Home » සත්‍යය ජනගත කළ හැකි එකම මාධ්‍යය නාට්‍ය කලාව

සත්‍යය ජනගත කළ හැකි එකම මාධ්‍යය නාට්‍ය කලාව

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක

by Thanushika
March 27, 2025 12:56 pm 0 comment

වේදිකාව..ටෙලි නාට්‍යය..සහ සිනමාව යන කලා මාධ්‍ය ත්‍රිත්වයේහි නිෂ්පාදකවරයකු.. නළුවකු..තිරපිටපත් රචකයකු ..අධ්‍යක්ෂවරයකු…ආදියෙහි නිරතව බොහෝ තැන් හදාරමින් වඩාත් නාට්‍ය ක්ෂෙත්‍රයට නැඹුරුව දිගු ගමනක පසුවන ඔහු..සම්ප්‍රදායික පාස්කු නාට්‍යය සම්මතයෙන් ඔබ්බට යමින් කතෝලික නාට්‍ය කලාවට නව අරුත් සපයන්නේය..

කතෝලික නාට්‍ය කලාවෙහි සම්මත සංගීත රටාවෙහිද කිසියම් ආකාරයක වෙනසකට බඳුන් කැරෙමින් ඔහු අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම වේදිකා නාට්‍යය “ජේසුස් මනුෂ්‍ය පුත්‍රයා” නමැති වේදිකා නාට්‍යය නිර්මාණය පසුගිය 19 සහ 20 යන දෙදින පස්වරු 4.00 ට සහ 7.00 ට කැලණිය විශ්ව විද්‍යාලීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී වේදිකා ගතවෙයි..ඒ පිළිබඳව මෙකී නාට්‍ය කෘතියේ නිර්මාණකරුවා වන ප්‍රවීණ නාට්‍යවේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකයන් සමඟ කරන ලද සංලාපයකි මේ..

මෑත යුගයේ විශ්වවිද්‍යාල සිසු පිරිස එකතු කරගනිමින් සිදුකැරෙන නාට්‍ය නිර්මාණයන් කිසියම් ඇල්මැරුණු ස්වභාවයක් නේද දක්නට තිබෙන්නේ..?

මෙහෙමයි..නාට්‍ය පිළිබඳව විශ්වවිද්‍යාල දරුවන් අතර පමණක් නොවෙයි බොහෝ අය අතර නාට්‍ය ලොකු උනන්දුවක් තියෙනවා.. විශේෂයෙන් තරුණ පිරිස අතර..ඒත් කෝ අපට රඟහලක්…කෝ ඒවෙනුවෙන් යම් සවියක්..මේ කාරිය හරියට පර්යේෂණාගාරයක් නොමැතිව පර්යේෂණ කරන විද්‍යාඥයකු වගෙයි.. විශ්වවිද්‍යාල පරිපාලනයෙන්වත් අපට උදව් නැහැ..නමුත් නාට්‍ය නිර්මාණ පිළිබඳ දරුවන්ට හොඳ උනන්දුවක් දකින්න තියෙනවා..රාජ්‍ය මට්ටමින් නාට්‍ය කලාවට උදව් නැහැ..අපට ලයනල් වෙන්ඩ්ට් රඟහල තියෙනවා..ඒත් එයද පෞද්ගලිකයි..තෙල් පෝලිම් නැති…නමුත් නාට්‍ය සෞන්දර්ය වෙනුවෙන් පෝලිම් තිබිය යුතු බව ජනාධිපතිතුමා පවා කිව්වා..රඟහල් හැදුවොත් සෞන්දර්යාත්මක පුරවැසියන් බිහිවේවි..සෞන්දර්ය වෙනුවෙන් පෝලිම් බිහිවිය යුතුයි..සෞන්දර්ය සිතුම් පැතුම් ඇති පුරවැසියන් බිහිකරන්නට නම් ප්‍රාදේශීය පාසල්වල පවා නාට්‍යශාලා ඉදිවිය යුතුයි..කනගාටුවට කාරණයක්..අපේ රටේ සිනමාශාලා හාරසියයක් පමණ තිබුණා..එය දැන් 84ට බැහැලා…සිනමාශාලාවල රාත්‍රි දර්ශනත් නැතිව ගිහින්..මගේ හැඟීම ඉතිහාසයට සහ නාට්‍ය කලාවට රජය මැදිහත් විය යුතුයි..

