මෙරට කලාවේ නාට්‍ය හා රංගනය පිළිබඳ ඉගැන්වීමේ පරිපූර්ණ ආයතනයක අඩුවක් කාලාන්තරක පටන් ඇති බවක් නිරන්තරයෙන් අසන්නට ලැබිණි. බොහෝ විට මෙම අඩුව සපුරා ගනු ලැබුවේ විවිධ වැඩමුළු ආශ්රයෙන් වීම විශේෂත්වයක් විය. කෙනෙකුට සහජයෙන් මෙම හැකියාව තමන් තුළ පැවතියද මෙය අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතු විෂයක් වීම නිසාම මෙවැනි ආයතනයක වැදගත්කම තදින්ම දැනෙන්නට විය. කලක පටන් වචනයට පමණක් සීමා වී තිබූ නාට්‍ය පාසලක අවශ්‍යතාවය අද වෙනකොට සැබෑවක් බවට පත්වී ඇත. කලා ක්ෂේත්රයේ සංස්කෘතික මිනිසුන්ගේ මහ ගෙදර වූ සුදර්ශි හි මෙම පාසල මේ වන විටත් ස්ථාපනය කොට ඇත. සුදර්ශි ඇක්ටින් ඇකඩම් ලෙස නම් කොට ඇති මෙම පාසල මගින් යෞවන පරපුරට නාට්‍ය ක්ෂේත්රයේ රැඳී සිටින්නන්ට අභ්‍යාස මඟින් දැනුම ලබාදීම මෙහි මූලික අරමුණ වී තිබේ. වසර 72ක් පැරණි සුදර්ශී ආයතනයේ පිහිටා ඇති ලංකාවේ පළමු නාට්‍ය හා රංගන අභ්‍යාස ආයතනය එහි අධ්යක්ෂ ලෙස කටයුතු කරන ප්‍රවීණ රංගන ශිල්පී නාට්‍ය අධ්යක්ෂ පිටපත් රචක, නාට්‍ය නිෂ්පාදක කිංස්ලි ලෝස් මහතා හා එහි පාඨමාලා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ප්‍රවීණ රංගන ශිල්පී නාට්‍ය අධ්යක්ෂ හා නාට්‍ය හා සංගීතය පිළිබඳ කථිකාචාර්ය දයා ශශ්‍රී නරේන්ද්‍ර මහත්වරුන් හා පැවති කතාබහකි මේ.
නාට්‍ය හා රංගනයට ලංකාවේ පළමු වරට ස්ථාපිත කළ මෙම සුදර්ශී ඇක්ටින් ඇකඩමිය හරහා ලබාදෙන පාසලේ විශේෂත්වය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ඇක්ටර් නැත්නම් රංගනය නළුවා කියන අර්ථයට ව්ඍQ ලෙවල් එකක් ජාතික වෘත්තීය සුදුසුකමක් ඇති කරලා තිබුණා. ව්ඍQ 4 මට්ටමේ මෙම මට්ටම උසස් පෙළට වඩා ඉහළ මට්ටමක්. ඒ නිසා අපි අදහස් කළා නළුවා රංගන වෘත්තීය කියන එක ඒ මට්ටමට හදලා තිබුණ නිසාම ඒ විෂය නිර්දේශයත් පාදක කරගෙන තෘතීක අධ්‍යාපන කොම්ෂන් සභාවේ අපේ සුදර්ශී ඇක්ටින් ඇකඩමිය ලියාපදිංචි කර ඔවුන්ගේ අනුමැතිය ඇතිව රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඩිප්ලෝමා මට්ටමේ සහතිකයක් ලබාදෙන්න අපි අදහස් කළා වසරක් තුළ රංගන වෘත්තීය පිළිබඳ අධ්‍යාපනයක් ලබා දෙන්න වසරක් තුළදී ආවරණය වන පරිදි තෘතීක අධ්‍යාපන කොමිසන් සභාවේ නියමයන්ට අනුව පැය 1500ක් ඉගැන්වීමේ කටයුතු සිදුකළ යුතු වෙනවා. මේ ඉගැන්වීමේ කාලය න්‍යායාත්මක, ප්‍රායෝගික, අභ්‍යාස, ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආවරණය කළ යුතු වෙනවා. මෙම ඩිප්ලෝමාව කරන අයට තවත් ආකාරයක විශේෂ වාසියකුත් සිදුවෙනවා. ව්ඍQ 4 මට්ටම තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ලබා ගැනීමට හැකිවන අයුරින් මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය සකසා තිබෙන නිසාවෙන් ඒ මට්ටම ලබාදීමට අපි කටයුතු කරනවා වගේම මේ පාඨමාලාව හදාරණ අයෙකුට ඒ ලෙවල් එක ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කළ හැකි වෙනවා.
මේ පාසලෙන් ඔබ ඉලක්ක කළේ?
නව පරපුරේ සිටින කලාවට කැමති ඕනෑම අයෙකුට පරිපූර්ණ විෂය නිර්දේශයක් යටතේ පළමුවරට සුදර්ශීය හරහා මේ පාසල පවත්වන්න තමයි අපි සැලසුම් කළේ.
කොයි ආකාරයෙන්ද පාසල තුළ විෂය නිර්දේශය සැකසී තිබෙන්නේ?
මේ ඩිප්ලෝමා පාඨමාලාව සැකසී තියෙනවා විෂයන් එකොළහක් ඇතුව. ඒ තුළ රංගනය පිළිබඳව පමණක් නොවෙයි නාට්‍ය තියටර්, කලා අධ්‍යක්ෂණය, සංගීතය, කැමරාකරණය ලෝකයේ ඇති රංගන ශිල්ප ක්‍රම, රංගන ශිල්ප අභ්‍යාස, ලිඛිත පැවරුම් ලෝක ප්‍රකට නාට්‍ය නැරඹිම තුළ ඒ තුළින් ලබා දෙන විඥානික දැනුම ආදි මාතෘකා ගණනාවක් ඇතුළත් වෙනවා. මේ පාඨමාලාවේ තවත් තියෙන විශේෂත්වයක් තමයි ප්‍රායෝගික අභ්‍යාස ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් බොහොමයි. මේ අයුරින් පාඨමාලාවේ අන්තර්ගතව පරිපූර්ණ පාඨමාලාවක් ලෙස අපි මේ ඇකඩමිය හරහා ලබාදෙන පාඨමාලාව මේ වනවිට ජනගත කරලා තියෙන්නේ.
පැය 1500ක් පුරා පවත්වන මෙම පාසල කොයි ආකාරයටද සැලසුම් කරලා තියෙන්නේ?
මාස දොළහක් පාඨමාලාව පැවැත්වෙනවා. සතියකට දවස් දෙකක් වශයෙන් අවුරුද්දකට දින 104 ක් ලෙසින් දවසකට අපි පැය හතක් පාඨමාලා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා
ඊට අමතරව ගෙදරදී කරන්න පැවරූම් ලබා දීමක්, ප්‍රායෝගික අභ්‍යාස කිරීමක් නිවසේ සිට කරන්නන් ලබාදීමක් සිදු කරනවා.
සුදර්ශී ඒජබඪදඨ ඇකඩමිය ආරම්භ කළේ කොයි කාලයේද?
2025 සැප්තැම්බර් 04 වැනිදා මේ වෙනකොට අපේ පාඨමාලාව සාර්ථකව මාස පහක් පවත්වල තියෙනවා.
කොපමණ ශිෂ්‍ය පිරිසක් මෙහි අධ්‍යාපන කටයුතු සිද්ධ කරනවාද?
පළමු කණ්ඩායමට බැඳෙන්න ළමුන් විශාල ප්‍රමාණයක් ආවා. අපි සීමිත පිරිසක් තමයි මේ සඳහා බඳවාගන්නේ. මුල්’කණ්ඩායමට ඇතුළත් වුණා දරුවෝ තිස්පහක ප්‍රමාණයක්. මේ වන විට ක්‍රියාකාරීව අපිත් සමඟ හොඳ පුහුණුවක් ලබමින් ඉන්නවා. එයින් 25 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය පිරිසක්.
මේ සඳහා දරුවන් ඇතුළත් කර ගැනීම සීමා කරන්න හේතුවක් තියෙනවද?
තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූලව තමයි මෙය පවත්වන්නේ. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශයක් තියෙනවා පන්තියක සිටිය යුතු පිරිස් ප්‍රමාණය ඒ සඳහා ඔවුන් නිර්දේශ කර තියනවා ළමුන් 25ත් 50ත් අතර ප්‍රමාණයක් සිටිය යුතුයි කියා.
සුදර්ශී ආයතනය තුළම මෙවැන්නක් පටන් ගැනීමේ අරමුණ මොකක්ද?
සුදර්ශියට දැන් අවුරුදු 72ක්. සුදර්ශීය කියන්නේ හැම කලාකරුවෙක්ම පය ගහපු බිමක්. මේ බිමේ රංගනය ගැන වැඩමුළු තිබුණා, දේශන තිබුණා නමුත් කවදාවත්ම ඒ පිළිබඳ පාඨමාලාවක් තිබුණේ නෑ ඒ නිසා මේ ස්ථානයේ තියෙන ඓතිහාසික වැදගත්කම නිසාම අපි පළමු වරට මේ බිමේ ඒ පාඨමාලාව ආරම්භ කරනවා. නිකම්ම පාඨමාලාවක් ලෙස නොවෙයි තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ ආරම්භ කරන්න ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස තමයි මෙය ආරම්භ කරන්නේ.
මෙවැන්නක සංකල්පය කාගෙද?
වර්තමානයේ සුදර්ශීයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සමන්ප්රිය මාරසිංහ මහතා. මෙම පාඨමාලාවේ සම්බන්ධීකාරක වන දයා ශශ්‍රී නරේන්ද්‍ර වන මමත් මෙහි පාඨමාලාවේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන කිංස්ලි ලෝස් මහතාත් අපි දෙදෙනා එක්ව නාට්‍ය කරමින් ඉන්නකොට අපිට ඇති වූ අදහසක් අනුව අපි සුදර්ශී ආයතනයේ සභාපතිට යෝජනාවක් ඉදිරිපත් කළා.
විධිමත් ආකාරයේ නාට්‍ය ඩිප්ලමා පාඨමාලාවක් ආරම්භ කරමු කියලා ඒ අදහසට සභාපතිතුමාගේ ආශිර්වාදය ලැබුණා. ඒ අනුව කාලයක පටන් කතාව පමණක් සීමා වී තිබූ අදහසට සභාපතිතුමාගේ ආශිර්වාදය ලැබුණා. ඒ අනුව කාලයක පටන් කතාව පමණක් සීමා වී තිබූ නාට්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක අවශ්‍යතාවයට විසඳුමක් ගේන්න අපිට හැකි වුණා. අපි දෙන්නාගේ මේ අදහස තුළ කැටි වෙලා තිබුණේ පිටරටවල මෙවැනි පාඨමාලා පවතිනවා. අපිට අලුත් පරපුරක් බිහි කරන්න හැකි වුණොත් නළුකමට වෘත්තීයම භාවයක් ඇති කරන්න අපිට පුළුවන් වෙනවා. පිටරටවල නළුකම වෘත්තියක් නමුත් අපේ රටේ ඒ වෘත්තීයභාවය නෑ. අද ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ චිත්‍රපට ටෙලි නාට්‍යවලට මුදලට ශ්‍රමය ගැනීමක් තියෙන්නේ. ඉස්සර ගිවිසුමක් අත්සන් කළා.
ඉස්සර ගිවිසුම් තිබුණ නම් ඇයි අද ගිවිසුම් නැත්තේ?
චිත්‍රපට වලට නම් සමහරවිට ගිවිසුම් කියලා දෙයක් අත්සන් කරන අවස්ථාවක් තියෙනවා. නමුත් ටෙලි නාට්‍යවලට අද ඒක නෑ ගිවිසුමක පිටපතක් ලැබෙන්නේ නෑ. ගිවිසුමක් කිව්ව හැම දෙපැත්තක් තියෙනවා. නමුත් අපේ පැත්ත ගැන කියලා තිබුණට ගිවිසුම් ගත වෙන අනෙක් පාර්ශවයෙන් අපට විය යුතු දේ පිළිබඳව ඒ තුළ බොහෝ විට නෑ. සමහර විට ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් එතකොට භාෂා ගැටලු නිසා සමහරුන්ට මේක තේරුම් ගන්න බෑ. දෙන්නෙ මොකක්ද අත්සන් කරලා දෙන ගාන අර පැත්තකට වෙනවා. අපිට අසාධාරණයක් වුණාම ඒ ගැන කතා කරන්න බෑ.
හැත්තෑව දශකයේ මේ ප්‍රශ්න තිබුණේ නෑ. නමුත් විවෘත ආර්ථිකයත් සමඟ මේ ඔක්කොම උඩුයටිකුරු වුණා. ඒ ගමන ඒ විදිහටම අදටත් එනවා.
වෘත්තීය භාවයක් නොමැතිකම නිසාද අද රංග ශිල්පියාට දෙන දෙයක් අරන් ඉන්න සිදුවෙලා තියෙන්නේ?
ඔව් අද ඕනේ තරම් අය ඉන්නවා අඩුවට වැඩ කරන. එදා නිෂ්පාදකයකුට දින දිදී බලන් ඉන්න සිදුවුණා අවශ්‍ය නළුව නිළිය ගන්න අද කෙනෙක් දින නෑ කිව්වොත්, පහුවදාට ඒ දේ කරන්න තව අය බලන් ඉන්නවා බොහොම අඩු මුදලකට සමහරු හරි ආසයි රඟපාන්න එහෙම අය අතින් දීලා රඟපාන අවස්ථාත් තියෙනවා. කෑම බීම අරන් දීලා රඟපාන්න තියෙන ආශාවට මොකක් හරි චරිතයක් කරන අයත් මේ අතර ඉන්නවා. ඒ තරමට අද මේ ක්ෂේත්රය පිරිහිලා. සමහරුන්ට ජනප්‍රිය වීමේ හීන තියෙනවා. ඒ හීනේ සැබෑවක් කර ගන්න නොකරන දෙයක් නැතිතරම්.
මානව ප්‍රේමයට බර පුද්ගලයෙක් තනන්න ඔබ දෙපළ මේ ගන්න උත්සාහයට අද මෙතනට එන තරුණ ප්‍රජාවගෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
රටේ සතර දිග්භාගයෙන් මෙතනට මිනිස්සු එනවා. ඒ අය විවිධ සමාජ තලවල විවිධ දැනුම් මට්ටම් වල උදවිය. අපි ඒ අයගේ සිතුම් පැතුම් එක අරමුණකට ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ උත්සාහය සීයට සීයක්ම සාර්ථක වෙන්නේ නෑ. නමුත් අපි සතර අභිනය මෙතනට එන හැම කෙනෙක්ටම සමමට්ටමින් ලබා දෙනවා. ඒක නිසි අයුරින් ලබාගැනීම පැමිණෙන අයගේ කටයුත්තක්.
ඔබ දෙපළගේ මේ උත්සාහයට ගල් මුල් වලින් අඩුවක් නැති හැඩයි?
පල ඇති ගහටලු කවුරුත් ගල් ගහන්නේ කියලා කතාවක් තියෙනවානේ. හොඳ වැඩක් කරනකොට අකුල් හෙළන කතා හදන ඕනේ තරම් කඩාකප්පල්කාරීන් අද සමාජයේ ඕන තරම්. ඕවට සැලිලා හිත් නරක් කරගන්න තරම් අපි මෝඩ නෑ. සමහරු ඉන්නවා කලාව නාමයෙන් පාඨමාලා කරන අය ඒ අය කැමති නෑ විධිමත් අයුරින් පාඨමාලාවක් ආරම්භ වෙනවට ඒවට දැඩි සේ විරුද්ධයි ඔවුන් ඕනෙ ඕනෙ විදිහට ඒ අයට ගාස්තු අය කර ගන්න බෑ කලාකරුවෝ නමින් පෙනී සිටින මේ ක්ෂේත්රයේම අය තමයි මේකට අකුල් හෙළන්නේ. සමහර කලාකරුවන් කියා ගන්නා අය හොඳ ගෝල පිරිසක් හැදෙනවට කැමති නෑ. හරියට ඉගෙනගෙන දක්ෂයෙක් තැනකට එනවට සමහරු කැමති නෑ. මොකද බොරුවෙන් ජීවත් වෙන එක මේ වගේ අය එක්ක තවදුරටත් කරන්න බෑ. ඒ නිසා හරි දේ හරි විදියට ඉගෙනගෙන කවුරු හරි තැනකට ආවොත් අන්න ඒ කෙනා කවදාවත් මොන ජගතෙකුටවත් වට්ටන්න බෑ. මොකද ඒ පුද්ගලයා සෑම අතින්ම සන්නද්ධයි.
මේ වෙනකොට නාට්‍ය පාඨමලාවේ ප්‍රගතිය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
අපි මේ වෙනකොට පාඨමාලාවේ සිලබස් එකෙන් හරි අඩක් කරලා අවසන් කරලා. මෙහි දෙවන අදියර විදියට අපි දැවැන්ත නාට්‍ය දෙකක් කරනවා. මේ ඉගෙන ගන්න දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. ඒ නාට්‍ය නිර්මාණ දෙක ඇසුරින් අපි ඒ දරුවා ක්ෂේත්රයට හඳුන්වා දෙන අතරේ දරුවොත් දෙකොටසකට බෙදී ඔවුන්ම නාට්‍යය රචනා කරලා නිෂ්පාදනය කරලා නාට්‍ය දෙකක් නිර්මාණය කරන්න ඕනේ. ඔවුන් පාඨමාලාව තුළ ලබාගත් හැම අංශයකම දැනුම එකතුවෙන් රංගනය, වේශ නිරූපණය, නැටුම්, සංගීතය, ආලෝකකරණය, වේදිකා පරිපාලනය, පිටපත් රචනය මේ හැම දෙයක්ම එකතුව ඒ දරුවෝ අවසානයේ කරන නිර්මාණ දෙක තමයි මේ පාඨමාලාවේ ඔවුන් ලබා දෙන නිබන්ධන දෙක වන්නේ.
අපි දෙදෙනා විසින් ළමයි යොදාගෙන කරනු ලබන නාට්‍ය දෙක සම්පූර්ණයෙන් ගිවිසුම් ගත ඔවුන්ගේ හැකියාවන් දොරට වඩවා ලංකාව පුරා ජනගත කරන්න නාට්‍ය නිර්මාණ දෙකක් ලෙසින් කරළියට රැගෙන එනවා. මෙම පාඨමාලාව තුළ තැනෙන සියලුම නාට්‍ය නිර්මාණවල රඟපාන්නේ පාඨමාලාවේම දරුවෝ කිසිදු බාහිර පුද්ගලයෙක් ඒ සඳහා සහභාගී වන්නේ නැහැ.
නොවැම්බර් දෙසැම්බර් මාස වල අපි බලාපොරොත්තු වෙනවා මේ නාට්‍ය දෙක ජනගත කිරීම අරඹන්න.
මොන වගේ ප්‍රදේශවල දරුවෝද මේ පාඨමාලාවට එක්වෙලා ඉන්නේ?
කොළඹින් බැහැර රත්නපුර, කුරුණෑගල, මාතර, කොත්මලේ, ගාල්ල, මීගමුව , මොණරාගල, කෑගල්ල ආදී ප්‍රදේශවල දරුවෝ ගැහැනු පිරිමි සම සමව වගේ මේ පාඨමාලාවට එක්වෙලා ඉන්නවා. අපි උත්සාහ ගන්නවා ඒ දරුවෝ පදිංචි ප්‍රදේශවල ඒ දරුවන්ගේ සංවිධායකත්වය තුළ තමන්ගේ නාට්‍ය ඒ ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීම පිළිබඳ නාට්‍ය දර්ශන වාර සංවිධානය ගැන දැනුම්වත්භාවයක් ලබා දෙන්නත්.
අද කලාව වෘත්තියක් කර ගැනීම තුළ අනාගත පරපුරට සාර්ථක ගමනක් අපේක්ෂා කරන්න පුළුවන්ද?
අපි ජාත්‍යන්තරයට ඔබින කලාකරුවෝ තමයි බිහිකරන්න උත්සාහය. මේ පාඨමාලාව තුළ අපි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමකුත් සිදුකරනවා. අද ජාත්‍යන්තරය තුළ කලාකරුවාට තියෙන තැන බොහොම ඉහළයි. භාෂා ප්‍රශ්නයට විසඳුමක් ලෙස අපි මේ පාඨමාලාව තුළ නොමිලේම ඉංග්‍රීසි භාෂා පාඨමාලාවකුත් දරුවන්ට කරගෙන යනවා.
ඕනෑම කෙනෙක්ට වයස් භේදයකින් තොරව සහභාගී විය හැකි පාඨමාලාවක් ලෙසද මෙය පවත්වන්නේ?
ඔව්. අද වෙනකොට හත්වන ශ්‍රේණියේ ඉඳලා පාසල්වල නාට්‍ය හා රංග කලාව පාසල් වල උගන්වනවා. ඒ දරුවන්ටත් ඕනේ නම් මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. පාසල්වල නාට්‍ය රංග කලාව උගන්වන ගුරුවරුන්ටත් පුළුවන් මේ පාඨමාලාව හදාරන්න. සෙනසුරාද ඉරිදා දිනවල තමයි මෙය සුදර්ශීය තුළ පැවැත්වෙන්නේ මේ පාඨමාලාවේ ගුණාත්මකභාවය හරි ඉහළයි. ක්ෂේත්රයට අදාළ ප්‍රවීණ දේශක ආචාර්ය මඩුල්ලක් අපිට ඉන්නවා. සංඛ්‍යාත්මකව ගත්තොත් තිහක විතර ප්‍රමාණයක් ඔවුන්ගේ දැනුම අත්දැකීම් අපි මේ පාඨමාලාව ඔස්සේ දරුවන්ට ලබාදීමක් සිදුකරනවා ප්‍රායෝගික සැසි වාර සමඟ.
මෙම පාසලේ ඉදිරි අභියෝග කොයි වගේද?
මේ පළමු කණ්ඩායම දොරට වැඩීම ඔස්සේ අපි අදහස් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතුවෙලා මුළු රටේම පාසල් පද්ධතිය වෙනුවෙන් යම් වැඩ කොටසක් කරන්න. මේ පාඨමාලාවට ඇතුළත් කරගෙන අපේ සුදර්ශී ඇක්ටින් ඇකඩමිය හරහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රිකයට පළාතෙන් පළාතට නාට්‍ය හා රංගනය පිළිබඳව නොමිලේ වැඩමුළු මාලාවක් සංවිධානය කරන්නත් වැඩපිළිවෙළක් තියෙනවා.
පාඨමාලාව හදාරන අතරතුර දරුවන්ට කලා නිර්මාණ සඳහා දායක වීමේ අවස්ථා එහෙමත් ලැබෙනවාද?
මෙහෙමයි අපේ පාඨමාලාව වසරක පාඨමාලාවක්. පාඨමාලාව අවසන් වුණාට පස්සේ දරුවන්ට පුළුවන් තමන් කැමති ඕනෑම නිර්මාණයක් වෙනුවෙන් සම්බන්ධ වෙන්න. අපි වුණත් අපේ දරුවන් අවශ්‍ය අධ්යක්ෂවරුන් හඳුන්වා දෙන්නත් වග බලා ගන්නවා. අපිට ඕනේ සියල්ල හොඳීන් හදාරපු දැනුමක් ඇති නිර්මාණකරුවෙක් රංග ශිල්පියෙක් ක්ෂේත්රයට දෙන්න මිසක් ඇහින්දාස්ලා ක්ෂේත්රයට දෙන්න නොවෙයි. දැනුම ආකල්ප කුසලතා කියන මේ තුන් වැදෑරුම් ක්‍රමවේදය තුළ පෝෂණය වූ දරුවෙක් තමයි අපි මේ පාඨමාලාව ඔස්සේ ක්ෂේත්රයට බිහි කරන්නේ. අපි ලබාදෙන්නේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාවක් තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ඔවුන්ගේ අවශ්‍ය නිර්ණායක ඩිප්ලෝමාවක් කිරීමෙන්. ඔවුන් විසින් ප්රදානය කරනු ලබන ව්ඍQ 4 ඹ්ඥමඥත සහතිකයත් මේ පාඨමාලාව තුළ ලබා ගන්න අපේ ශිෂ්‍ය ප්‍රජාවට හැකිවීම සැබැවින්ම වාසනාවක්.
චන්දන දයාසිරිවර්ධන
