Home » මලකි දුවේ නුඹ කල්කටා උලෙළේ

මලකි දුවේ නුඹ කල්කටා උලෙළේ

by mavan
November 20, 2025 10:20 am 0 comment

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙදෙනාගේ තුන්වන සිනමා නිර්මාණය ‘මලකි දුවේ නුඹ’ කොල්කටා අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ආසියානු චිත්‍රපටය සඳහා වන තරගකාරී අංශයට නිර්දේශ වී තිබේ.ලොව පිළිගත් ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික චිත්‍රපට උලෙළ 44 ට අයිතිවන කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙල මෙවර පැවැත්වූයේ 31වැනි වරටය.

මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, තුෂෙන්යා ෆොන්සේකා සමඟ ශ්‍යාම් ප්‍රනාන්දු මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය 2025 වසරේ අන්තර්ජාතික සිනමා උළෙලක මංගල දර්ශනයක් සඳහා සහභාගි වූ අවස්ථාව මෙයයි.

ජනවාරි 02 වැනි දා සිට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකිවනු ඇත. නිළි රැජන මාලිනී ෆොන්සේකා අවසන් වරට රඟපෑ චිත්‍රපටය වන්නේද මෙයයි. එසේම මාලිනි ෆොන්සේකා පරපුරේ තුන්වැනි පරම්පරාව දක්වා මෙම චිත්‍රපයෙන් නියෝජනය කෙරේ. ඒ මාලිනී, සමනලී හා මාලිනිගේ මිනිබිරිය වන කුෂේල්යාය. ‘මලකි දුවේ නුඹ’ වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර සහ කුලරත්න ආරියවංශගේ නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT