තිසර ඉඹුලානගේ නවතම අධ්‍යක්ෂණයක් වන මෝඩ තරිඳු හෙට 28 දින 50 පසුකරයි. ඒ වෙනුවෙන් සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී ප.ව.6.30ට එයට රංගනයෙන් දායක වූ නළු නිළියන්, නිෂ්පාදක කණ්ඩායම සහ ප්‍රේක්ෂකයන් එක්ව දින 50 සැමරීම සිදුකෙරෙණු ඇත.
සූර්යයා දයාරුවන්, කෞශල්‍යා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, සනුද්රි ප්‍රියසාද්, ශෙහානි කහදවල, සේවියර් කනිෂ්ක, නිල්මිණී කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිනි සිගේරා, චතුර රාජපක්ෂ ශාක්‍ය සිරිවර්ධන රංගනයෙන් එක්වෙති.
කතාව හා තිර රචනය තිසර මංගල බණ්ඩාර සමඟ තිසර ඉඹුලාන, කැමරාකරණය හසිත වර්ණ සූරිය, සංස්කරණය චන්දන ප්‍රසන්න, සංගීතය දිනේෂ් ගමගේ,ගේය පද රචනය මනුරංග විජේසේකර, නිසල් ගමගේ, ශබ්ද සැලසුම්කරණය හා සංයෝජනය සසික රුවන් මාරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් උදාර චින්තක, අංග රචනය චාමර නිරෝෂන්, වස්ත්රාභරණ සුධිර චන්ද්‍රසේන, නර්තන නිර්මාණය කවිඳු මදුෂාන්, වර්ණ සංයෝජනය භවන්ත ගමගේ, දෘශ්‍ය ප්‍රයෝග හිරූෂ පතිරණ, විධායක නිෂ්පාදනය තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන, තිසර මංගල බණ්ඩාර, රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳව ආරච්චි, නිෂ්පාදන අධීක්ෂණය සමීර බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරණය සශිත් දේවින්ද, සහාය අධ්‍යක්ෂණය තිසර මංගල බණ්ඩාර ගෙනි.
