ආයතනයේ සිරිස ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ සන්නිවේදන කලාවට එකතු වුණා. එහිදි ආරම්භක වැඩ සටහන් පර්යේෂණ නිලධාරි විදිහට මම වැඩ බාරගත්තා.
නිවේදකයකු සතු කාර්ය භාර්ය පිළිබඳව ඔබ දකින ආකාරය කිවහොත් ?
නිවේදකයකුට වටින එකම දේ වචන. වචන යනු තොරතුරුයි. නිවේදකයා නිකම් වචන හරඹයක කාලය මරනවානම් එහි වටිනාකමක් නැහැ. මොකද තොරතුරු නැහැ. වචන විතරයි. නිවේදක කලාවේ ඇත්තේ වචන විතරක් නම් එය ඛේදනීයයි. මෙයට පිළිතුරක් විදිහට මම අවුරුදු පහක් තිස්සේ තොරතුරු සෙව්වා. පර්යේෂක තොරතුරු.ඒ අනුව මම සිරසේ පුස්තකාලයක් ආරම්භ කළා. මම මගේ පර්යේෂණ කටයුතු කළේ කන්ටේනරයක් තුළට වෙලා. හැමදාම උදේ නිවේදකයා මා හමුවන්නට එනවා. තොරතුරු ලබාගන්නට. මේ ආකාරයට නිවේදක කලාව ක්‍රමවත් කරන්න මට ලැබුණා. ඒ විතරක් නෙවි ප්‍රායෝගික ලෝකයේ ජීවිතයේ මූලාශ්‍රයයන් සෙව්වා. මාවතේ යාචකයාගේ සිට මහාචාර්යවරයා දක්වාත් සෑම ආයතනයකම ප්‍රධානීන් සමඟත් විශ්වවිද්‍යාල සිසුන් පාසල් දරුවන් සමගත් මම සම්බන්ධ වුණා..ඔවුන්ගේ අදහස් කතාබහ මම ගත්තා. එමඟින් නිවේදකයාට මම ආයුද සපයා දුන්නා.
නිමල් ලක්ෂපති ආරච්චි කියන්නෙ ගුවන් විදුලි සන්නිවේදනයේ ප්‍රායෝගික සන්නිවේදන වැඩකරුවෙක්. දක්ෂයෙක්. ඔහු මට මගේ කාරිය කරගෙන යන්නට උපරිමයෙන් මහපුදුම නිදහසක් ලබා දුන්නා. ඒ නිසාම සිරස, එම්.බී.සී හා එම්.ටී.වී ප්‍රධාන පර්යේෂකයකු හැටියට මම වැඩ කළා.
අප රටේ සන්නිවේදන ආයතන ගැන කතා කළොත් ?
අද අප රටේ ගුවන් විදුලි නාලිකා 51 ක් තියෙනවා. සිංහල ඉංග්‍රීසි හා දමිළ මේ 51 ට අයිතියි. රූපවාහිනී නාලිකා 23ක් තියෙනවා. අප පර්යේෂක මෙවලම් ආකෘතිය තුළ ඉහළ ආසියා කලාපයේ ඉහළම තැනෙක ඉන්නවා. නමුත් මේ තාක්ෂණය සමග වැඩකරන තාරුණ්‍යය තොරතුරු දැනුම අතින් දුර්වලයි.එය ඉතාම කනගාටුදායකයි. ඊට හේතුව පර්යේෂක ඇසුරක් ඒ නාලිකා තුළ නොමැතිවීමයි.හදන්න කෙනෙක් නැහැ. කියාදෙන්න කෙනෙක් නැහැ. මයික් වලට කතා කරනවා. නමුත් නිර්මාණසිලි බවක් නැහැ. ඔවුන් සතුව කුසලතාව මිසක් දැනුම නැහැ. අපේ රූපවාහිනී නාලිකා තොරතුරු නැතිව විශාල කුසගින්නක ඉන්නා බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රකාශ කළා.
