දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට පටන් ගන්නේ, එම කලාපයේ සංස්කෘතික හර පද්ධතියට යටත්විජිතකරණය (Colonization) සහ දෙමුහුන්කරණය (Hybridization) යන සාධක ද්විත්වය පැම්ණීම නෙැවැළැක්විය හැකි තත්ත්වයක් මතයි.15 ශතවර්ෂයේදී පමණ දකුණු ඇමරිකානු කලාපය ආක්‍රමණය කළ ස්පාඤ්ඤ සහ පෘතුගීසි යටත්විජිතවාදීන් විසින් භාෂාව, සංස්කෘතිය, අධ්‍යාපනය යනාදී ක්ෂේත්රයන් හරහා දකුණු ඇමරිකානු භූමියම බටහිරකරණයට නතු කළේය.
විශේෂයෙන් බ්‍රසීලය, කොලොම්බියාව, මෙක්සිකෝව යන ලතින් ඇමරිකානු රටවල් තුළ ජීවත් වූ ස්වදේශික ජාතිකයන් (Natives) ස්පාඤ්ඤ සහ පෘතුගීසි යටත්විජිතවාදීන්ගේ ග්‍රහණයට නතු වීම තුළ එම කලාපයේ සංස්කෘතික අනන්‍යතාවය(cultural Identity) සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටීමට මුහුණ දුන්හ. මෙම සංස්කෘතික යටත්විජිතකරණය පිළිබඳ අදහස නූතන ලතින් ඇමරිකානු සිනමාවේ පවා සාකච්ඡාවට ගෙන එයි. 2015 වසරේ තිරගත වූ ‘Embrace of the Serpent’ නමැති කොළොම්බියානු සම්මානනීය චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ඇමර්සන් වැසි වනාන්තරය ආශ්‍රිතව දිවි ගෙවු ස්වදේශික ගෝත්‍ර ප්‍රජාව හෙවත් ආදීවාසින් සමිපූර්ණයෙන්ම පාහේ යුරෝපීය සුදු ජාතිකයන්ට නතු වීමෙි ඛේදවාචකය පිළිබඳවයි.
චිත්‍රපටය අතිශය රසවත් ය. විචිත්‍රවත් ය. සිනමානුරූපී රූපරාමු හරහා ඇමර්සන් වනාන්තරයේ අපූර්වත්වය සිනමාත්මකව නිරූපණය කරයි. කළු – සුදු වර්ණ මාතිකාවෙන් සංගෘහිතව චිත්‍රපටයේ කතාව ගලාගෙන යන අතර ඇමසර්න් වන පෙදෙසට කඩා වැදෙන සුදු ජාතිකයන් විසින් එම කොලොම්බියානු ස්වදේශිකයන්ට අනන්‍ය වූ සංස්කෘතිය වෙත බලහත්කාරයෙන් ප්‍රවේශ වීමත්, බටහිර ප්‍රජාව සතු දැනුම, මුදල් සහ භාණ්ඩවලට හුවමාරු කර ගැනීමේ ක්‍රියාදාමය චිත්‍රපටය විසින් නිරූපණය කරනවා. චිත්‍රපටය සංකේත රාශියකින් පිරී ඇත. සුදු මිනිසාගේ දැනුමේ එක් කේන්ද්‍රයක් වූ මාලිමා යන්ත්‍රය ප්‍රබල ගණයේ සංකේතයකි. මාලිමා යන්ත්‍රය විසින් යුරෝපීයන්ට දකුණු ඇමරිකානු කලාපය වෙතට සේන්දු වන්නට මඟ කියු ප්‍රධාන මෙවලමයි.
ඇමර්සන් වනාන්තරයේ සැරි සරන සර්පයන් ද චිත්‍රපටයේ තේමාව තීව්ර කරන සංකේතයකි. එම සංකේතය විසින් ඇමසෝනියානු ඉසවිවව නියෝජනය කරන අතර යටත්විජිතවාදයේ අන්තරාදායක තත්ත්වය පිළිබඳ සංඥාවක් නිකුත් කරයි. චිත්‍රපටය පුරවටම ගමන සිදුවන්නේ ඇමර්සන් ගංගාවන් ආශ්‍රිතව ය. ගංගාව යනු කාලය සහ අත්දැකීම් ගලායෑමට හේතු පාදක වන එක්තරා ආකාරයක පාලමක් වැන්න. සුදු ජාතික යටත්විජිතවාදීන් සහ ස්වදේශිකයන් අතර සම්බන්ධතාවය ගොඬ නඟන ප්රමුඛ සාධකයකි.
සොබාදහමට දැඩ් පීඩනයක් එක් කළ රබර් වගාවත්, ඒ ආශ්රිත වෙළඳාම, මිෂනාරි ක්‍රියාකාරකම් නිසා වර්තමානය වනවිට ඇමර්සන් කලාපය දැඩි තර්ජනයට මුහුණ දී ඇත. යටත්විජිතවාදීන් විසින් ලතින් ඇමරිකානු කලාපයට වැද එහි සමතුලිතතාවයට බාධා කරන බලවේගයක් ලෙස පැමිණීම’Embrace of the Serpent’ චිත්‍රපටය තුළ නිරූපණය කිරීම ඔවුන් ලැබු දැඩි කොලනිවාදී පීඩාව සහ හානිය පිළිබඳ විනිශ්චයට එළඹෙන්නට ප්‍රේක්ෂකයාට බල කර සිටිනවා.
‘Embrace of the Serpent’චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ කොලොම්බියානු ජාතික ‘සිරෝ ගුවේරා’ විසිනි. ඔහු අධ්‍යක්ෂණය කළ මෙම’Birds Of passage’ චිත්‍රපටය හොඳම විදේශීය චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ පළමු කොලොම්බියානු චිත්‍රපටය වෙනවා. සිරෝ විසින් 2018 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘Embrace of the Serpent’ චිත්‍රපටය ද ඔස්කාර් සම්මාන උළෙලවල් හොඳම විදේශීය චිත්‍රපටය වෙනුවෙන් අවසන් වටය සඳහා නිර්දේශ නාම හිමි කරගැනීමට සමත් වෙනවා. ඔහුගේ සිනමා භාවිතාව තුළ බහුල වශයෙන් තේමා වන්නේ යටත්විජිතවාදය නිසා දකුණු ඇමරිකානු කලාපයට අත් වූ අනර්ථකාරී ඉරණම පිළිබඳවයි.
ස්වභාවධර්මය සමඟ මනුෂ්‍යත්වයේ සම්බන්ධතාවය, යටත් විජිතවාදයේ ප්‍රතිවිපාක, ස්වදේශිකයන් සතු දැනුම අහිමිවීම තුළින් පාරිසරික හා සංස්කෘතික සංරක්ෂණයේ හදිසි අවශ්‍යතාවය පිළිබඳ යම් අදහසක් චිත්‍රපටය තුළින් සන්නිවේදනය කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. යටත්විජිතවාදය සෙවණැල්ල වැටීම නිසා ලංකාවට සිදු වු සංස්කෘතික සහ සාමාජීය අනර්ථයන් පිළිබඳවත් ‘Birds Of passage’ වැනි චිත්‍රපටයක් විසින් ලාංකේය ප්‍රේක්ෂකාගාරයට නැවත මතක් කර දීම ද නිරායාසයෙන්ම සිදුවන්නකි.