233
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙදෙනාගේ තුන්වැනි සිනමා නිර්මාණය ‘මලකි දුවේ නුඹ’ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණ.
මෙහි මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, තුෂෙන්යා ෆොන්සේකා සමඟ ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත නිරූපණය කරති.
ලබන වසරේ තිරගතවන මුල්ම චිත්‍රපටය ලෙස ජනවාරි 02 වැනි දා සිට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමට හැකිවනු ඇත.
‘මලකි දුවේ නුඹ’ වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර සහ කුලරත්න ආරියවංශගේ නිෂ්පාදනයකි.