සන්නිවේදන පර්යේෂණ හිඟතාවයට හේතුව කුමක්ද ?
මාධ්‍ය පර්යේෂණ අංශ වහලා. ගුණාත්මක වැඩ සටහන් වගේම ගුණාත්මක තොරතුරු දෙන්න අපට මගක් නැහැ. පර්යේෂණ නියමුවෝ අද නැහැ. ඉබාගාතේ මාධ්‍ය පර්යේෂණ කලාව යනවා. කොටින් ම පර්යේෂණ කලාව කැලයට දමලා.
තාක්ෂණය තියෙනවා. කියවාගන්න දැනුම නැහැ.එයයි බරපතළ තත්ත්වය . ගුවන් විදුලිය තුළ බිහිවිය යුත්තේ නිවේදකයන් නොව සන්නිවේදකයන්..ශ්‍රාවකයාට මනාසේ දැනුම ලබාදිය යුතුයි. ශ්‍රාවකයාට දෙන දෙය කවුද පරික්ෂාවට බඳුන් කරවන්නේ..? මේ පිළිබඳව සාරවත් කතිකාවක් ඕනෑ. ඇත්තම කියනවානම් බාල අරුත්සුන් කාලය කා දමන ගුවන් කාලයක් අපට තියෙන්නේ.අපත් ඉතිං බැණ බැණ ඒකම අහනවා.
සන්නිවේදනය හා විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව ඔබ දකින ආකාරය කෙබඳුද ?
විශ්වවිද්‍යාලය කියන්නෙ දැනුම අලුත්වන තැනක්. බුද්ධිමය පැත්තෙන් ගත්කළ දරුණු කඩාවැටීමක්. එහි සිසුවා අලුත් අලුත් දේ සොයන්නෙක් විය යුතුයි. පර්යේෂකයකු විය යුතුයි. නමුත් විශ්වවිද්‍යාල සිසුවා සම්ප්‍රදායික පොත්පත්වල. ගුරුවරු විතරයි ඉන්නේ. එහෙත් තාරුණ්‍යයේ පසුවන ගුරුවරු ඉන්නවා. පර්යේෂණ සමඟ වැඩ කරන්න ඇති කැමැත්තෙන්. එය හොඳ ප්‍රවණතාවක් හැටියට මම දකින්නේ.
ඔබ ඔබගේ වෘත්තිය මට්මින් ලද හරසර සම්මාන පිළිබඳව කතා කළොත්…?
මට පළමු සම්මානය ලැබුනෙ 1997 දි. නීති විද්‍යාලයෙන් ලද යුක්ති ප්‍රණාම සම්මානය.. දෙවැන්න උණ්ඩා සම්මානය. ඉන්පසු හිදයු ෂිම්ෂුම් සම්මානය.ශ්‍රමාභිමානී සම්මානය.අයිකොන් සම්මානය ..පසුගිය වසරේදි විශිෂ්ටතම පර්යේෂකයාට හිමි සම්මානය ලැබුවා..1994 – 2019 දක්වා සිරස මාධ්‍ය ජාලයට වසර 25 ක් තිස්සේ ඉටුකළ මෙහෙවරට මට රන් සම්මානයකින් පුදනු ලැබුවා. මගේ සන්නිවේදන ගමන් මඟ තුළ පර්යේෂකයකු හැටියට කරන ලද කාර්යභාරය වෙනුවෙන් ඹ්ර්‍ණර්‍ණව් ඒඑඒඅච් සුවිශේෂී සම්මානය වගේම සම්මාන රැසකින් පිදුමට බඳුන් වුණා..දැන් මම විශ්‍රාමිකයි. ඒත් ඕනෑම විටෙක සන්නිවේදන ක්ෂෙත්‍රයේ ප්‍රගමනයට ඕනෑම විටෙක කැපවන්නට මම සුදානම්.
අමල් යශෝමන් ජයසිංහ