Home » සුර දෙටුවෝ අද සිට

සුර දෙටුවෝ අද සිට

by mavan
March 12, 2026 1:15 pm 0 comment

ජනප්‍රිය යූටියුබ් මෙහෙයවන්නෙකු වූ ලක්මාල් වීරසිරිගේ අධ්‍යක්ෂණයක් වූ සුර දෙටුවෝ චිත්‍රපටය අද සිට ඊ ඒ පී මණ්ඩලයේ සිනමාශාලා වලදී තිරගත වේ.

මෙය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. සුර දෙටුවෝ තිරරචනය කර ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ විසිනි. අකුරම්බොඩ පියතිස්ස කලා අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති මෙහි ශබ්ද පරිපාලනය ශෂීන් ගිම්හාන් ගෙනි.

මෙහි ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ, නෙතිනි වීරසිරි, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, අජිත් වීරසිංහ, දර්ශන් තවරාජා, සුහන්දි වෝසදි, ශාලිකා නදීශානි, සුදීක්ෂා සමාධි, ගීත්මා බණ්ඩාර, සෙනිති වීරසිරි, මෙතිනි වීරසිරි, ධනංජය සිරිවර්ධන, මනේජ් සංජය, දිනේෂ් තරංග, කනිෂ්ක අතුකෝරළ, මිහිත ජයකොඩි සහ වර්නි ෆඩිනැන්ඩෝ රංගනයෙන් දායක වී ඇත.

සුරදෙටුවෝ කැමරා අධ්‍යක්ෂණය මාධව කමල්සිරි ගෙනි. මෙහි ගීත තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය කසුන් කල්හාර සහ නිෂාමි ගුණසිංහ විසින් සිදුකර ඇති අතර ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ, මනේජ් සංජය, සෙනිති වීරසිරි, නෙතිනි වීරසිරි ගීත ගායනයෙන් දායක වී ඇත. මෙහි ගී පද රචනය ලක්මාල් වීරසිරි ගෙනි. අංග රචනය රංගන තිලකවර්ධන විසිනි.
සුර දෙටුවෝ සුදේෂ් මුතුනවගොන්නගේ නිෂ්පාදනයක් වන අතර විධායක නිෂ්පාදනය අරුණ ජයවර්ධනගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT