Home » රඟපාන්න ඇවිත් හැරිලා ගිය අවස්ථා තියෙනවා

රඟපාන්න ඇවිත් හැරිලා ගිය අවස්ථා තියෙනවා

 මාරියා චිත්‍රපටයේ ටෙනී සුරන් දසනායක

by mavan
January 22, 2026 10:57 am 0 comment

2025 වසර සිංහල සිනමාවට නැවතත් වසන්තය උදා වූ වසරකි. චිත්‍රපට 30 ට ආසන්න සංඛ්‍යාවක් තිරගත වීම විශේෂත්වයකි. එයින් චිත්‍රපට කිහිපයක් අති සාර්ථකව තිරගත විය. ඒ අතර විවිධ ශානරයන්ගෙන් යුත් චිත්‍රපට තිරගත විය. ඒ අතරිනුත් ” මාරියා” චිත්‍රපටය වෙනස්ම මාතෘකාවක් යටතේ නිර්මාණය වූවකි. අරුණ ජයවර්ධනගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ මාරියා හී රඟපෑවේ නළුවන් පමණි. එහි නිළියන් නැත. එහි රඟපෑ ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පීන් හත් දෙනා අතරින් හත්වැනියා ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔහු සුරන් දසනායකය. ” මාරියා” චිත්‍රපටයේ ඔහු පණ පොවන්නෙ ටෙනීගේ චරිතයටය. සුරන් පසුගිය දිනෙක සරසවිය වෙත පැමිණියේ මාරියා ගැන කතා කරන්නටය. ඔහු බොළඳ , සුකුමාල පෙනුමකින් හෙබි තරුණයෙක් නොවේ.ඔහු තුළින් දිස්වූයේ කඩවසම් , චරිතාංග නළුවෙකුගේ පෙනුමකි. ඔහු පවසන්නේ ඔහු තවමත් සිනමාවට ආධුනිකයෙකු බවයි. එහෙත් මාරියා චිත්‍රපටයේ ඔහුගේ රංගනයේ කිසිදු අයුරකින් අධුනික බවක් නොපෙනීම විශේෂත්වයකි. සුරන් සිනමාවට පිවිසෙන්නේ අහඹුවක් ලෙස නොවේ. මේ සියලු කාරණා ගැන ඔහුගේ මුවින්ම සරසවියට හෙළි කළේ මෙසේය.

ඇත්තටම මගේ පවුලේ කිසිම කෙනෙක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. මගේ මල්ලිට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒත් එයාට ඒ හැකියාව පිටතට පෙන්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මමත් පාසල් කාලයේ කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ. මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහතා නිසා. මහේෂ් සත්සර මද්දුමආරච්චි ලියූ “පබා” ටෙලි නාට්‍යයේ මට සුළු චරිතයක් ලැබුණා. එය නමක් ගමක් සඳහන් චරිතයක් නෙවෙයි. එහෙත් මම ඒ ගැන නොසිතා එයට සම්බන්ධ වුණා. ඒ අතරේ මට හිතුණා රඟපෑම කියන්නේ මොකක්ද කියලා හොයන්න. මම හිතාගෙන හිටියේ රඟපාන එක හරි ලේසියි කියලා. එහෙත් ආවට ගියාට රඟපාන්න බැහැ කියලා මට තේරුම් ගියා. ඉන්පසුව මම ඒ ගැන අධ්‍යයනය කරන්න මහන්සි වුණා. ඇත්තම කියනවා නම් මම තාම රංගනය පැත්තෙන් හරි තැනකට ඇවිත් නැහැ කියල හිතෙනවා. මම තාම උත්සාහ කරන්නේ රඟපෑම කියන දේ හරියට කරන්න.

මම රංගනයට ආ මුල් කාලයේ සෑහෙන්න රස්තියාදු වුණා. ” කට්ටක්” කියල මම ඒකට කියන්නේ නැහැ. සමහර නිර්මාණවලට මට කතා කරල තියෙනවා. රූගත කිරීම් වලට ගිහාම ඒක කරන්න බැහැ කියලා හරවලා යවලා තියෙනවා. සමහර වෙලාවට ෂූටිං වලට පාන්දර හතරට අපිට එන්න කියනවා. උදේම අපිට මේක්අප් දානවා. ඒත් ප්‍රධාන නළු නිළියෝ එන්නේ එයාලගේ සීන් එකට විනාඩි පහක් දහයක් තියලා. සමහර දවස්වල පාන්දර ඉඳන් රෑ වෙනකන් ඉඳලත් රඟපාන්න අවස්ථාව නොලැබී ආපසු ගිහින් තියෙනවා. ඒත් උත්සාහය අත හැරියේ නැහැ. ඒක මම අත්දැකීමක් කර ගත්තා. ඒ අත්දැකීම් තමයි අද ඉන්න තත්වයට එන්න ප්‍රයෝජනවත් වුණේ.

පබා රඟපෑවට පස්සේ මට තවත් ටෙලි නාට්‍ය කිහිපයක් ලැබුණා. ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කළ නාට්‍ය කිහිපයකට මට චරිත ලැබුණා. අද මට හිතෙනවා ඒ වගේ සුළු චරිත කරමින් රංගනයට පිවිසෙන්න ලැබීම හොඳයි කියලා. මුල සිටම ප්‍රධාන චරිත කළා නම් මම අද මේ තැන නොසිටින්නනට තිබුණා.

මාරියා චිත්‍රපටයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණේ අරුණ ජයවර්ධන අයියා නිසා. ඔහුව මට මුණගැසෙන්නේ හිරු නාලිකාවේදී. හිරු නාලිකාවේ කරපු තර්ඩ් අයි, ජේල් වැනි වාර්තා නාට්‍ය වලට මට අවස්ථාව ලැබුණා. ඒ සම්බන්ධව වැඩ කළේ අරුණ අයියා. මීගමුව මුහුදු වෙරළ ආශ්‍රිතව තමයි ඒවායේ රූගත කිරීම් සිදුවුණේ. මම ජීවත් වෙන්නෙත් මීගමුවේ. ඒ නිසා මට වෙරළ හුරුයි. අරුණ අයියත් ඒ ගැන දැනගෙන හිටියා මට මුහුද එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. මාරියා චිත්‍රපටයේ නිෂ්පාදකතුමාත් මීගමුවේ.

මාරියා පිටපත මට ලැබුණා. එය කියවද්දී මට පුදුම ආසාවක් ඇතිවුණා. ඒ ආසාව දෙගුණ, තෙගුණ වුණේ එහි සිටින රංගන ශිල්පීන් ගැන දැනගත්විට. මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දසුන් පතිරණ කියන්නෙ අපේ රටේ ජනප්‍රිය සහ දක්ෂ නළුවන්. මට පුදුම හිතුණා ඒ අයත් එක්ක රඟපාන්න ලැබෙනවා කිව්වහම. මට දැනුණේ සම්මානයක් ලැබුණා වගේ හැඟීමක්.

රූගත කිරීම් වලට පෙර අපි ගොඩාක් ථඥඥබඪදඨඵ තිබ්බා. ඉඩධධබඪදඨ වලට වඩා තිබුණේ ථඥඥබඪදඨඵ තිබුණා කිව්වොත් නිවැරදියි. මට මේ රංගන ශිල්පීන්ව මුණ ගැසුණේ මාරියා නිර්මාණයේදී. දසුන් පතිරණව කලින් ටිකක් දැනගෙන හිටියා. මම දසුන්ගෙන් මෙහෙම ඇහුවා.

” කොහොමද මචං මේක කරන්නේ”

” දසුන් හිනා වුණා. ටික දවසක් යනකොට හරි යයි. ඔහුගේ පිළිතුර වුණේ ඒක”

මහේන්ද්‍ර අයියත් කිව්වේ උඹට පුළුවන් කියලා. අපි එකම පවුලක සහෝදරයෝ වගේ හිටියේ. මම අලුත් කෙනෙක් විදිහට ඔවුන් සැලකුවේ නැහැ.

මාරියා රූගත කිරීම් ලෙහෙසි වුණේ නැහැ. මට මුහුද හුරු නිසා අපහසුවක් වුණේ නැහැ. එහෙත් අනෙක් රංගන ශිල්පීන් ලොකු කැපකිරීමක් සහ වෙහෙසක් ගත්තා මුහුදු ජීවිතයට හුරු වෙන්න. මාරියා නිෂ්පාදන කණ්ඩායමේ හිටපු ළමයින්ට ගොඩක් අමාරු වුණා වැඩ කරන්න. ඔවුන්ගෙන් සමහරු ආපසු ගියා වැඩ කරන්න අමාරුයි කියලා. සමහරුන්ට වමනේ ගියා. අපිට මුහුදට පනින්න තිබුණා. නිසි පුහුණුවක් තිබුණේ නැත්නම් අනතුරු පවා සිදුවෙන්න තිබුණා. අපේ සහයට ධීවර ජනතාව හිටියා. විශේෂයෙන් මේ අවස්ථාවේ මීගමුවේ නීල් අයියා සහ රෝසා මල්ලිව ආදරෙන් මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම බෝට්ටුව අයිති නුවන් අයියත් මේ වෙලාවේ මතක් කරනවා. නුවන් අයියා අපිට නිතර උපදෙස් දුන්නා මුහුදේ ස්වභාවය ගැන. අපි හැමෝම වැඩ කළේ එකා වගේ. මාරියා කියන්නේ ටීම් වර්ක් එකක්. ඒ වගේම වෙනස්ම තේමාවක් ගත් කතා පුවතක්.

මුහුද, බෝට්ටු, ධීවරයන් ඉන්න කතාවක් කියල කිව්වොත් බොහෝ දෙනා සිතන්නේ හොරෙන් ඉතාලි යන කතාවක් හෝ ඕස්ට්‍රේලියාවේ යන කතාවක් කියලා. ඒත් මාරියා කතාව එහෙම එකක් නෙවෙයි. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. බොහෝ අය සිතන්නේ ධීවරයෝ කියන්නේ අමුතු ජාතියක් කියලා. ධීවරයන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. තමන්ගේ දරු පවුල් වලින් ඇත් වෙලා ඔවුන් සති මාස ගණන් ගත කරන්නේ මුහුදේ. මාරියා චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ ඵඥය ඤධතත කෙනෙක් වටා.

කාන්තාව වටා තමයි ලෝකේ හැමදේම සිද්ධ වෙන්නේ. කාන්තාවට කරන්න බැරි දෙයක් නැහැ. ඇයට ලෝකය හදන්නත් පුළුවන්. නැති කරන්නත් පුළුවන්. ධීවරයන් කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. කොච්චර සමඟියෙන් සිටියත් පොඩි හේතුවක් ඇති හැමදේම වෙනස් වෙන්න. මාරියා චිත්‍රපටයෙන් කියවෙන්නෙත් ඒකමයි. ඒත් කවුරුත් නොහිතපු විදිහට අවසානයේ කාන්තාවට ගරුත්වයක් ලබා දෙනවා.

මම නොහිතපු විදිහට මාරියා චිත්‍රපටයේ මගේ රඟපෑම් වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. අන්තර් ජාතික සම්මන පවා ලැබුණා. විශේෂයෙන් පිටරටවල ඉන්න මගේ යාළුවෝ කෝල් කරල මට සුබ පැතුවා. මාරියා චිත්‍රපටයෙන් පසු මම චිත්‍රපට දෙකක රඟපෑවා. යකඩ දෝලි සහ අනුරුද්ධ ජයසිංහ අයියගේ ධාරා. ඒවගේම ප්‍රියාවි , රංගන ප්‍රේමරත්නයන්ගේ ජැෆ්නාදරය සහ ශ්‍යාම් ප්‍රනාන්දු අයියගේ පිටකොටුව කියන නිර්මාණ වලත් රඟපෑවා.

මේ දවස් වල නම් ගත කරන්නේ කාර්‍යබහුල ජීවිතයක්. රූගත කිරීම් අතර තමයි නිතර ගැවසෙන්නේ. මම රංගන ශිල්පියෙක් වුණාට වෘත්තියෙන් පාපන්දු පුහුණු කරුවෙකු විදිහට කටයුතු කරනවා. මීගමුව තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයේ. ක්‍රිකට් ක්‍රීඩාවත් කළා. පාපන්දු ක්‍රීඩාව පැත්තෙන් මාව තේරුණා. ජාතික කණ්ඩායම (කණිෂ්්ඨ). එහෙත් හදිසියේ ඇතුළු පාදයේ ආබාධයක් නිසා ඒ සඳහා සහභාගී වෙන්න බැරිවුණා. ඇත්තටම මම පාපන්දු ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවෙන් අපට පළමුවෙන්ම කියා දෙන්නේ විනය සහ ඉවසීම. මේ දෙකම රංගනයට අත්‍යවශ්‍ය කාරණා දෙකක්. බොහෝ දෙමව්පියෝ ඉගෙනීමට පමණයි තමන්ගේ දරුවන් යොමු කරන්නේ. ඒ නිසා මම කියන්නේ දරුවන්ව ක්‍රීඩාවට වගේම කලාවටත් යොමුකළ යුතුයි. මට මාරිස්ටෙලා විද්‍යාලයෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා රංගනයත් පුහුණු කටයුතුත් සමබරව කරගෙන යන්න. ගරු විදුහල්පති සහෝදරතුමාට ගරු මර්වින්, සහෝදරතුමාට, ගරු දුලාජ් සහෝදරතුමාට සහ රෝෂන් සහෝදරතුමාට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මේ කතාබහ සඳහා මට ආරාධනා කළ සරසවියටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT