25
අනූෂ සංජීව එදිරිමුණි අධ්යක්ෂණය කළ “මදර් ලංකා ” චිත්රපටිය සාර්ථක දින 75 පසු කරමින් මේ වනවිටත් සිනමා ශාලාවන් රැසක තිරගත වෙමින් පවතී. එසේම ” මදර් ලංකා” දමිළ බසින් හඬකවා දකුණු ඉන්දීය සිනමා ශාලාවන් තුළ ද මේ වන විට සාර්ථකව තිරගත වනු ඇත. සිංහල සිනමා පටයක් දමිළ භාෂාවෙන් හඬකවා එරට පෙන්වන ප්රථම අවස්ථාව ලෙස ද මෙය සැලකේ. තරින්දි ප්රනාන්දු, ධනංජය සිරිවර්ධන, ශෙනුකි දිශල්යා, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, හේෂානි ලියැදිපිට ඇතුළු ප්රවීණ රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායකව ඇති” මදර් ලංකා ” ඉශාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.
