පිළියන්දල ලක්මාලී කලායතනයේ සිසු සිසුවියන් තිස් හතර දෙනකුට වෙස් බැඳීම සහ පාහිම්පත් තැබීමේ සාම්ප්‍රදායික උත්සවයට සමගාමීව රඟමිර කලඑළි මංගල්‍යය එළැඹෙන 22 උදෑසන 09.00ට පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ. තිත්තපජ්ජල සුමන වීර සහ සමරවීර ගුරුවරුන්ගේ මුලිකත්වයෙන් පැවැත්වෙන ලක්මාලී කලායතනය අධිපතිනි ලක්මාලි සමරසිංහ විසින් තෙවැනි වරටත් සංවිධානය කළ මෙම කලඑළි මංගල්‍යයට ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය රවි බන්දු විද්‍යාපති, ප්‍රවීණ ගායක සංගීතවේදී අමරසිරි පීරිස්, ප්‍රවීණ ගායිකා රූපා ඉන්දුමති, චිත්‍රපට නිෂ්පාදක සමන් අලංකාර, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රංජන්, හොරණ අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශිකා සරෝජා කන්නංගර මහත්මිය ඇතුළු කලාවේදීන් සහ විද්වතුන් රැසක් සහභාගීවෙති.
17
previous post
