Home » මෝඩ තරිඳු දින 100 සමරයි

මෝඩ තරිඳු දින 100 සමරයි

by mavan
February 12, 2026 10:07 am 0 comment

දිවයින පුරා අති සාර්ථකව තිරගත වු මෝඩ තරිඳු සිනමා පටයේ දින 100 සැමරීම පසුගිය දින අත්තිඩිය ඊගල් ලෙක්සයිඩ් හෝටලයේදි පැවැත්විණ. තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන තිර පිටපත ලියා තිසර ඉඹුලාන අධ්‍යක්‍ෂණය කළ මෝඩ තරිඳු විධායක නිෂ්පාදනයෙන් අමිල ද සිල්වා, තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර එක්වූහ. රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳවආරච්චිත් විසින් සිදුකරන ලදි.

දින 100 සැමරීම මුල් කරගනිමින් එයට සහභාගි වූ සියලු රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සහ නිෂ්පාදනයට උරදුන් සියලු දෙනාම මෙහිදී ඇගැයීමට ලක්කෙරිණ. එමෙන්ම සිනමාපටය වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරය ලබා දුන් මාධ්‍යවේදීන්ට විශේෂ දිනුම් ඇදිමක්ද සිදුකෙරිණ. එයින් ජයග්‍රහණය ලැබුවන්ට සියලු පහසුකම්වලින් යුතුව හෝටලයක දිනක් ගත කිරීමට අවස්ථාව හිමිවිය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT