කලකට ඉහතදී විවිධ මාධ්‍ය තුළින්, ශුක්‍රාණු තැන්පත් කිරීමේ බැංකුවක් විවෘත කිරීම පිළිබඳව ප්‍රවෘත්තිය අසන්නට දකින්නට ලැබුණි. එම ප්‍රවෘත්තිය දරුඵල නොමැති පාර්ශ්වයනට මහත් අස්වැසිල්ලක් විය. මෙරටට නැවුම් ප්‍රවෘත්තියක් වුවද, එය ලෝකයේ වෙනත් රටවල වර්ෂ ගණනාවකට පෙර සිට ක්‍රියාත්මකව පැවත එන්නෙකි. මැසේන්ජර් සිනමා නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයා වෙත ගෙන එනු ලබන්නේ උක්ත කරුණට අදාළව බලපෑමකට ලක්වන සොඳුරු කැදැල්ලක අභාග්‍ය සම්පන්න කතාපුවතකි. අජිත් නමැති තරුණයා නොහික්මුණු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු මෙන්ම, දැඩි ස්ත්‍රී ලෝලියෙකි. නිතර මුහුණු පොත ඔස්සේ දැන හඳුනා ගන්නා කාන්තාවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට ඔහු වෙහෙස දරයි. කලකට පෙර, එක් අවස්ථාවකදී අජිත් සිය ශුක්‍රාණු එක්තරා වෛද්‍යවරයෙකු වෙත මුදලට අලෙවි කරයි. දිනක් අජිත් මුහුණු පොතේ සැරිසරද්දී, සුරූපී කාන්තාවක් සිය පුතුගේ හත්වන උපන්දිනය සමරන අයුරු ඡායාරූප පෙළක් සමඟින් මුහුණු පොතේ පල කර තිබෙන අයුරු දකී. එම ඡායාරූප අතර, අජිත් තම ශුක්‍රාණු අලෙවි කළ වෛද්‍යවරයා සිටිනු දැකීමත්, එහි සිටින දරුවාගේ රුව තමන්ගේ රූපයට බෙහෙවින්ම සමානකම් පෙන්වීමත් අජිත්ට යම් ප්‍රශ්නාර්ථයක් ගෙන දෙන්නක් විය. පසුව ඔහු එම කාන්තාව මුණගැසී දරුවාගේ පියා තමන් බව පවසයි. ඉන් කලබලයට හා අසරණභාවයට පත් වන එකී කාන්තාව කුමන තීරණයක් ගනු ලබයිද සහ දරුවාගේ සැබෑ පියා කවුරුන්ද යන්නත්, අදාළ වෛද්‍යවරයා මුහුණපාන තත්ත්වය පිළිබඳවත් මැසේන්ජර් තුළින් පෙන්වා දී ඇත.
අනූව දශකයේ මුල් භාගයේදී තිරගත වූ ‘යුවතිපති’ සහ ‘ප්‍රතිඥා’ ඇතුළු චිත්‍රපට කිහිපයක සහය අධ්යක්ෂවරයකු ලෙසින් සිනමාවට පිවිසි එරංග සේනාරත්න , 1994 වර්ෂයේදී ‘පළමු පත්වීම’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරය තුළින් ප්‍රේක්ෂකයා අතරට පිවිස, ‘ඉර හඳ යට, ‘හෝඩුවාව’, ‘තොණ්ඩුව’, ‘කේතුමතී රජ දහන’, ‘පූජා’, ‘ආදරවන්තයෝ’, සක්වාලිහිණි’, ‘දෙපත්නයි’, ‘රෑන ගලවත්ත’, ‘හිරු සොයා’ , ‘අහසින් වැටුණු ගැහැනියක්’, ‘කුරුලු පිහාටු’, ‘සුදුසේල’, ‘නිල්නෙතු’ වැනි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින් විකාශනය කර ඇත. තිර පිටපත් රචකයෙකුසේම නිෂ්පාදකවරයෙකුද වන ඔහු , 1999 වර්ෂයේදී ‘සුරයහන ගිනිගනී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවද ජයගෙන, ‘ගිනිගත් මධුසමය’ (2000), ‘රෝස පැටික්කි’ (2002), ‘සිනාසුණා ආදරෙන්’ (2009), ‘ස්විට් ඒන්ජල්’ (2011), ‘නෝනේ මගේ සුදු නෝනේ’ (2015), ‘මොනාලිසා’ (2022), ‘පිරිමි ආදරයක්’ (2024) වැනි චිත්‍රපට සිනමා තිරයට එක් කිරීමට සමත් විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ , ‘ටාජ් මහල්’, ‘ඔස්කා’, ‘ටියුෂන් සර්’, ‘ආදරෙයි ජානු’ ඇතුළු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.
ප්‍රධාන රංගන දායකත්වය
බුද්ධික ජයරත්න, දිනෙති වල්ගම, සරත් කොතලාවල, ප්‍රදීප් රාමවික්‍රම, තෙනුජ මිසඳ ආකාශ්, චරිත් ආචාරිගේ, රංජිත් කඩුපිටිය, සුසංග කහඳවආරච්චි, ඩිලානි අබේවර්ධන, මැණික් පෙරේරා, ළහිරු තිලෝෂණ මධුසංඛ, මෙත්තානන්ද විතානගේ, සුමිත්‍රා රංජනී, උදාර අරුමක්පෙරුම ආරච්චි, රෝහණ මුතු කුමාර
ප්‍රධාන කාර්මික දායකත්වය
- අධ්‍යක්ෂණය -එරංග සේනාරත්න
- නිෂ්පාදනය -ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා
- කතාව, දෙබස්, තිර රචනය සහ ගී පද රචනය -රොෂාන්ති සේනාරත්න
- කැමරා අධ්‍යක්ෂණය – නිශාන්ත ප්‍රදීප්
- කලා අධ්‍යක්ෂණය -බන්දුල වීරසේකර
- අංග රචනය -රසික තෙන්නකෝන්
- සංස්කරණය-අනුෂ සංජීව ජයවර්ධන
- වර්ණ සංයෝජනය-ශාන් අල්විස්
- ශබ්ද සැලසුම්කරණය-සසින් ගිම්හාන් පෙරේරා
- දෙබස් පටිගත කිරීම -කවිෂ්ක දුලාංජිත්
- සහය අධ්‍යක්ෂණය-රොෂාන් දමිත් බටේවෙල,
- සජීවීකරණය -ඉසංක විතානගේ
- සංගීත අධ්‍යක්ෂණය -අසංක ආර් කුලතුංග
- ගීත ගායනය- විශාරද සසිකා නිසංසලා
- උපසිරැසි -ගයාත්‍රී රොසිරිගේ
- නිශ්චල ඡායාරූප-සීතන් ගුණවර්ධන
- කලා සහය – විජයන්ත වඩුගේ
- අංගරචනා සහය-කවිස්ක දේශාන්
- නිෂ්පාදන කළමනාකරණය – හසිත රංගන නවරත්න
- නිෂ්පාදන විධායක- ඩිනලි රෝසාන්ති සේනාරත්න
- ඉදිරිපත් කිරීම-උදාර ප්‍රඩක්ෂන් පුද්ගලික සමාගම
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
