38
රෑන ක්රියේෂන්ස් කලා හවුල මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන තරුණ කලාකරුවන් ඇඟයීමේ සම්මාන උලෙළ පසුගිය දා කොළඹ ජාතික පුස්තකාල ශ්රවණාගාරයේදී සිදුකෙරිණි.
මෙහිදී දීර්ඝ කාලයක් කලා ක්ෂෙත්රයේ රැඳී සිටි එහෙත් ඇඟයීමකට ලක්නොවූ තරුණ රංගන ශිල්පී ශිල්පිනියන් අගයමින් සම්මාන ප්රදානය කෙරිණ. මේ අවස්ථාව සඳහා කලාකරුවන් ඇතුළු සම්භවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියහ. රෑන ක්රියේෂන්ස් සම්මාන උලෙළ සංවිධානය කරන ලද්දේ එහි නිර්මාතෘ සහ සභාපති රන්ධීර් සිසිර විතානගේ විසිනි.