ඔබ වේදිකාව රූපවාහිනිය හා සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයටම සම්බන්ධයි..ඒ පිළිබඳ කතා කළොත්…?

මගේ පාසල් ජිවිතයේ සිට විශේෂයෙන් නාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දිගු ගමනක පසුවෙනවා..

කෙටියෙන් කිවහොත් තිස්ස අබේසේකර වෙතින් රංගනය හා තිර රචනය පිළිබඳ හැදෑරුවා…වසන්ත ඔබේසේකරයන් වෙතින් තිර පිටපත් රචනය පිළිබඳ වඩාත් හදාරන්නට වුණා..ගාමිණි හත්තොට්ටුව..ධම්ම ජාගොඩ…සෝමලතා සුබසිංහ ආදීන් හරහා එක් එක් ශෛලිගත වේදිකා නාට්‍ය පිළිබඳව විශාල පරාසයක් හඳුනාගන්නට ලැබුණා..

ධම්ම ජාගොඩගේ ටෙලි නිර්මාණවල වගේම වසන්ත ඔබේසේකරයන්ගේ “රෝගියා” ඒකාංගික ටෙලි නාට්‍යයේත් …තිස්ස අබේසේකරයන්ගේ වනසරණ …එතකොට සෝමලතා සුබසිංහගේ විකෘති ආදී තවත් නිර්මාණ රැසකට දායක වුණා…රඟපෑමට වඩා මම වසන්ත ඔබේසේකරයන්ගෙන් තිර පිටපත් රචනය පිළිබඳ වඩාත් හොඳීන් හැදෑරුවා..විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් මම ලලිත කලා හැදෑරුවේ.. එහිදි සිනමාව උගන්වන්න ආවේ වසන්ත ඔබේසේකරයන්..මා තෝරා ගත්තේද සිනමාවයි..තිර රචනය පිළිබඳ ඔහුගෙන් පුහුණුව ලබා…ඔහුගේ චිත්‍රපට තුනක මම තිර පිටපත් රචකයා බවටත් පත්වුණා.

ඔබගේ නවතම නාට්‍ය නිර්මාණය පිළිබඳව කතා කරමු…

මගේ වේදිකා නාට්‍ය නිර්මාණය “ණඥඵභඵ මනුෂ්‍ය පුත්‍රයා…” මෙය අපේ විජිත් රොහාන් ප්‍රනාන්දු ගේ රචනයක්…ජේසුස් අප අතර සිටිමින් අරගලයක යෙදුණු කෙනකු හැටියට මේ නිර්මාණයේ ජේසුස් ව පෙනේවි..මේ නාට්‍ය නිර්මාණය මීට වසරකට පමණ ඉහතදී නිෂ්පාදනය වුණේ …භක්තිමත් කතෝලික බැතිමතුන් සම්ප්‍රදායිකව දුටු ජේසුස් වෙනුවට සමාජ සංශෝධනයක් වෙනුවෙන් අරගලයක යෙදුණු විප්ලවවාදී ජේසුස් කෙනකු තමයි මෙහිදී දක්නට ලැබෙන්නේ..මේ නිර්මාණයේ රචනය ගැන කීවොත් ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ විජිත් රොහාන් ප්‍රනාන්දු ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධන යේ කොටසකට කළ රචනයක්. එහි ගැබ්වූ අරමුණු හා මගේ අරමුණු හා සැසඳුණා. විජිත් මේ නාට්‍ය රචනය සඳහා තෝරාගෙන තිබුණේ ක්‍රිස්තු චරිතයේ උපත පිළිබඳව සඳහන් කතා මාලා හතරක් ගැනයි. එය බයිබලයේ තිබෙනවා. එහි මාර්කොස් විසින් ලියන ලද කොටසක් තමයි විජිත්ගේ රචනාවට පසුබිම්ව තිබෙන්නේ.. නමුත් ක්‍රිස්තුස් තුමන් ජීවිත කාලය පුරාම කාන්තාවන්ට උදව් උපකාර කොට තිබෙනවා. ඒ වගේම එතුමා වටා කාන්තා පිරිසක්ද සිටියා. ඔහුගේ මරණය අවස්ථාවේදි අනුගාමික පිරිමින් සියලු දෙනා පලාගොස් සැඟව ගත්තා..කාන්තාවන් පමණයි ඉතිරිවුණේ. එය මෙහි ඉදිරිපත් කෙරෙනවා.

⁣ණඥඵභඵ මනුෂ්‍ය පුත්‍රයා නමැති ඔබේ මෙම නාට්‍ය නිර්මාණය පිළිබඳ කතෝලික සභාවෙන් හෝ එහි වෙනත් බලධාරියකුගෙන් අවසරය ගත්තාදැයි මම ඇසුවොත්..?

මොකක් වෙනුවෙන් ද අවසරයක් නැහැ එහෙම අවසරය ගැනීමක් වුණේ නැහැ..එය අවශ්‍යද නැහැ.. මනමේ හදද්දි මහාචාර්ය සරච්චන්ද්‍රයන් පැවිදි උතුමන්ගෙන් අවසරය ගත්තේ නැහැනෙ…අප මේ නාට්‍යයෙන් විකෘතියක් රටට කියනවානම් අන්න ඒක වැරදියි.. ජේසුස්ගේ මාතෘ භුමිය පලස්තීනය…නමුත් රෝමය පලස්තීනය ආක්‍රමණය කරනවා..පූජකයන්ට විරුද්ධව අරගල කරනවා. ඒ විප්ලවවාදී බව නිසාම පූජක පක්ෂය විසින් ජේසුස්ව පාවාදීම ගැනයි මින් කියැවෙන්නේ.

මේ මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යයේ ඔබගේ අරමුණ පැහැදිලි කළොත්…?

අප රටේ පසුගිය ජන අරගලයත් සමඟ විශාල සමාජ පරිවර්තනයක් සිදුවුණා. දේශපාලනිකව සක්‍රීය වුණා. එය ජනතාවගේ හදවතින්ම එළියට ආ හැඟීමක් මිසක් කිසියම් බලපෑමකට හෝ ක්ෂණිකව හෝ සිදුවූවක් නොවෙයි. එවැනි දේශපාලනික පරිවර්තනයක් සිදුවන්නේ කෙසේද කියන අදහස මත නාට්‍යයක් කිරීමේ උවමනාවක් අපට ඇතිවුණා. මනුෂ්‍ය පුත්‍රයා නිර්මාණය වුණේ මීට වසරකට පමණ ඉහතදී. කෙටියෙන් කියනවානම් අද පවතින දේශපාලන වෙනස්කම් ඇති කිරීම වගේම අද පවතින දේශපාලන වෙනස පිළිබඳ විග්‍රහයක් තමයි මේ නාට්‍යය නිර්මාණයෙන් කියැවෙන්නේ. ජේසුස් ගේ ඝාතනය මේ නිර්මාණය තුළින් කියැවෙන්නේ නැහැ. මොකද මේ නිර්මාණය ජන නාට්‍යයක් නොවන නිසා.

මේ මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යය රුහුණු විශ්වවිද්‍යාලය නැරැඹුවා. සාමාන්‍යයෙන් කතෝලික අය දකින ජේසුස් මේ නාට්‍යයේ නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් මෙහි ඉන්නේ. දේශනාත්මක ස්වරූපයක් මෙහි නැහැ. ජේසුස් තමන්ගෙ අනුගාමිකයන් සමඟ කරන සංවාදවලින් එතුමාගේ දර්ශනය එළිදරව් වෙන්නේ. සාමාන්‍ය කතාව නම් ජේසුස් ගේ අනුගාමිකයන් පිරිමි අයයි. නමුත් මෙහි කාන්තා අනුගාමික පිරිසක්ද ඉන්නවා. එම කාන්තාවන් අවසානය දක්වාම ඉන්නවා. ජේසුස් මියගියාම රෝම අධිරාජයා පූජකයන් ඝාතනය කර දමනවා. සමහරු හැංගෙනවා. කාන්තාවන් ඉතිරි වෙනවා..එතැනදී මාර්කෝස් තොරතුරු ලබා ගන්නේ කාන්තාවන්ගෙන්..

සමාජ සංස්කෘතිය වෙනස් කිරිමේ අරගලයක. ජේසුස් දූෂිතයන් එළවා දමනවා. රෝම අධිරාජයාට දූෂණයට භීෂණයට එරෙහිව විප්ලව කරනා කෙනෙක් තමයි ජේසුස්.

අපේ රටේ වෙනස පේනවානෙ..නේද..මේ පවතින තත්ත්වය සමාජ පරිවර්තනය පෙන්නුවේ අපියි.. අපි මේ නාට්‍යය නිර්මාණය පෙන්නුවේ මින් වසරකට පෙරදීයි…

එහි එක් මොහොතක් තමයි ජේසුස් කියන්නේ.. පාස්කු නාට්‍යවල නොදකින දේ මෙහි තියෙනවා..ජේසුස් ගේ ගැටුම තිබුණේ අනුගාමිකයන් සමඟ.. අනුගාමිකයන් ජේසුස් ව බේරාගත්තේ නැහැ…විප්ලවයේම පසුවුණා විනා ජේසුස් ද තම ජීවිතය බේරාගන්න වෑයමක් කළෙත් නැහැ.. ඉතින්..මේ පරිවර්තනය මේ වෙනස මිනිසුන් කළේ ගැඹුරින් අවබෝධයෙන් තේරුම් ගෙන නෙවෙයි..මිනිසුන්ගේ ජිවිත පරිත්‍යාගය ද මෙහි කියැවෙනවා..

මේ නාට්‍ය නිර්මාණය සැබැවින්ම සමාජ වෙනසක් පිළිබඳ සිදුවන කතිකාවක් යැයි කීවොත් නිවැරැදියි නේද…?

වේදිකා නාට්‍යයක් කියල කියන්නේ ජනතාවට වඩාත් සමීපව කතා කරන දෙයක්..වේදිකා නාට්‍යයක් කියන්නේම සජීවිව මිනිසුන් සමඟ සමිපවම සිදුකැරෙන ක්‍රියාවලියක්..චිත්‍රපටයට.. ටෙලි නාට්‍යයට තාක්ෂණය යොදා ගන්නවා..නමුත් එම තාක්ෂණය නාට්‍යයට නැහැ…සියයට අනූවක්ම නාට්‍යයට යොදා ගන්නේ මිනිස් ශ්‍රමයයි…එයට බුද්ධියද එකතු කර ගැනෙනවා…එවිට එය කලාවක් ..මනුෂ්‍යයාට ඇති අවශ්‍යතා පිළිබඳව නාට්‍යය නිර්මාණකරුවා ඉවෙන් මෙන් අවබෝධ කර ගන්නවා..

නාට්‍යය කලාව තමයි සත්‍යය ජනගත කරන්නට හැකි එකම මාධ්‍යය..සමාජයේ වෙනස් වියයුතු තැන්…මොනවාද කියල කතා කෙරෙනවා..පසුගිය කාලයේදී පාලකයන්ගේ රසඥතාව තිබුණේ බින්දුවේ…ඒ වගේම යටගිය සමයේ රාජ්‍යකාරකාදීන් නාට්‍යය බැලුවේම නැහැ…මිනිසුන්ට හිතන්න. මිනිසුන්ට බුද්ධිමය ඥානය ලබාගන්නට පුළුවන්. එවිට මිනිස්සු පවතින සමාජය වෙනස් කරනවා.

බෞද්ධ, කිතුනු, මුස්ලිම් මේ සෑම ආගමක් දෙසම අප විවෘත ඇසකින් බලන්නට පුරුදුවන්නට ඕනා. එවිට දේශපාලකයාට මිනිසුන් අතර විරසකයක් ඇති කරවන්නට.එතැනට පත් කරවන්නට නොහැකියි..

ඔබගේ නිර්මාණ සහ ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන සඳහන් කළොත්…?

මම පිටපතක් අරන් ගැඹුරින් විමර්ශනයක යෙදෙනවා…කාලය ගැන නෙවි පිටපත පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙනවා..සම්භාව්‍ය නාට්‍යයට අත ගහන්න මිනිස්සු බයක් නැහැ…මනමේ පෙන්වන කාලෙ ඇන්ටන් චෙකොෆ්ගෙ නිර්මාණ බිහිවුණාම සරච්චන්ද්‍රයන් ඒවාට අත ගැසුවේ නැහැ..

මෙයද කිවයුතුයි. රජයේ ඉදිරි කාර්යයන් අතර නාට්‍ය කලාවට රජය මැදිහත් විය යුතුයි..මිනිසුන් තුළ ආර්ට් එක හැදිය යුතුයි. සෞන්දර්ය මිනිසුනට බද්ධ කළ යුතුයි.

මගේ අනාගත බලාපොරොත්තුව හැටියට ඉදිරි වසර දෙක තුන තුළ සිනමා නිර්මාණයක් සහ නාට්‍යය නිර්මාණයක්ද කිරීමට බලාපොරොත්තුව ඉන්නවා…

“ජේසුස් මනුෂ්‍ය පුත්‍රයා” වේදිකා නාට්‍යයේ පාත්‍ර වර්ගයා ….”

කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යයනාංශයේ නවෝද්‍යා සංකලනී…නිපුණි සඳුනිකා..මරියා 1..බුද්ධි අමරදිවාකර මරියා 2..බුද්ධිනී මහේෂිකා..බර්තිමේයස්..නිශාන්ත කුමාර…ස්නාවක ජොහාන්..ලක්මාල් රනරාජ..මාර්කෝස් හසින්ත මදුමාල්…පූරක 01..පූර්ණජිත් අනුරාධ..පූරක 02.. සඳුනි නවාංජනා..පූරක 03 චානක රුක්ෂාන්..පූජක 01 මනීෂ දුක්ගන්නාරාල පූජක 02 උපුල් ආරියරත්න ..හේවායා..01 ටිතිර උක්සිත..හේවායා 02 ඉමේශ් අත්තනායක.

පෙළ මතක් කිරීම..

එරන්දි සහ මනෝජා නිත්‍යාංජලී..

ශබ්ද පරිපාලනය…තාරුක සුගන්ධ…වේදිකා පරිපාලනය…පූර්ණජිත් අනුරාධ…ටිතිර උක්සිත..උපුල් ආරියරත්න… වේදිකා කළමනාකරණය..සහය තරිඳු ජයසිංහ … නිෂ්පාදන සහාය…ගයාන් රන්දීර…ඡායාරූපකරණය…සහ ප්‍රචාරණ නිර්මාණය රවින් පූර්ණක…අංග රචනය…රන්දික ටිෂාන්…රංගාලෝක නිර්මාණය …සම්පත් පෙරේරා …රංග වස්ත්‍රාභරණ..නිර්මාණය මහේෂ් උමගිලිය…රංග වින්‍යාසය..ප්‍රියංකර රත්නායක…සංගීත නිර්මාණය ළහිරු මාඩිවිල..නිෂ්පාදන සැලසුම්කරණය..සම්පත් පෙරේරා…වේදිකා කලමනාකරණය…සහ නිෂ්පාදන කලමනාකරණය…සංජිව

රචනය…විජිත් රොහාන්.. අධ්‍යක්ෂණය… ප්‍රියංකර රත්නායක…නිෂ්පාදනය ..විජිත් රොහාන් සහ කැලණිය විශ්වවිද්‍යාලය..ඉදිරිපත් කිරීම…බටහිර සම්භාව්‍ය සංස්කෘති සහ ක්‍රිස්තියානි සංස්කෘතික අධ්‍යයනාංශය සහ ක්‍රිස්තියානි නාට්‍ය හා රූපවාහිනී අධ්‍යයනාංශය..කැලණිය විශ්වවිද්‍යාලය..

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT