ඔහු අධ්‍යක්ෂ භූමිකාව මෙන්ම, නිර්මාණශීලී නිෂ්පාදක කර්තව්‍ය හා ජනප්‍රිය රංගන ශිල්පියෙකු භූමිකාවට නොදෙවැනි අනාගත පරපුර භාරගන්න ඉන්න දුවා දරුවන් වෙනුවෙන් ගුරුවරයෙකි. ඔහු වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමා අත්‍යවශ්‍යම රංගන ශිල්පියෙනක් බවට පත්වී හමාරය. කුඩා කාලයේ සිටම නර්තනයට දක්ෂතාවයක් දැක්වු ඔහු දෙල්වල මධ්‍ය මහා විද්‍යාලයේන් අධ්‍යාපනය ලැබීය. ඉන් අනතුරුව ටවර් හෝල් පදනමේ අධ්‍යයන කාලසීමාවට පැමිණි අතර, එහිදී මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍ර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද, හෙන්රි ජයසේන වැනි ප්‍රවීණ කලාකරුවන්ගෙන් නාට්‍ය කලාව පිළිබදව අධ්‍යාපනය ලැබීමට ඔහුට හැකි විය. රුසියානු මහා නාට්‍යවේදී ඇන්ටන් චෙකෝෆ්ගේ “චෙකෝෆ් සන්ධ්‍යාවේ දුම්කොල” නාට්‍යයේ ප්‍රධාන භූමිකා රංග කාර්යයේ යෙදීමත් සමඟ වේදිකවටද අවශ්‍යම රංගන ශිල්පියෙක් බවට පත්විය. තම නිර්මාණ කර්තව්‍යය මැනවින් තම භූමිකාව ඉටුකරන ශිල්පීන් කිහිපදෙනා අතරට ඔහුට ඒමට හැකිවීමද ඔහු ලද භාග්‍යයකි. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මේ සියලු දේට ඔහුට රුකුලක් විය.වේදිකා නාට්‍ය 20ක්, ටෙලි නාට්‍ය 15ක් සහ සිනමාපට 12කට ප්‍රමාණයකට මෙවන විට රංගනයෙන් දායක වී ඇත. ඔහුගේ රංගන ජීවිතය පසුගිය වසර තුළ වෙනත්ම දිශානුතියකට ගෙනගියේය. ඒ”වාලම්පුරිය” චිත්‍රපටයේ ර්‍ණධ්ඛ්ගේ චරිතය හරහා ජනප්‍රියත්වයට පත් විමත් සමඟය. මේ වන විට ඔහු ගැන ප්‍රේක්ෂකයාගේ අවධානයට යොමු වී සිටින්නේ සසංකාරා හේතු හාමි සහ ආලය ටෙලි නාට්‍යය රන්හොටිගේ චරිතයත් සමඟය. අලුතින් ආරම්භ කළ රූපවාහිනී නාලිකාවත් එහි තොරතුරුත් සමග වසන්ත මොරගොඩ නම් ප්‍රවීණ නිර්මාණවේදියා සමඟ සරසවිය කළ කතාබහයි.
අලුත්ම වැඩ දෙක තුනකට යොමු වෙලා කියලා දැනගන්නට ලැබුණා?
මගේ රංගන ජීවිතයේ අලුත්ම වැඩේ තමයි සිවගුරුනාදන්ගේ ඇහිපිල්ලමක් කියන අලුත් ටෙලි නාට්‍යයේ වෙනස්ම විදිහේ චරිතයක් නිරූපණය කරනවා. ඒය ඉතාම හරිම ආසාවෙන් කරපු චරිතයක්ය. ඇහිපිල්ලමක් ඉතාම ඉක්මනින් විකාශය වීමට නියමිතයි. තාම ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා නැති හින්දා ඒ චරිතය ගැන වෙනස්ම විදිහට තමයි සමාජගත කරන්නට අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදක කණ්ඩායම සූදානම් වෙන්නේ.මට ලැබෙන ඕනම පිටපතකට අනුව එකිනෙකට වෙනස් චරිත කිරීමට තමයි මම වැඩි කැමැත්තක් දක්වන්නේ. මේ චරිතයත් ඒ හා සමාන වෙනස් චරිත ගොන්නකට එකතු වෙන චරිතයක් වෙයි.
මේ වන විට කවුරුත් කතා කරන්නේ ආලේ ගැනනේද?
කාලෙකින් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් වලට ගිහිල්ලා කලබලයක් නැතුව මානසික සුවයෙන් කරපු වැඩක් තමයි ආලේ. මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා හරිම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ආලෙත් රංහෝටිට තිබුණේ මිට පෙර කරපු සසංකාරා නාට්‍ය හා ප්‍රවේශයක්. මෙහි ප්‍රවේශයේ තියෙන්නේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ කතාවක්ය. ඒත් පසුකාලය වන විට ප්‍රේක්ෂකයන් දැනගන්නවා ප්‍රේම සම්බන්ධයක් නෙවෙයි තියෙන්නේ වෙනත් සම්බන්ධතාවයක් කියලා. මුලින් රන් හොටීට මුලින්ම හොඳටම දෝෂාරෝපණය කළා. නාකියා, කුපාඩියා, ජරා මිනිහා කියපු ප්‍රේක්ෂකයෝ ඒ චරිතය සැබෑ ස්වරූපය තේරුම් ගත්තාට පසුව ප්‍රේක්ෂකයාට දැන් වැටහිලා තියෙනවා මං මේ සියලු දේ කළේ දාරක ප්‍රේමය නිසා බවයි කියන එක. දැන් ප්‍රේක්ෂකයන් සඳහන් කරන්නේ ඒ චරිතයේ තේරුම් ගන්න අමාරු හරි මානුෂීය හැඟීම්වලින් යුක්ත චරිතයක් බවයි.
චරිතයෙන් මිදුණාට පස්සේ වසන්ත මොරගොඩ කියන චරිතයට මිනිස්සු කැමති වුණාද?
මිනිස්සු මා සමග සම්බන්ධතා ඇතිකර ගන්නේ මගේ චරිතත් සමඟයි.සමහරක් අය තාමත් කැමති නෑ මම ඉන්න විදිහට හා කතා කරන විදිහට. සාමාන්‍ය මගේ ජීවිතයේ හැසිරෙනිරෙන විදියට, සමහරක් අය මම නළුවෙක් කියලා තාම පිළිගන්නෙත් නැතුව ඇති කියලා මම හිතනවා. මම ඉතාම අති සාමාන්‍ය විදියට ජීවත්වන චරිතයක් නිසයි. ඔවුන් විශ්වාස නොකරන්නේ මම නළුවෙක් කියලා. වැඩි දෙනෙක් චරිතයක් ආපුවහම විතරයි කතා කරන්නේ. ඒ චරිතය ෂෙයා වෙනවා ඔළුවෙ තියාගෙන බලලා දැකලා නින්දා, අපහාස, බනිනවා, ඒකට මම ඇත්තටම කැමතියි. ඒ අපහස, තර්ජන, බියගැන්වීම්, සැර වචන සහ කැත වචන කීම් තුළ මම කරපු චරිතය තුළ සාර්ථක අසාර්ථක භාවය මැනගන්න තියෙන එක නිර්ණාකයක් ලෙසයි මම ඒ සියලු දේවල් ගන්නේ.
රන්හොටී ගේ චරිතය දීර්ඝ නාට්‍යයක් බවට ගෙන යයිද?
මේ වන විට කොටස් පනහක් ඉක්මවා ගොස් තිබෙනවා.සමහර විට මෙම නාට්‍යය දීර්ඝ නාට්‍යයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. මම පොඩි රූල් එකක් දාගෙන තිබුණා මට කොටස් සීයෙන් එහාට නාට්‍යවලට මම යන්නේ නැහැ කියන තැනට. මට හිතෙනවා මේ තරගකාරී ලෝකය තුළ ටෙලි නාට්‍යයක් ප්‍රේක්ෂකයා හමුවට යන්නේ කොටස් හතළියක් ඉක්මවා ගිය පසුව බවයි. විකාශය වන ටෙලි නාට්‍ය ප්‍රමාණයේ වැඩි නිසා අහල බලලා සමාජීය සංවාදයක් ඒ තුළ ඇතිවෙලා. ඒකට ඇබ්බැහි වෙන්නම ප්‍රේක්ෂකයාට යනවා කොටස් හතළිහක් විතර. ඒ සියලු දේවල් අධ්‍යක්ෂකවරුත් දන්නවා. දැන් කලාව විතරක් කරලාමදි, මේ සියලු දේවල් කරන්නේ මාර්කටින් ස්ට්‍රැටර්ජි එකක් තුළයි. ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයට හොඳම තැනට ටෙලි නාට්‍යයක් දැන් ගේන්නේ කොටස් හැටේදී හැත්තෑවෙදි. ඒ හේතුන් නිසා සාමාන්‍ය ටෙලි නාට්‍යයක් කොටස් 150ක් 200ක් විතර විකාශනය වෙනවා.
වලංපුරියේ OIC චරිතයෙන් පස්සේ අලුත් සිනමාපටයකට දායක වෙලා කියලා ආරංචියි?
මේ වන විට කසුන් සමීරගේ සුදු පුතා අලුත් සිනමාපටයට රංගනයෙන් එකතුවෙලා ඉන්නේ. ඒ චරිතයටත් මම හරිම ආසාවෙන් රංගනයේ යෙදෙන්නේ. එකිනෙකට වෙනස් චරිත තමයි හැමවෙලේම මට ලැබෙන්නේ. අපේ පරම්පරාවේ අයත් එක්ක නෙමෙයි මම එතැනදී එකතු වෙන්නේ. නව පරම්පරාවේ නිර්මාණශීලී පිරිසක් සමඟයි. වෙනස් ඇහැක් තියෙන ළමයි. ඔවුන් සමඟ වැඩ කිරීමත් මට හොඳ අත්දැකීමක් බවට පත්වුණා. අපේ පරම්පරාවට වඩා ගොඩක් ඉදිරියෙන් නව නිර්මාණකරණයේ යෙදෙන්නේ. ලොකයත් සමඟ හොඳ ගනුදෙනුවක් කරන පිරිසක්. අපේ පරම්පරාව දූපත් ගෝත්‍රික මානසිකත්වයෙන් ජීවත් වුන පිරිසක්. නව පරම්පරාව දූපත්, ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිලා පවුරු යදම් බිඳගෙන ඉදිරියට යන පිරිසක්. අපෙන් අපේක්ෂා කරන දේවල් වගේම ඔවුන්ගෙන් ද අපිට රංගනය ගැන ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝය. කොහොම වුණත් අපිට නව පරම්පරාවත් සමඟ අනුගත වෙලා කටයුතු කරන්නට ඉදිරියේදී සිදුවෙනවා. ඒ දිහා බලලා අපිට සතුටු වෙන්න පුළුවන් ක්ෂේත්‍රයක් අපිට ඉදිරියේදී තිබෙනවා කියලා හිතන්න පුළුවන් කාල වකවානුවක් ඇතිවි තියෙනවා.
“සසංකාර” ටෙලි නාට්‍යය දෙකක රංගනයෙන් දායකත්වය ගැන මොනවද කියන්න තියෙන්නේ?
“සසංකාර” ටෙලි නාට්‍යයේ මම “හේතු හාමි” චරිතය රඟපාන අතර, මේ චරිතය සඳහා මට විවිධ විවේචන එල්ල වීත් තිබෙනවා. මේ චරිතය “සුදුත් නැති කළුත් නැති අළු චරිතයක්” ලෙස යි මගේ භූමිකාව මම ඉටු කරන්නේ. සමාජයේ මේ චරිතය ගැන හොඳ විපරමින් සහ උනන්දුවෙන් වසන්ත මොරගොඩ කියන නම අයින් කරලා හේතු හාමි කියන චරිතය තුළ ජීවත්වෙනවා. මට ඕන උනෙත් වසන්ත මොරගොඩ කියන චරිතයෙන් මිදිලා හේතු හාමි කියන චරිතය ප්‍රේක්ෂකයා හමුවට ගෙන එම පමණයි.
සසංකාරා නිසා මේ වසරේ ඇගයීම් උළෙලකදී කතා බහට ලක්වන චරිතයක් බවට පත්වීමට ඉඩ තිබේයිද?
මගේ ජීවිතේ මම මේ ගමන ආවේ හරිම අමාරුවෙන්. ඒ ආපු අමාරු ගමනේදී තමයි මට මෙච්චර තාක්කල් හමුවුණු චරිතත් සමඟින් ගැටුණේ. ඒ ගැටීමම තමයි ඒ චරිත තුළ මම ජීවත් කරේ.
මට විවිධ චරිත රඟපෑමට අවශ්‍යයි. එකම වර්ගයේ චරිත රඟපෑමට මම කොහොමත් කැමති නැ. “හේතු හාමි” චරිතය තෝරාගත්තේ, ඒ චරිතය රංගන පරාසය විදහා දැක්වීමට හැකි වූ නිසාය.
සමහර විට ඒ චරිත කතාබහට ලක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ජනතාවගෙන් ලැබෙන ඇගැයීම මගේ ජීවිත කාලය පුරාවටම ලැබෙනවා. ඔවුන් තමයි මාව ජීවත් කරවන්නේ කියලයි මම හිතන්නේ. හරි ප්‍රමිතියකට යුතුව, නිවැරදි නිර්ණායකයන් යටතේ ඇගයිමකට ලක්වෙනවා නම් ඒ දෙය සතුටින් බාරගන්නට පැහැදී සිටිනවා. මිනිසුන් මාව අගයන්නේ මගේ ලස්සනටවත් උස මහතොටවත් නෙවෙයි නෙවෙයි. මගේ හැකියාවට පමණයි.
ඔබ පෙරළියක් කරපු තැනක් තමයි වේදිකාව අලුත්ම තොරතුරු මොනවද?
මම වේදිකාවට පිවිසෙන්නේ මගේ සමීපතම මිත්‍රයෙක් වන උදයසිරි වික්‍රමරත්න. ප්‍රසිද්ධ වේදිකාවට රංගනයෙන් දායක වෙන්නේ උදයසිරිගේ වමනේ කියන නාට්‍යයෙන්ය. ඊට පස්සේ කරපු නාට්‍යවලට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඔහු මාව සම්බන්ධ කරගත්තෙත් නැහැ.එකට සමහරවිට මොකක් හරි හේතුවක් ඇති කියලයි මම හිතන්නේ. ඒ ගෙවුණු කාලේ එහෙම වුණාට මේ වර්තමානයේ දැන් උදයසිරිගේ නාට්‍ය දෙකක මම රංගනයේ යෙදෙනවා. දැනට වේදිකා ගත කරන නාට්‍යයක සහ ඕකේ කට් පැකප් කියන නවතම වේදිකා නාට්‍යයේ, මේකෙ මුල්ම දර්ශනය පවත්වන්නේ මාර්තු පළමු වැනිදා. වේදිකාගත කරනවා. ඒ වගේම තමයි මම අධ්‍යක්ෂණය කරපු දෙවියොත් දෙලොව නාට්‍යවාර කිහිපයක්ම වේදිකාගත කරා. දේශපාලනික වශයෙන් හාස්‍ය උත්පාදක නාට්‍යයක් ලෙසයි මෙය වේදිකාගත කරන්නේ. අද වේදිකා නාට්‍යයක් පෙන්නනවා කියන්නේ අමුතුම කලාවක් බවට පත්වෙලා.අපිටවත් කොළඹ හෝල් එකක් වෙන් කරගන්න බැරි කාල වකවානුවක් ද උදාවෙලා.මගේ අදහසක් තියෙන්නේ ආධාර දර්ශන වගේ මේ වේදිකා නාට්‍යය වේදිකාගත කරන්නටයි. වියදම අඩුවෙන් දර්ශන වාර පැවැත්වීම තමයි මගේ අරමුණ වෙන්නේ.අද පවතින වාතාවරණය අනුව වේදිකා නාට්‍යයක් ගෙනල්ලා වේදිකාගත කරන්නට අමාරු තත්ත්වයක් උදාවෙලාා තිබෙනවා.තරගකාරීත්වය වෙනුවෙන් මම මෙම නාට්‍යය නිර්මාණය කළෙත් නැහැ. ඉදිරියේදී දර්ශන වාර කීපයක් වේදිකාගත කරන්නට තැන් කිහිපයක තිබෙනවා. හුදු විනෝදාස්වාදය වෙනුවෙන් තමයි මේ නාට්‍යය මම කරගෙන යන්නේ.
වේදිකාව තුළට ගෙන ආ යුතු නිර්මාණ ගැන කතා කළොත්?
අපි නාට්‍ය කරන්නට තිබුණු හේතුවයි අද තරුණයාට නාට්‍යය කරන්නට තිබෙන හේතුවයි දෙකක් වෙනවා. අපි කරපු අරමුණයි දැන් කරන අරමුණයි අතර විශාල පරතරයක් තිබෙනවා. දැන් කරන අරමුණ වෙනුවෙන් ප්‍රේක්ෂකයා හුරු වෙලයි එතැනට සිටින්නේ. ප්‍රසන්නජීත් ගේ දෝර දණ්ඩා නාට්‍යයේ ප්‍රධාන චරිතය ලෙස රංගනයේ යේදුනේ මමයි. ප්‍රසන්න සමඟ අර්බුදයක් ඇතිවෙලා අමනාප වෙලා මම එතනින් අයින් වුණා. ඉන්පසුව ප්‍රසන්න අලුත් නාට්‍යයක් ලෙසට කරා දෝර දණ්ඩා.. ඔහුගේ ප්‍රසන්නාව ලෝකනය නිමිත්තෙන්. ඒ කාලේ මේ නාට්‍යය හොඳ කතාබහකට ලක්වුණු නාට්‍යයක් වුණා. ඒත් අද මෙවැනි නාට්‍යවලට දර්ශන වාර නොමැති බවයි ප්‍රසන්න පසුගිය දිනක මාව අහම්බෙන් මුණගැහිලා සඳහන් කළේ. රුචිකත්වයක් වෙනුවෙන් නෙවෙයි ප්‍රේක්ෂකයා වේදිකාවට ඇදෙන්නේ කුණු රුචිකත්වය වෙනුවෙන්ය. අද නිර්මාණය රස විඳීන්න වෙනුවට වැඩිය ප්‍රෙක්ෂකයාගේ මනස තුළ හිරවෙලා තද වෙලා තියෙන දේවල් ලිහිල් කරගන්නට ඩබල් මිනින් ව්‍යංගර්ථයෙන් සංවාද තිබෙන නාට්‍ය රුචිකත්වය තියෙන ඒවා බලන්න තමයි ගොඩක් ඇදෙන්නේ. ඒ වගේම තමයි දේශපාලනික රැල්ලට හසුවී දේශපාලනික වශයෙන් ප්‍රහාර එල්ල කරන නාට්‍යය ප්‍රේක්ෂකයා නැරඹීමට හරිම රුචිකත්වයක් දක්වනවාඒ රැල්ලට හසු නොවී ගුණාත්මක නිර්මාණකරණය වේදිකාවට ගෙන එන්නට අද සමත් වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.මම නම් මින් ඉදිරියට නාට්‍යය නිර්මාණකරණයට යෙදීමට අදහසක් නෑ. මගේ පාට් එක නොවන බව මම වටහාගෙන තිබෙන්නේ මගේ පාට් එක රංගනය බව විතරයි මම දැන් දකින්නේ.
මේ වන විට හැමෝගෙම කතාබහට ලක්වෙලා තිබේනවා අලුත් දෙයක් සමාජ ගත කළා කියලා ඒ මොකක්ද ?
මගේ ජීවිතය මම කවදාවත් පල් වෙන්ඩ දෙන්නෑ. මගේ ජීවිතේ හැටි කියලයි මම හිතන්නේ.ජීවිතේ කවදාකවත් රෝස මල් යහනාවලින් ආපු ගමනක් මට තිබුණේ නැහැ. ආපු තැන්, අභියෝග තිබුන තැන් බිඳ වැටුණුතැන් හදාගෙන නැගිට්ටි නැත්නම් අපි අද මේ ඉන්න තැනවත් අපිට නැහැ.එනිසා හැම තැනකින්ම මම වගේ ඉලක්කයට යන්නට මොන බාධකය ආවත් මගේ ඉලක්කවලට යන්න මම පාර කපා ගන්නවා. මේත් එහෙම වැඩක ප්‍රතිඵලයක් තමයි. මම කාලයක් නොපෙනී හිටියෙත් ඒ නිසාමයි. මට තිබුණු ප්‍රශ්න නිරාකරණය කරගෙන පූර්ණ කාලිනව මේකට කැප කරන්නට ඕන වුණා. ඒ අවධිය අවසන් කරලා මම දැන් වැඩේට බැහැලයි ඉන්නේ. මම දැන් රංගන ක්ෂේත්‍රයට ඇවිල්ල ඉන්නේ. මට නිදහස තියෙනවා. විශේෂයෙනි කියල මූල්‍ය අර්බුද ඇතිවෙලා නෑ. ලංකාව වගේ රටක යෙදෙන්නට ඕන විදිහට කලාවේ නිරත වෙන්නට මට දැන් අවස්ථාව තිබෙනවා. අනිත් පිරිස් වලට වගේ ටෙලි නාට්‍යයකට ගියාම අද හවස මට සල්ලි දෙයි ද නැද්ද කියන දේ මගේ ඔළුවෙන් අයින් කරලායි මම මේ ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්නේ. ඒ වෙනුවට මම මගේ පසුබිම හදාගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් මම ගොඩක් කැපකිරීම් කරලයි. ඒ තැනත් හදාත්තේ. දැන් අපේ ජීවිතේ ගෙවෙන්නේ තරුණ බවට නෙවෙයි වයස ඉක්මවා යාමයි.එනිසා මම කලාවේ නිරත වීමට පසුබිම මේ වෙන විට සකසාගනිමින් එහි දිගටම නිරත වීම තමයි සිදු කරගෙන තිබෙන්නේ. ඒ දේ තමයි මම සමාජගත කළේ.
අලුත් නාලිකාවකුත් ආරම්භ කළා කියලා දැනගන්නට ලැබුණාා?
මම වැඩ කරන්නේ පියුචර් ලයිෆ් හෝල්ඩින් කියන ආයතනයේ. අලෙවි කළමනාකරු ලෙසයි සේවය කළේ. ඒ කම්පැනිය ආයතන දහතුනක් තියෙනවා. මේ සේවය කරන සියලු දෙනාම සෘජුවම වැඩ කරන්නේ කාන්තාවන් සමඟයි. එහි වැඩ කරනකොට තේරුණ දෙයක් තමයි. කාන්තාවන්ගේ ජීවිතය උසස් තැනකට ගේන්න ඕන කියන එකයි.මේ ආයතනය මුඛ්‍ය පරමාර්ථය ද එයයි. ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා මනුෂ්‍යත්වයෙන් පිරි වෙනස් විදියට හිතන නිලධාරියෙක්. ආයතනයට ලැබෙන ආදායමෙන් සියයට පනහක්ම CO වියදම් කරන්නේ කාන්තාවන් වෙනුවෙන්ය. ලක්ෂ තුනක් පමණක් කාන්තාවන් සමඟ වැඩ කරන නිසා මේ කතාව අපි මුළු ලංකාවටම කියමු කියලා යෝජනාවක් මම ගෙනාවා. රූපවාහිනි නාලිකාවක් පටන් ගමු කියලා.එහි ප්‍රතිඵලයක් ලෙස තමා ලංකාවේ පළමු කාන්තා peo tv හරහා UHF 130 අංකය යටතේ ලීයසී cable tv නාලිකාවක විකාශන කටයුතු අපි පටන් ගත්තේ. මේ වන විට එහි සක්‍රීයව විවිධ වැඩසටහන් විසිහයක් කාන්තාවන් වෙනුවෙන් විකාශන කටයුතු සිදු කරනවා. ඊට අමතරව සමාජ මාධ්‍යක් ලෙස youtube නාලිකාවක්ද පවත්වා ගනිමින් යනවා. මේ නාලිකාවේ මුඛ්‍ය පරමාර්ථය තමයි කාන්තාවගේ අභිමානය ගෞරවය, රැකවරණය, ආරක්ෂාව, සමාජ සුරක්ෂිතතාවය, පවුල ඇතුළෙ තිබෙන සමගිය රැකවරණය වෙනුවෙන් තමයි මේ නාලිකාව කරගෙන යන්නේ.මාස හයක් වැනි කෙටි කාල සීමාවක් තුළ මේ නාලිකාව පටන්ගෙන ඉහළම ප්‍රතිචාර ඒ වෙනුවෙන් ලැබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවිධ තරාතිරම් වල බුද්ධිමතුන් අප සමග ඔවුන්ගේ දැනුම නාලිකාව හරහා බෙදා දීමට එකතු වෙමින් සිටිනවා. ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් අඩුපාඩුව පැවැති කාන්තා නාලිකාවක් පටන් ගැනීමටත් අපි කළ ලොකු මෙහෙවරක් ලෙසයි අපි දකින්නේ. මුදල් ඉපයීමේ මුඛ්‍ය පරමාර්ථයක් කොටගෙන නෙවෙයි මේ නාලිකාව අපි පටන් ගත්තේ. ඉදිරි වසර තුළ මේ නාලිකාව අපි ඉහළට ඔසවා තබන්නට බලාපොරොත්තු වෙනවා. පුරුෂ මූලික සමාජය තුළ කාන්තාවක් පාවිච්චි වෙන්නේ ආභරණයක් ලෙසයි. දැනට පවත්නා ආයතන, නාලිකා, මාධ්‍ය සියල්ලම ඉටු කරමින් පවතින්නේ ඇය ආභරණයක් ලෙස යොදා ගැනීම පමණයි. අපිට ඕනැකම තිබෙන්නේ කාන්තාවන්ට ගෞරවනීය පසුබිමක් හදන්නටය. අපි ඇය අලෙවි භාණ්ඩයක් ලෙස විකිණීමට නොවේ නාලිකාව පවත්වාගෙන යන්නේ. ඒත් අනිකුත් සියලු දෙනාට ඇය අලෙවි භාණ්ඩයක් නොකරගෙන පවත්වා ගෙන යාමට බැහැ. ඒ සියලු දෙනා ගාව මූල්‍යමය පැත්තෙන් දුර්වලතාවයන් පවතින නිසයි. ඍජු ලෙසම අප සමඟ සම්බන්ධ වෙලා කාන්තාවන් වෙනුවෙන්ම වැඩ කරන්නට කැමති කෙනෙක් ඉන්නවනම් ඔවුන්ට නපධනධඵචත ගෙනල්ලා අපිත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්නට අවස්ථාව තිබෙනවා.අපි සමස්ත කාන්තාවන්ට සමීප වන ආකාරයටය.නාලිකාවක් ලෙස පවත්වා ගෙන යාම ගත්තම එය හොඳ සාධනීය මට්ටමක් කියලා කියන්න පුළුවන්ය.
වසන්ත මොරගොඩ “ඇක්ට් ඉම්පැක්ට්” (ACT IMPACT) නම් ආයතනයක් පවත්වාගෙන යනවා කියන්නේ මොකක්ද?
මම ඉගෙන ගත්ත දේ තවත් පරම්පරාවකට ගුරු මුෂ්ටියක්නැතුව දෙන්නට ගත් උත්සහයක ප්‍රතිපලයක් ලෙස ඇක්ට් ඉම්පැක්ට්” (ACT IMPACT) නම් ආයතනයක් පවත්වාගෙන යනවා. දරුවන්ට රංගනය සහ මානසික සංවර්ධනය පිළිබඳව උගන්වනවා. මම මෙම ආයතනය ශශ්‍රී ලංකාවේ ස්ථාන 16ක පවත්වාගෙන යන අතර, 8000කට අධික දරුවන්ට අධ්‍යාපනය ලබා දී තිබෙනවා. මේ වන විට වසරින් වසර ළමුන්ගේ ඇතුළත් වීමද මේ හරහා සිදුවෙනවා.පොත පතට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට දරුවකුගේ සංවර්ධනය වෙනුවෙන් ගුණ යහපත් දක්ෂ දරුවකු සමාජගත කරන්නටයි මගේ මේ වෑයම ඇක්ට් ඉම්පැක්ට්” (ACT IMPACT) හරහා සිදුකරනු ලබන්නේ. ඕනෑම දරුවකුට වයස් කණ්ඩ අනුව මා සමඟ මේ ගමනට එකතු වෙන්නට පුළුවන්.
ඉදිරියේ කරපු නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා නේද?
මේ අවුරුද්දේ තිරගත කිරීමට අදහස් කරගෙන සිටිනවා රුපියලක් දෙන්නා සිනමාපටය. එහි සංස්කරණ මට්ටමේ තමයි දැන් සිනමාව පටය තිබෙන්නේ. මේ ළමා චිත්‍රපටයක් ලෙස තමයි තිරගත වන්නේ. සංගීත වීරරත්න සමඟ ශ්‍යාම් ප්‍රනාන්දු මෙහි රංගනයේ යෙදෙනවා.මේ සිනමා පටය ළමයි වෙනුවෙන් වැඩිහිටියන් අනිවාර්යයෙන් බැලිය යුතු නිර්මාණයක් වෙනවා.මම රංගනය යෙදුණු ටෙලි නාට්‍ය තුනක් විකාශනය වීමට තිබෙනවා මේ වසරේ විකාශය වෙයි කියලා මම බලාගෙන ඉන්නවා.වසර දෙකක් විතර යනකම් මම ටෙලි නාට්‍ය ආපහු රංගනයේ යෙදෙන එකක්හැ.ඒත් වේදිකා නාට්‍යයක් සිනමා පටයකට සම්බන්ධ වීමට ඉඩකඩ තියෙයි. වේදිකාවට සහ සිනමාවට ඇදී එන ප්‍රේක්ෂකයන් දිහා බලපුවම හරිම සතුටක් දැනෙනවා. එවැනි ප්‍රේක්ෂක පිරිසක් ශාලාවලට ඇදී එනවා කියන්නේ හොඳ ලක්ෂණයක් ලෙස දකින්නට පුළුවන්. ඒ නැගිටුණු රැල්ල දිගටම තියාගන්න නම් හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයා හමුවට ගෙනා යුතුයි. මිනිසුන් උසස් කරලා තියන්න හා ඔවුන්ව සතුටින් තියන්න තමයි අපි ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ සතුට වෙනුවෙන් ඉදිරි අනාගතයේ කැප කිරීමට තමයි මගේ අදහස් වී තිබෙන්නේ.
සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
