ශ්‍රී ලාංකේය, ඉන්දියානු විදේශීය සහයෝගීතාවයෙන් නිර්මාණය වූ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘නීරු පූත්ත නෙරුප්පු’ සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි.
දකුණු ඉන්දියාවේ කීර්තිමත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ නළුවෙකු වන බෝස් වෙන්කට් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, එය ඔහුගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටයයි. කීර්තිමත් ප්‍රවීණ දකුණු ඉන්දීය චිත්‍රපට නළු ජී.එම්. කුමාර් බෝස් වෙන්කට්ගේ පුත් තේජු වෙන්කට්ගේ සිනමා ආගමනය සනිටුහන් වනුයේ මෙම චිත්‍රපටය හරහාය.
තේජු වෙන්කට් මෙම චිත්‍රපටය හරහා සිංහල සහ ඉන්දියානු සිනමාවට හඳුන්වා දෙනු ලැබේ. ලාංකේය ප්‍රවීණ හා දක්ෂ දෙමළ නළු නිළියන් සහ සිංහල සිනමාවේ කීර්තිමත් කලාකරුවන් “නීරු පූත්ත නෙරුප්පු” හි චරිත නිරූපණය කරති. ප්‍රවීණ දකුණු ඉන්දීය නළු නිළියන් වන බෝස් වෙන්කට්, ජී.එම් කුමාර සහ සිනමාවට හඳුන්වා දෙන තේජු වෙන්කට්, අරවින්දන්, සමඟ ලාංකේය නිළි තර්ෂි ප්‍රියා, එල්රෝයි අමලතාස්, ජෙරාඩ් නොයෙල්, වගීෂා හංසිනී සල්ගාදු, සහ ග්‍රේස් තෙන්නකෝන්, මහේන්ද්‍ර වීරරත්න රංගනයෙන් එක්වෙති. යාපනයේ විසූ කීර්තිමත් දෙමළ දේශපාලනඥයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ චරිතය ඇසුරු කරගනිමින් මෙම පර්යේෂණ, පිටපත, සංවාද සහ අධ්‍යක්ෂණය දේවින්ද කෝන්ගහගේගෙනි. රේඛීය නිෂ්පාදනය ශිරන්ත අමරසිංහගේ වන අතර, සංගීත අධ්‍යක්ෂණය සහ තනු නිර්මාණය බිබිලදෙණියේ මහානාම හිමිගෙනි, ගී පද රචනයෙන් අස්මින් උතුමාලෙබ්බේ (පොතුවිල් අස්මින්) සහ ගීත ගායනයෙන් ම්ඪතථඪඵඩච කචචලඩඪඵචඪ, ෂධීර් අහමඩ් එක්වෙති.

