ධීවර ප්‍රජාව පිළිබඳව දිගහැරෙන අනුවේදනීය හා මානුෂිකත්වය පෙරදැරි කරගත් මෙම කතාවට පසුබිම වන්නේ, යාපනයේ ගුරුනගර් සහ අල්ලයිපිඩ්ඩි යන වෙරළබඩ ධීවර ගම්මානයි. නොසන්සුන් රළ අතර දෝලනය වන ඔවුනගේ ජීවිතයන්හි එකම විශ්වාසය හා ඇදහිල්ල වන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන් වන අතර, ගමේ දේවස්ථානයේ පියතුමාගේ මග පෙන්වීම මත ඔවුන්ගේ ජීවිත හැඩගැන්වේ. මෙහි කතා නායකයා වන ඇන්තනි ධීවර කර්මාන්තයේ නිපුනයකු මෙන්ම, ධීවර ප්‍රජාවගේ හදවතේ වීරයාව සිටින්නෙකි. ඇන්තනිගේ බිරිඳ නාලිනී මවක් වන්නේ විවාහ වී වසර දහයකට පසුව, දෙවියන්ට කන්නලව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව ඔවුනගේ විස්වාසයයි. ධීවර ප්‍රජාවට ඔවුන්ගේම රිද්මයක් ඇත. මත්පැන්, රණ්ඩු දබරවීම් ඔවුනගේ ජීවිතයන්හි කොටසක්ව පවතී. ඇන්තනි පන්නයට යන්නේ ඔහුගේම කුඩා ඔරුවෙනි. ඔහු බිරිඳ හා දරුවා වෙත දක්වන්නේ අසීමිත සෙනෙහසකි . 25 හැවිරිදි තරුණයකු වන අශෝක් විශාල බෝට්ටුවකින් ධීවර වෘත්තීයේ නිරත වන්නෙකි. ඔහු වැඩිහිටි ධීවරයන් හට කිසිසේත් ගරු නොකරයි. බාස්කරන් නැමති ධනවත් ව්‍යාපාරිකයාගේ දියණියක වන කැරොලින් සමග අශෝක් ආදරයෙන් බැඳෙයි. මුහුදේ දී සිදුවන එක් අවාසනාවන්ත සිදුවීමකින් පසුව අශෝක් ඇන්තනි දෙස ගෞරවාන්විතව බැලීමට යොමු වෙයි. පසුව ඔවුන් මිතුරන් බවට පත්වීමෙන් අනතුරුව, අනපේක්ෂිත සිදුවීම් රැසක ආරම්භය සමඟින්, ඇන්තනි පවුල් ජීවිතය පවා උඩු යටි කුරු කරවන අයුරු අන්තෝනි තුළින් පෙන්වා දී ඇත.
මෙරට සහ දකුණු ඉන්දියාවේ දමිළ සිනමා කර්මාන්තය තුළ වසර දහයකට අධික අත්දැකීම් සහිත සුකීර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝෂන් රාජේෂ්වර් දෙදෙනාම සහාය අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන අතරතුර, ඔවුනගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් ‘අන්තෝනි’ හරහා අධ්යක්ෂවරුන් බවට පත් වී ඇත. සුකීර්තන් ක්‍රිස්තුරාජා නිෂ්පාදන සැලසුම්කරුවෙකු සහ ලේඛකයකු ලෙස කටයුතු කරන අතර, ප්‍රවීණ අධ්යක්ෂවරුන් වන, බලාජි ශක්තිවේල් සහ රංජිත් ජෝසප් සමග එක්ව ඔවුන්ගේ නිර්මාණයන් හා සම්බන්ධව කටයුතු කර ඇත . ‘ඕෂි -ද ඩාර්ක් නයිට්’, ‘ලුසී’ සහ ‘අධිරන්’ චිත්‍රපට සඳහා ඔහු දායකවී ඇත. ජෙනෝෂන් රාජේෂ්වර් , කාර්තික් සුබ්බරාජා මහතා යටතේ ස්ටෝන් බෙන්ච් ප්‍රඩක්ෂන් හී සේවය කරන අතර ‘නීලිරා’, ‘දෙයිව මචන්’ සහ ‘ඉරානි’ යන චිත්‍රපටිවල සහය සහය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිනමාවේ නව මංපෙත් සෙවූවෙකි. ඔහු මහජන සම්බන්ධතා සහ චිත්‍රපට බෙදා හැරීම පිළිබඳව ද ප්රවීණයෙකි.
රංගන දායකත්වය
කයල් වින්සන්ට්, ටී.ජේ.භානු, අෂානා, සුදර්ශන් රවින්ද්‍රන්, සෞමි මුණසිංහ, නිලල්ගල් රවි, අරූල් දාස්, කලෙයි වලරි සගා රාමනාදන්, තයන්ති තම්බයියා, ආර්.ඒ. ගුණපාලන්, තර්ෂි ප්‍රියා, අරවින්දම් සිවඥානම්, කන්දසාමි සීලන්, සිවකුමාර් ලිංගේෂ්වරන්, ශාන්තානා, කිං රත්නම්, ලක්ෂාන් කුමාර්, ඉතයරාජ්, ජෙසී තුරන්, ශ්‍යාමිලා නිරන්ජන්, මෝහන් සෙල්වරාසා, මහේන්ද්‍ර සිංහම්, වසන්ත සීලන්.
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – සුකීර්තන් ක්‍රිස්තුරාජා, ජෙනෝෂන් රාජේෂ්වර්
නිෂ්පාදනය – රමනදාස් සත්‍යනාදන්, සුගන්දිනී
සම නිෂ්පාදනය – විජයි බාලසිංගම්, ශශ්‍රී ස්කන්ධ රාජා විකී
කැමරාකරණය – රිශී සෙල්වම්
සංස්කරණය – සුරේෂ් ඒ. ප්‍රසාද්
කලා අධ්‍යක්ෂණය – කලා මෝහන් සෙල්වරාසා
නිෂ්පාදන සැලසුම්කරණය- බෙන්ස්ටන් ඇලෙක්ස්
පසු පටිගත කිරීම – ටී .උදය කුමාර්
ශබ්ද සැලසුම්කරණය – ටී උදය කුමාර්, රෙන්ජිත් වේනු ගෝපාල්, එච්. සරවන කුමාර්
විධායක නිෂ්පාදනය – ආර්. වෙන්කටේස්
සම අධ්‍යක්ෂණය – රමනදාස් සත්‍යනාදන්, තමිල් සෙල්වන් සුබ්‍රමනි
සහකාර අධ්‍යක්ෂණය – ආකාශ් රාජ්, ක්ලින්ටන්
සහය අධ්‍යක්ෂණය – ටි. කේ. යුවන්, රිසි නාදන්, ආර්. එස්. ශශ්‍රී රාම්, ඩිලක්ෂන්
දෘශ්‍ය ප්‍රයෝග – ඒ. ඊ. ස්ටුඩියෝ
අංග රචනය – කලයිවානිි
ඇඳුම් නිර්මාණය – තරංගනී ආදර්ශ්
නිෂ්පාදන විධායක – එන් නෙලෝන්
නිෂ්පාදන කළමනාකරණය – ලක්ෂාන් කුමාර
වර්ණ සංකලනය- ආදිත්‍ය ක්‍රිෂ්ණන්
තාක්ෂණික අධීක්ෂණය – එස් අජේස්
ශබ්ද මිශ්‍රණය – සුජිත් හයිදර් තාහා
උපසිරැසි – සාරා මෝහන රාජා
සජීවීකරණය – රුෂාන්ත්
ඩ්‍රෝන සහ මොන්ටේජ් දර්ශන – රෙජී සෙල්වරාසා
සංගීත අධ්‍යක්ෂණය – ඉලයරාජා
ගී පද රචනා – අනූෂා සිවලිංගම්
ගීත ගායනය – සුපුන් පෙරේරා, තිවංක දිල්ශාන්, ප්‍රනීශා ත්‍යාගරාජා, රුවන් හෙට්ටිආරච්චි, රිද්ම වීරවර්ධන, නුවන්ධිකා සේනාරත්න, කෝකුලන්, කිල්මිශා උදය සීලන්
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
