ආලෝක සම්පත් අධ්‍යක්ෂණය කළ නවතම වේදිකා නාට්‍යය ‘මරු නෙවෙයි බොරු’ වේදිකා නාට්‍ය මේ දිනවල දිවයින පුරා වේදිකාගත වෙමින් පවතී.
මෙහි ඉදිරි දර්ශන කීපයක් ඔක්තෝබර් 25 ඇල්පිටිය කැටපල සංස්කෘතික මධ්‍යස්ථානයේදී ද, නොවැම්බර් 02 දින අලව්ව කහබිලියාවල විද්‍යාලයේදී ද, නොවැම්බර් 05 වන දින බුලත්සිංහල අමරගෙදර කනිෂ්ඨ විද්‍යාලයේදී ද, නොවැම්බර් 07 වන දින කොළඹ දී ද වේදිකාගත කෙරේ. මෙම දර්ශන සියල්ල ප්‍රේක්ෂකයන් වෙත නොමිලේ ප්‍රදර්ශනය කරන අතර එහි අනුග්‍රහකත්වය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දරන අතර සංවිධානය වෝටර්මාක් ක්‍රියේෂන්ස් ගෙනි.
නිල්මිණී කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, මදුශානි වික්‍රමසිංහ, කපිල සමරකෝන්, සුදර්ශන බණ්ඩාර, ඉන්දික ජයසිංහ, සුදර්ශන ක්‍රිෂාන්ත, යසන්ත කරුණාරත්න සමඟ ආලෝක සම්පත් රංගනයෙන් දායක වෙති.
