සම්මානනීය සිනමා අධ්‍යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන රිදී දෝලිය සිනමා පටයේ රූගත කිරී මේ දිනවල මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී සිදුකෙරේ. රිදී දෝලිය චිත්‍රපටයේ කතාව සහ තිරරචනයද චමින්ද ඉලුක්වෙල විසිනි.
මෙහි ශ්‍යාම් ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, උමා අසේනි, තුෂේනි ප්‍රනාන්දු, සූර්යා දයාරුවන්, වොල්ගා කල්පනී, ධනංජය ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.
රිදී දෝලිය චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ෂර්ලි සඳරුවන් වන අතර සංස්කරණය අජිත් රාමනායකගෙනි. අංග රචනය බුවනෙක රණවක විසින් සිදු කරනු ලබයි. නර්තන අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ සුජීව ජයතිලක විසිනි. රිදී දෝලිය නිෂ්පාදනය Illuk Cinema Entertainment වෙනුවෙන් සාගර කැලණිය, සාමා ආර්. කැලණිය, රංජිත් මලිගස්පේ, නීටා ප්‍රනාන්දු සහ චමින්ද ඉලුක්වෙල විසිනි.
