සිනමාවේ පුළුල් වපසරියක් දක්වා පැතිරවීමට රුසියානු සිනමාව දැක්වූ දායකත්වය අමිල ය. රුසියානු සිනමාව කියු සැණින් මතකයට නැංවෙන එක චිත්‍රපටයක් සහ සිනමාකරුවෙකු තිබේ. ඒ සර්ජි අයිසන්ස්ටයින් අධ්‍යක්ෂණය කළ ‘බැට්ල්ෂිප් පොටෙම්කින්’ චිත්‍රපටය සහ ‘ආන්ද්‍රේ තර්කොවිස්කි’ නමි කෘතහස්ත අධ්යක්ෂවරයා වේ. රුසියානු සිනමාව පිළිබඳ කුඩා අතීතාවර්ජනයක යෙදෙන්නට ඉඩ අවකාශය සැලැස්වූයේ පසුගිය දා නිමාවට පත් වූ ලංකාවේ පවත්වන ලද රුසියානු සිනමා උලෙළයි. එය මෑතභාගයේ ලංකාවේ විදෙස් රටවල් පාදක කරගෙන පැවත් වූ සිනමා උලෙළවල් අතුරින් විශේෂතම සිනමා උලෙළක් බවට පත්විය. මෙම රුසියානු සිනමා උලෙළ සංවිධානය කර තිබුණේ රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සහ කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසිනි.
රුසියානු සිනමා උලෙළහි විශේෂත්වය වන්නේ 1963 වසරේ පැවැත්වූ සෝවියට් සිනමා උලෙළෙන් වසර 62කට පසුව මෙයාකාරයෙන් සිනමා දැක්මක් පැවැත්වීමයි. එමෙන්ම උලෙළට සමගාමීව අන්තර්ජාතික චිත්‍රපට පිළිබඳ රුසියානු ඇකඩමික් සම්මන්ත්‍රණයක් පැවැත් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ සහ ලුලුම්බා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු වන කථිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාළ විසින් සම්බන්ධිකාරක සහ සම්මන්ත්‍රණය මෙහෙයවීම කටයුතු සිදු කෙරිණ. එමෙන්ම රුසියානු තානාපති කාර්යාලයේ චාන්සලර් මාරියා පාපෝවා, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සභාපති සහ විසින් උපදෙස් ලබාදීම කටයුතු කර ඇති අතර උලෙළෙහි අධ්යක්ෂණ කටයුතු රුසියානු ජාතික නිෂ්පාදිකා යෙලේනා ලෙබදේවා විසිනි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් උලෙළහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණීම සිදුවිණ. නොවැම්බර් මස 01 වැනිදා තිමූර් භවාන්, අලෙක්සාන්දර් ගුර්යානස් අධ්‍යක්ෂණය කළ සෙන්පති හෙවත් (කමාන්ඩ(ර්)) සිනමාපටය ප්‍රදර්ශනය සිදු කළ අතර එයට සමගාමීව නාට්‍ය හා චිත්‍රපට නළු කිරීල් සයිත්සෙෆ් සමග නිර්මාණාත්මක හමුවක් ද සිදුකෙරිණ. සිනමා උලෙළ තුළ ප්‍රදර්ශනය වු සිනමාපට අතුරින් සෙන්පති හෙවත් ‘කමාන්ඩර්’ අපුරු චිත්‍රපටයකි. එය චරිතාපදාන (ඕඪධඨපචනඩර) – ක්‍රියාදාම (ඒජබඪධද) ශානරයේ චිත්‍රපටයකි. එය ගෙතී තිබුණේ සත්‍ය කතාවක් ආශ්රයෙනි.
එනම් වර්ෂ 1988 දෙසැම්බර් 1 වන දින, සෝවියට් රුසියාවේ ‘ඕර්ඩ්සොනිකිඩ්සේ’ හි පාසලක සිසුන් තිහක් සහ එක් ගුරුවරයෙකු පමණ රැගෙන ගිය ඹ්ඒඛ -687 බස් රථයක් පාවෙල් යක්ෂියන්ට්ස්ගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ අපරාධකරුවන් පස් දෙනෙකු විසින් පැහැර ගන්නා ලද කතා පුවත මෙයාකාරයෙන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය කර තිබිණ. සිනමාපටය තේමාත්මක අංශයෙන් දේශපාලනය, බලය සහ ප්රචණ්ඩත්වය පිළිබඳ කතිකාවක් සඳහා පෙලඹවිය. නොවැම්බර් මස 02 වැනිදා අර්ත්යොම් මිනකොෆ්ගේ ‘ජල සූත්‍රය’ සහ මස්සියුම් බි්රයුස්ගේ ‘රුධිර මාදිලිය’ ප්‍රදර්ශනය කෙරිණ. නොවැම්බර් මස 03 වැනිදා ඩසිලි ලිවානෆ්ගේ රුසියාවේ ‘ලෝකඩ අශ්වාරෝහකයා’ චිත්‍රපටය රුසියානු ෆෙඩරේෂණයේ ගෞරවනීය කලා ශිල්පී, ලෝක පූජිත සංගීතඥ යූරි පතියෙන්කා සමග නිර්මාණාත්මක හමුව විශේෂිත ය.
නොවැම්බර් 04 වැනිදා කරේන් ෂහ්නසාරස්ගේ ”හිත්රෝෆ්කා” චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අතර සිනමා නිළි අන්ෆීසා ච්යෝර්නිහ්ගේ නිර්මාණාත්මක හමුවක් සමඟින් ශ්‍රී ලංකා රුසියානු සිනමා දින දැක්ම අති සාර්ථක ලෙස අවසන් විය. සිනමා උලෙළ පුරා මෙම ප්‍රදර්ශනය කළ චිත්රපටයයන්හි නළු නිළියන් සහභාගී වීම ද විශේෂ සිදුවීමකි. උලෙළ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය, හොරණ ශ්‍රීපාලි මණ්ඩපය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය, රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි අංශය, කොතලාවල ආරක්ෂක විද්‍යාලය, මහරගම නිස්කෝ විඩියෝ ආයතනය, බූඩ් කීර්තිසේන රංග පාසල සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා පාඨමාලාවේ සිසුන් ඇතුළුව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් මෙම සිනමා උලෙළ සමගාමීව පැවැත්වූ ඇකඩම්ක් සම්මන්ත්‍රණය සඳහා සක්‍රීය ලෙස සහභාගි වීම විශේෂ අවස්ථාවක් බවට පත් විය. ලාංකේය සිනමා ක්ෂේත්රයේ සිටින කලාකරුවන්, අධ්යක්ෂවරුන්, සාහිත්‍යධරයන්, විචාරකයන්, කාර්මික ශිල්පීන් මෙම උලෙළ පුරා චිත්‍රපට නැරැඹීම සඳහා පැමිණ සිටියහ. මෙවැනි අනර්ඝ සිනමා උලෙළක් ලංකාවේ සිනමාව පිළිබඳ සක්‍රීය ලෙස ගැඹුරු ලෙස අධ්‍යයනය කරන ප්‍රේක්ෂකාගාරය සඳහා අතිශය වැදගත් ය. එය මෑතභාගයේ ලාංකේය සිනමාවේ නිශ්චිත ඓතිහාසික මොහොතක් ලෙස සනිටුහන් වේ.
මලින්ත විතානගේ
