Home » සුදේශ් සුබ නැකතින් ‘රතී’ අරඹයි

සුදේශ් සුබ නැකතින් ‘රතී’ අරඹයි

by mavan
November 20, 2025 8:40 am 0 comment

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ‘රතී’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා නවලෝක පරිශ්‍රයේ Ambassador ශාලාවේදි පැවැත්විණි. මෙහි පිටපත ප්‍රකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, තිරරචක, ලේඛක සරත් ධර්මසිරි විසිනි.

රතී සඳහා ඩිස්නි රාජපක්ෂ, චමීර ලියනගේ, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකා සමරවීර, ශ්‍යාම් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි, ග්‍රේස් තෙන්නකෝන්, කුමාර තිරිමාදුර, මධුෂාන් නානායක්කාර, නිමල් ජයසිංහ, ඩයනා ගමගේ, අයේෂා මධුෂානි, මහින්ද ඉහළගම සහ ඉෂාන් මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති.
රතී හි කැමරා අධ්‍යක්ෂණය ගාමිණී මොරගොල්ලාගම ගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් චන්දන ප්‍රියංකර, වේශ නිරූපණයෙන් රොඩ්නි වැන්ටුවෙස්ට් දායක වෙති. මෙහි සංගීත අධ්‍යක්ෂණය කේශාන් පෙරේරා විසිනි. සහය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය දායක වේ.

රතී නිෂ්පාදනය Snet International PVT (Ltd) වෙනුවෙන් ශ්‍රීමාල් සොයිසා සහ සුරංග අමරසූරිය ගෙනි.
සුදේශ වසන්ත පීරිස් මෙරට සිටි ජනපි‍්‍ර‍්‍රය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ මීට කලකට ඉහත අප අතරින් වියෝ වූ සුනිල් සෝම පීරිස්ගේ පුත්‍ර රත්නයය. මෑත භාගයේ තිරගත වූ කාගේත් අවධානය දිනාගත් හුස්ම සහ සීරුවෙන් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ සුදේශ් විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT