ප්‍රවීණ මෝස්තර හා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන සාලිංග ගුණසේකර සහ චිත්‍ර ශිල්පිනී සරෝජා ධර්මදාස එක්ව ඉදිරිපත් කරනු ලබන මෝස්තර හා චිත්‍ර ප්‍රදර්ශනයක් එළඹෙන 29 වැනි දින සිට 31 වැනි දින දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සහ මෝස්තර නිර්මාණ හා චිත්‍ර නිර්මාණ පිළිබඳ සාලිංග සහ කළ කතා බහකි මේ.
සාලිංග, ඔබ මෝස්තර නිර්මාණයට හා ඇඳුම් නිර්මාණයට එක්වෙන්නේ කොහොමද?
මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. 1982 සිට 1989 දක්වා කාලය ඇතුළත. මගේ පාසලේ ප්‍රථම චිත්‍ර ගුරුවරයා වුණේ දිවංගත ලයනල් රණවීරයන්. පාසලේ අධ්‍යාපනය ලබන කාලයේ බොහෝ චිත්‍ර තරඟ වලින් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මම සම්මාන සහතික ලබලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී මම හදාරන්නේ බහු ශික්ෂණාත්මක පිටු සැලසුම් විශේෂවේදී උපාධිය. වසර හතරක කාලයක් මම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඔය කාලය ඇතුළත මට සරත් සූරසේන මහත්මයාව හඳුනා ගන්න ලැබෙනවා. එතුමන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර මෝස්තර මධ්‍යස්ථානයේ හිටපු සභාපතිතුමා. එතුමාගේ මඟ පෙන්වීම අනුව මම සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම එතුමා නිසා සෑහෙන ව්‍යාපෘති ප්‍රමාණයකට මට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාම මම බටලීය ජාතික කෞතුක ආයතනයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවයට එක්වෙනවා. ඊට පස්සේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන පිටු සැලසුම් උපදේශක වශයෙන් කටයුතු කළා. එවකට එහි අධ්‍යක්ෂිකාව වූ විනීතා සෙනෙවිරත්න මහත්මිය මට බොහෝ උපකාර කළා. ඒ කාලේ තමයි ලංකාවේ ප්‍රථම වතාවට අත් යන්ත්‍ර පේශ කර්මවලින් නිපදවූ රෙදි වලින් නව වෙළඳපොළ ජයග්‍රහණය කරන්නේ කොහොමද යන්න පිළිබඳ මම පර්යේෂණ කළේ. මේ කාලෙම මම “විචිත්‍ර වියමන්” නමින් ප්‍රදර්ශනයක් ද කළා. බස්නාහිර පළාත් සභාවේ අනුග්‍රහයෙන්. ඊට පස්සේ මගේ ප්‍රථම විලාසිතා දැක්මත් ඉදිරිපත් කළා. ඊට පස්සේ මගේ විවාහයෙන් පස්සේ මට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙන්න සිද්ධ වුණා.
බ්‍රිතාන්‍යයේදී ඔබේ හැකියාවට, දක්ෂතාවයට සහ රැකියාවට මොකද වෙන්නේ?
ඇත්තටම කිව්වොත් ඒක තවදුරටත් මම ඔප්නංවා ගන්නේ බ්‍රිතාන්‍යයේදී. එහිදී මම ලන්ඩන් සෙන්ටර් ධට ටචඵඩඪධද ඵබරතඥ කියන ආයතනයට ඇතුලත් වුණා. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ පශ්චාත් උපාධිය මම ලබාගන්නේ මේ ආයතනයෙන්. දැන් මම ලංකාවෙන් ඈත් වෙලා අවුරුදු තිහක් විතර වෙනවා. මේ කාලය ඇතුළත මම යුරෝපයේ විවිධ විලාසිතා, වර්ණ, හැඩතල සම්බන්ධයෙන් විවිධ අධ්‍යයනයන් කළා. විවිධ තැන්වලදී විවිධ අත්දැකීම් ලබාගත්තා. කොහොම වුණත් විදේශගත ව ජීවත් වුවත් මේ ශිල්පය කෙරේ මගේ තිබෙන බැඳීම ආදරය කිසි දවසක වෙනස් වුණේ නෑ. ජීවත් වෙන රට, සංස්කෘතිය, හිත මිතුරු සමාගම්වල ස්වරූපය කොහොම වෙනස් වුණත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායික අතීත සැරසිලිවලට, සංස්කෘතික අංගයන්ට සහ උරුමයන්ට අතීතයේ මෝස්තර සඳහා යොදාගත් සැරසිලි සහ වර්ණවල හිත නිවන ස්වභාවය කවදාවත් වෙනස් වුණේ නෑ.
ඒ නිසාද ඔබ මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයක් තියන්න සූදානම් වෙන්නේ?
ඇත්තටම මම ලංකාවේ ඉන්න කාලෙ මගේ විෂය ආශ්‍රිතව ප්‍රදර්ශන කරල තිබුණා. මම බ්‍රිතාන්‍යයට ගිහින් බොහෝ කලක් ගත වුණා. මගේ බොහෝ යහළු මිත්‍රයන් කියනවා මගේ හැකියාවත් දක්ෂතාවයත් අමතක කරන්න දෙන්න එපා කියලා. ඔය අතරේ තමයි මම ලංකාවට එනවා කියපුවාම මගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන සරෝජා ධර්මදාස යෝජනා කළේ මෙහේ ප්‍රදර්ශනයක් කරමු කියලා. ඉතින් මටත් හිතුණා ඒක හොඳ අවස්ථාවක් කියලා. ඒ නිසා මේ ප්‍රදර්ශනය අපි දෙන්නත් එක්ක එකතුවෙලා කරන්න සූදානම් කරගත්තා.
සරෝජාත් කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආපු කෙනෙක්. ඇය මහාචාර්ය චන්ද්‍රා ජීවා යටතේ පාඨමාලාවක් හදාරලා තිබුණා.
ලංකාවේ විලාසිතා නිර්මාණකරණය ගැන ඔබේ අදහස කුමක්ද?
තවත් කෙනෙක්ගෙ නිර්මාණයක් කොපි කිරීම ඇත්තටම විලාසිතා නිර්මාණයක් නොවෙයි. මම ලංකාවෙන් යනකොටත් දැක්කේ විලාසිතා නිර්මාණ කියලා ඇඳුමක් හරි රෙද්දක් හරි අන්දලා ඒකට නමක් දාන එක. ඇත්තටම ඒකට නෙමෙයි විලාසිතා නිර්මාණය කියන්නේ මම සාමාන්‍යයෙන් විලාසිතා නිර්මාණය කරන විට කරන්නේ රෙද්දේ සිටම ඩිසයින් කරනවා. ඊට පස්සේ ඒ රෙද්දෙන් ඇඳුමක් ඩිසයින් කරනවා. එතකොට ඒ නිර්මාණයේ සීයට සීයක් අයිතිය මගේ. ඒක තමයි නිර්මාණය කියන්නේ.
හුඟක් වෙලාවට මම දකින්නේ මොකක් හෝ ඇඳුමක් අන්දලා හෙයා ස්ටයිල් එකක් දාලා මේක අප් එකක් දාලා විලාසිතා නිර්මාණය කියලා දාන එකයි. ඒක නෙමෙයි ඇඳුම් නිර්මාණය කියන්නෙ. ඒක නෙමෙයි විලාසිතා නිර්මාණය කියන්නේ. මොකක් හෝ තමන්ම අලුතින් කරන නිර්මාණයක් වෙන්න ඕන. එංගලන්තයට ආවට පස්සේ තමයි මමත් විලාසිතා කියන එක වෘත්තියක් විදියට ඉගෙන ගත්තේ.. ලංකාවේ ඉන්න කොටත් මම විලාසිතා නිර්මාණය කළා. ඒ කාලේ මගේ හැකියාවෙන් සහ දක්ෂතාවයෙන්. නමුත් මම ෆැෂන් ච්ඥඵඪඨදඪදඨ සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය කළාට පස්සේ තමයි ඊට වෘත්තීමය සුදුසුකමක් එකතු වුණේ.
ඔබ ඔබේ නිර්මාණවල වර්ණ භාවිතය පිළිබඳ සංවේදී වෙන්නේ කොහොමද?
ඇත්තටම හැම වර්ණයක්ම කතා කරන භාෂාවක් හැටියටයි මම සලකන්නේ වර්ණ ඔස්සේ කරන සන්නිවේදනය හරි ප්‍රබලයි. ඒක මිනිස්සුන්ගේ මානසිකත්වය සහ හැඟීම් කෙරේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් කරනවා. ඒ නිසාම වර්ණ කතා කරන්නේ කොයි විදිහටද, ඒ සන්නිවේදනය කොයි තරම් ප්‍රබලද කියන අවබෝධය ගොඩක් වැදගත්. සමහරු කළු වර්ණය ගැන අසුභවාදීව හිතනවා. ඒත් කළු කියන්නේ නිරූපණ ශිල්පයේදී වගේම නිර්මාණකරණයේදී සුන්දර ලෙස ගැළපෙන අවස්ථාවන් සඳහා යොදාගත හැකි වර්ණයක්. ඇත්තටම වර්ණ පිළිබඳ විග්රහයේදී මනෝවිද්‍යාත්මක පසුබිමකුත් පවතිනවා. එහෙත් මම නම් සිතන්නේ මෝස්තර නිර්මාණකරණයේදී හැම වර්ණයක්ම සුන්දර විදියට ගැළපෙන තැන් තියෙනවා. එතනදි ඒ වර්ණය එතැනට එක් කරන්නේ පුදුමාකාර අවශ්‍යතාවයක් සහ සුන්දරත්වයක්. නිර්මාණ ශිල්පියෙක් විදිහට ඒ සියලු විශ්වාසයන්ගෙන් ඔබ්බට හැම වර්ණයකටම මම ආදරෙයි.
ඔබේ නිර්මාණවල බොහෝ විට දක්නට ලැබෙන්නේ අපේකම, ශ්‍රී ලාංකිකත්වය ගැන ඔබ තුළ ඇති ආදරය කොයි වගේද?
අතීත ලාංකික කැටයම්, සැරසිලි, මෝස්තර වල පුදුමාකාර සියුම් බවක් තිබෙන්නේ. ඒ නිමැවුම් ඔස්සේ ගමන් කරද්දී හිතෙනවා කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනෙද කියලා ඒ වගේ කලා කෘති බිහි කරන්න. ඒ නිර්මාණ සඳහා ඔවුන් වර්ණ යොදාගෙන තිබෙන්නේ සොබා දහමේ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන. පැරැණි විහාර චිත්රවල හමුවෙන වර්ණවල හිත් අලවන අමුතු ලස්සන වර්ණ මුණගැහෙනවා. ඒ වර්ණ වල පුදුමාකාර ගැළපීමක් තියෙනවා. ඒ වගේම මගේ ලොකු අධ්‍යයනයක් තිබුණා අපට උරුම ඇඳුම් වර්ග ගැනත්. අපිට අපේ උරුමය හොයාගෙන යද්දි හමුවෙන දේවල් හරි නිර්මාණාත්මකයි. එය සමහර දේවල් ලෝකේ කොහෙවත් දකින්න නෑ. ඒ නිසාම එංගලන්තයේ ජීවත් වුවත්, මට ඒ දේවල් කෙරේ ඇති ආදරය, බැඳීම, රුචිකත්වය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
විලාසිතා තෝරා ගනිද්දී අපි පරිස්සම් විය යුත්තේ කොහොමද?
හැම විලසිතාවක්ම හැම කෙනෙකුටම සුදුසු වන්නේ නැහැ. තමන්ගේ වර්ණය, ඇඟේ ෆීචර්ස්, තමන්ගේ හෙයා ස්ටයිල් එක, තමන්ගේ රුචිකත්වය අනුව විලාසිතාව එක එක්කෙනාට වෙනස් වෙනවා. හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා විලාසිතාවක් පුවත්පතක හෝ රූපවාහිනියක දුටු පමණින් ඒක අනුකරණය කරන්න යනවා හැම කෙනාම. නමුත් ඒක නෙමෙයි ෆැෂන් කියන්නේ. තමන්ට ගැළපෙන එක තෝර ගත්තම තමයි ඒක නියම විලාසිතාවක් වෙන්නේ.
විලාසිතා නිර්මාණකරුවකුගේ කාර්යය වන්නේ හැමෝටම ගැළපෙන විදිහේ නිර්මාණ කිරීමයි. මම ලංකාවෙන් ඈත් වුණ නිසාම ඊඥයබඪතඥ ච්ඥඵඪඨදඪදඨ කියන කලාව මගෙන් ඈත් වුණා. නමුත් මේ අවුරුද්දේ සිට ඒ ගැන වැඩියෙන් හිතන්න පටන් ගන්නවා. ඉදිරියට ලංකාවත් සමඟ සම්බන්ධ වෙලා මේ විලාසිතා නිර්මාණ සහ අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත නිර්මාණ වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ තවත් උසස් අධ්‍යාපන කටයුතු සිදු කරගන්නත් බලාපොරොත්තු වෙනවා.
හේමාලි විජේරත්න
[email protected]