ප්‍රවීණ රූපණවේදිනී, සම්මානනීය නිවේදන ශිල්පිනී රම්‍යා වනිගසේකර මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත විය. 70 දශකයේ වේදිකා නාට්‍ය කලාවෙන් ආරම්භ වූ ඇගේ කලා දිවිය ඉක්බිතිව ටෙලි නාට්‍ය කලාව ඔස්සේ ද විහිදිණ. ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී ආර්.ආර් සමරකෝන් මහතා සමඟ විවාහ දිවියට එළැඹීමෙන් පසු එය කලා ලොවේ අමරණීය සුසංයෝගයක් බවට පත්විය.
එක්දරු මවක වන ඇය පසුව 1983 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්රවෘත්ති නිවේදිකාවක ලෙස එක්වූවාය. එතැන් පටන් ඇය මිය යනතුරුම ප්රවෘත්ති නිවේදිකාවක ලෙස ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු කළාය. කැලණි පාලම, දූවිලි, අහසින් වැටුණු මිනිස්සු ඇතුළු වේදිකා නාට්‍ය රාශියක ද මිහිකතගේ දරුවෝ, කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී යන ටෙලි නාට්‍ය රැසකද ප්‍රබල චරිත නිරූපණය කරමින් රම්‍යා ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැඳ බැඳගත්තාය. පසු කලෙකදී ඇය ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී හා නුර්ති ගී ගායන ශිල්පිනියක බවටද පත්විය. 1950 උපත ලද ඇය මිය යන විට 74 වියේ පසුවිය. අවසන් කටයුතු පසුගියදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.