අධ්‍යක්ෂ අනූෂ සංජීව එදිරිමුනි විසින් අධ්‍යක්ෂණය කළ ‘මදර් ලංකා’ චිත්‍රපටය විජයග්‍රාහී දින සියය පසුකරමින් තිරගත වන බව සරසවියට වාර්තා විය.
මෙම චිත්‍රපටය මේ වනවිට විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රස වින්දනය වෙනුවෙන් රටවල් ගණනාවක තිරගත වේ. දෙමළ බසින්ද හඬ කැවූ මදර් ලංකා චිත්‍රපටය දකුණු ඉන්දියානු සිනමා ශාලාවල සාර්ථකව තිරගත වේ.
තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, සෙනුකි දිසල්‍යා, බිමල් ජයකොඩි, හේෂානි ලියැදිපිට, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන මදර් ලංකා හි තිරපිටපත ක්‍රිෂාන්ත කුලසූරිය විසිනි.
මදර් ලංකා චිත්‍රපටය (නඥධ බම), ඩයලොග් ඇප් ඔස්සේද නැරඹීමේ අවස්ථාව සලසා ඇත. මදර් ලංකා ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.
