සිංහල සිනමාවේ ස්වර්ණ මතක අලුත් කරමින් අතිශය ජනාකර්ෂණයට පත්වූ සිනමාපට පෙළක් කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවේදී තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙහි පළමු සිනමා පටය ලෙස නොම්මර 17 මාර්තු 27 වැනිදා සිට තිරගත කෙරේ. සිංහල සිනමාවේ 691 වෙනි චිත්‍රපටය වූ නොම්මර 17, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක් විය.
මෙහි සිංහල සිනමාවේ ජනප්‍රිය සිනමා තරුව වූ විජය කුමාරතුංග, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ජීවන් කුමාරතුංග, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, මැණික් කුරුකුලසූරිය ඇතුළු ජනප්‍රිය නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වූහ. මියුරු ගීත රැසක් අඩංගු වූ නොම්මර 17 චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අර්නස්ට් සොයිසා ගෙනි.
සිංහල සිනමාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ නොම්මර 17, දින 200ක් සාර්ථකව ප්‍රදර්ශනය කෙරිණි.
1989 දී 17 වැනි සරසවිය සම්මාන උලෙළෙදී වැඩිම රසික මනාප ප්‍රමාණයක් ලබා වසරේ ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වූ නොම්මර 17 ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයකි.
