ජනවාරි 24 වෙනිදා සැදෑව අලුත් රසාස්වාදයකින් විඳීන්නට හැකි අපූරු සන්ධ්‍යාවක් බවට පත් කරන්නට වෙර දරන අපූරු සහෝදරයන් ටිකක් ගැන කියන්නයි මේ සූදානම. සහෝදරයන් කීවාට ඔවුන් එක ලේ බැම්මෙන් බැඳුණු සහෝදර පිරිසක් නොවේ. එහෙත් ඔවුන්ට මෙරට සංගීතය, කලාව පිළිබඳ ඇත්තේ ලේ ඥාතීත්වයකි. ඒ ලේ හුරුකමින් ඔවුන් සියලුදෙනාම අද එක කුසහොත් සහෝදරයන් සේ බැඳී පවතී. මේ සහෝදර බැම්ම ශක්තිමත් කිරීමේ ආදරණීය රන්හුය වී ඇත්තේ සංගීතය නමැති වූ මියුරු රසමදිරාවය.
මේ කියන්නට යන කතා නායකයන් සියලු දෙනාටම සංගීතයට හා කලාවට ඇත්තේ අත හැරිය නොහැකි වූ ආදරණීය බැඳීම්ය. මේ බැඳීමේ තවත් එක් සොඳුරු ප්‍රතිඵලයක් ඔවුන් එළඹෙන 24 වෙනිදා සන්ධ්‍යාවේ කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී එළි දක්වන්නේය. එය නම් ලබන්නේය. “සහෝදර ආලය” නමිනි. සහෝදර ආලයට පෙමින් බැදුණේ වන්නේ ජැක්සන් ඇන්තනී පුතු සජිත් අනුත්තර, ප්‍රියංකර පෙරේරා පුතු හෙවත් මිල්ටන් පෙරේරාගේ මුනුපුරු දිල්මින් පෙරේරා, මර්වින් පෙරේරා හෙවත් අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ආදරණීය මුනුපුරු. විනුජ තරුෂ්කය. මේ සියලු දෙනා එක්ව පවත්වන්නට සූදානම් වන “සහෝදර ආලය” ප්‍රසංගය පිළිබඳවත්, සිය ජීවිතයේ කලා තොරතුරු පිළිබඳවත් කතාබහකට පසුගියදා අප හා එක් වූයේ විනුජ තරුක්ෂය.
“ඇත්තටම අපි හතර දෙනා අතර ඇතිවුණ සහෝදර බැඳීම නිසාම තමයි අපි මෙවැනි ප්‍රසංගයක් කරන්න හිතුවේ. අපි සියලු දෙනා අතරින් මම තමයි බාලමයා. සජිත් අයියලා නදිමාල් අයියලා. බොහෝ කාලයක සිට යාළුවො මම බොහොම මෑත කාලීනව තමයි ඒගොල්ලන්ගේ සමාගමට එක්වෙන්නේ.
ඉතින් අපි මේ සහෝදර ආලය ප්‍රසංගය හරහා වෙනස්ම අන්දමේ අත්දැකීමක් අපේ රසිකයන්ට ලබාදෙන්න උත්සාහ කරනවා. ඒ වෙනස විඳීන්න එන්න කියලා අපේ රසික රසිකාවන්ට අපි ආරාධනය කරනවා.
විනුජ සංගීතය පිළිබඳ ඇල්මක් ඇති වන්නේ සීයා නිසාමද?
අනිවාර්යනේම. මම වික්ටර් රත්නායකයන්ගේ මුනුපුරා විදියට පුංචි කාලේ ඉඳන් ඔහු සෙවණේ කටයුතු කළා. මම හැදී වැඩෙන්නේ සීයා සින්දු හදන දිහා බලාගෙන. නිවසේ හැම මොහොතේම තිබුණේ සංගීතමය පසුබිමක්. මම ලොකු මහත් වෙන්නේ මේ පරිසරය මැද්දෙ. මගේ කන් පිරි පැවතුනේ සීයගේ සින්දු වලින්. මම පොඩි කාලේ කැමති වුණේ සීයගේ සින්දු වලට විතරයි. මටත් සංගීතය කරන්න ආස හිතුණේ සීයා සංගීතය කරනවා දැකලා. මම ඉස්කෝලෙ යන කාලේ සීයා එයාගේ සමහර සංගීත වැඩ කටයුතු සඳහා මාවත් සම්බන්ධ කර ගත්තා. පොඩි කාලේ මට ළමා ගී තනු පවා හදලා දුන්නා ගායනය කරන්න.
ඔබේ මවත්, ඔබේ පියාගේ සංගීත කටයුතු වලට නිතර සහභාගි වු කෙනෙක් නේද?
ඔව් මගේ මව චාන්දනී ඒ කාලේ සීයාගේ වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් ලබා දුන්නා මම සංගීතය පැත්තට නැඹුරු වෙනවටත් අම්මයි අප්පච්චි දෙන්නම කැමති වුණා. මේ මොහොත වන විට ඒ දෙන්නම ජීවතුන් අතර නෑ නමුත් ඉන්න කාලෙ මට ලොකු සහයෝගයක් දෙන්නම දුන්නා. දැන් මගේ ජීවිතයේ පසු පස්සෙ ඉන්නේ මගේ එකම අක්කා සහ සීයා තමයි. ඒ දෙන්නා තමයි මගේ ගමනට ලොකු සහයෝගයක් දක්වන්නේ. පවුලේ අය හැරුණු කොට දැන් මගේ මිතුරු සමාජය වන සජිත් අයියා, නදිමල් අයියා සහ දිල්මින් අයියා මට හැමදේටම පසු පසින් ඉන්නවා. ඇත්තටම කියනව නම් සීයා නිසා සංගීතය කෙරෙහි මට ඇතිවුණා ආශක්ත බව ‘පිස්සුවක්’ දක්වා වර්ධනය වුණේ මේ මගේ මිතුරු සමාගමට බැඳුණට පස්සේ.
ඔබේ මේ සංගීත ගමනට සීයාගේ ප්‍රතිචාර මොනවාද?
සීයා ඉතාමත්ම සතුටුයි. මම සංගීතය පැත්තට යොමු වුණ එකට. පුංචි කාලේ සීයත් එක්ක මම යුග ගීතයකුත් කියල තිබෙනවා. සීයා හැමවෙලේම මට උපදෙස් දෙන්නේ මම වික්ටර් රත්නායකයන්ගේ මුනුපුරා ලෙසින් ප්‍රකට නොවී මගේම අනන්‍යතාවයකින් යුතු ගමනක් ආරම්භ කරන්න කියලයි. ඒකට අඩිතාලම දැන් මම හදාලා තියෙනවා. මටම කියලා ස්වතන්ත්රි ගීත නිර්මාණ කරගන්න දැන් මම පෙලඹිලා ඉන්නවා. සජිත් අයියලා, දිල්මින් අයියලා, නදිමල් අයියලා ගත්තත් දැන් ඔවුන්ට ඔවුන්ගේම නිර්මාණ තිබෙනවා. ඉදිරියේදී ඒ තත්ත්වය මමත් ඇතිකර ගන්නවා.
ඔබ මේ ක්ෂේත්රයට පිවිසෙන්නේ සංගීත කණ්ඩායමක් සමග නේද?
ඔව් මගේ සංගීත කණ්ඩායම ‘ර්ඪඤතචදඥ’ ඒක පටන් අරගෙන තමයි මම මේ ක්ෂේත්රයට එන්නේ. මේක පටන් ගන්නත් මගේ සහෝදර මිතුරන්ගෙන් වගේම සනුක වික්‍රමසිංහ අයියගෙනුයි මට ලොකු උපදෙස් ටිකක් ලැබුණා. ඉතින් මම හිතනවා ඔවුන්ගේ උපදෙස් මත මම සංගීතයට අලුතෙන් යමක් කරන්න පිවිසුණා කියලා.
දැන් ඔබ සංගීතය වෘත්තියක් කරගෙනද?
ඉස්සරහට විතරක් නෙමෙයි කවදාවත් මම වෙනත් වෘත්තියක් කරන්න බලාපොරොත්තුවක් නෑ. මං මැරෙන තුරුම කරන්නේ සංගීතය විතරයි. මම හරිම කැමැත්තෙන් මේ ක්ෂේත්රයට පිවිසුණේ. මේකට මම අසීමාන්තිකව ආදරේ කරනවා. කලාව කියන්න අතිශයින්ම සුන්දර වෘත්තියක්. ඉතින් මට හිතෙනවා අපි කැමති දේ අපට හම්බවෙලා. අපිට ආදරෙත් හම්බවෙලා මිනිස්සුන්ටත් ආදරේ කරන දේවල් දීල හරිම සතුටින් ඉන්න පුළුවන් වෘත්තියක් තමයි කලාව කියන්නේ. ඒ නිසා ඒක හරියට කළොත් වෙනත් වෘත්තියක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.
ආචාර්ය වික්ටර් රත්නායකයන්ට තව මුනුපුර මිනිපිරියෝ ඉන්නවා නේද?
ඔව්. මුනුපුර මිනිපිරියෝ ගොඩාක් ඉන්නවා. නමුත් දැනට කලාවේ රැඳීලා ඉන්නේ මම සහ මංජුලා පුංචිගේ පොඩි දුව විතරයි.
ඔබේ සීයා වික්ටර් රත්නයකයන් වුණු එක ගැන ඔබට මොකද හිතෙන්නේ?
අප්‍රමාණ ආඩම්බරයි, සතුටුයි. සීයගෙ මුණුපුරෙක් නොවුණානම් කොච්චර අපරාදෙද කියලා හිතෙනවා. සීය නිසා මට බොහෝ දේවල් ලැබුණා. පොඩි කාලේ ඉඳන් සීයා අපට සෑහෙන දේවල් කියලා දුන්නා. මේ ක්ෂේත්රය පිළිබඳ සෑහෙන අපට කියලා දුන්නා. සීයාට තියෙන ඒ ගෞරවය එක්ක තමයි මම මේ ක්ෂේත්රයේ රැඳී සිටින්නේ.
ඔබ සංගීතයේ පැත්තට යොමු නොවුණා නම්?
ඇත්තටම මමත් වරින් වර ඔය ගැන හිතලා තිබෙනවා. නමුත් ඒකට මට කිසිම උත්තරයක් නෑ. ඒ ගැන මම කියන්න දන්නේ නැහැ. සමහරක් විට නර්තනය කරන්න ඉඩ තිබුණා.
ඉස්සරහට ඔබේ කලා ජීවිතය කොහොම තීරණය වේවිද?
මං මුලින් කිව්වේ මගේ ජීවිතයේ කෙළවර දක්වා සංගීතය තිබේවි. මම මේ ක්ෂේත්රයට එන්නේ මගේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කර ගනිමින්.
2020 දී මම ථඪඤතචදඥ ඕචදඤ එක හදන්නේ ඒ/ඹ් කරන එක අතරමඟ නවත්තල මම ඉගෙන ගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. ර්ණ/ඹ් ලෙවල් කරාට පස්සේ ඒ/ඹ් ලෙවල් අතහැරියා කියලා බොහෝ දෙනෙක් මට දොස් කිව්වා. නමුත් එහෙම කරපු එක ගැන මම අද ගොඩක් සතුටු වෙනවා.
ඇත්තටම ඉදිරියට මට අවශ්‍ය වෙන්නේ මගේම අනන්‍යතාවයකින් යුතුව මේ ගමන යන්න. මම දන්නවා ඒකට මට බොහෝ වෙහෙස මහන්සි වෙන්න වේවි. අලුත් නිර්මාණ කරන්න වේවි. ඒකට මට ශක්තිය ධෛර්යය සපයන්න පිරිසකුත් ඉන්නවා මගේ සහෝදරිය වගේම සීයගෙන් ඒකට ලොකු ධෛර්යයක් ලැබෙනවා. ඊළඟට මගේ සහෝදර කණ්ඩායමෙන් ලැබෙන දිරිය වගේම මගේ සංගීත කණ්ඩායමේ සහෝදරයන්ගෙන් ලැබෙන දිරිය අපරිමිතයි.
හේමාලි විජේරත්න
