Home » බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතය කරන්න ආසයි

බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතය කරන්න ආසයි

රංගන ශිල්පිනී දිල්රූ වාසනා

by mavan
March 26, 2026 9:52 am 0 comment

මේ දිනවල ‘මායාවි, අම්මා, හිරිපොද වැස්ස’ ආදී ටෙලිනාට්‍ය රැසකින්ම පුංචි තිරය හරහා ඔබ හමුවන දිල්රූ වාසනා ප්‍රේක්ෂකයා අතර ඉතා ජනප්‍රිය නර්ස් නෝනා කෙනෙකු ලෙසයි. ඒ ඇය රඟපෑ ‘මායාවි’හි චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීම හේතුවෙනි. දිල්රූ වාසනා සිය නිර්මාණදිවිය ගැන කතා කිරීමට මෙසේ සරසවිය හා එක්වූවාය.

මේ දිනවල ඔබ රඟපෑ ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා නේද ?

ඔව්. මේ දවස්වල මා රඟපෑ ‘මායාවි, හිරිපොදවැස්ස, අම්මා ‘ ටෙලිනාට්‍ය නාළිකා කිහිප විකාශය වෙනවා.

‘මායාවි’හි නර්ස් නෝනා ලෙස රඟපාද්දී හොඳ අත්දැකීම් ලැබෙන්නත් ඇති ?

ඇත්තටම ඒ චරිතය ඉතා ජනප්‍රිය වුණා. ප්‍රේක්ෂකයන් බොහොමයක් මේ ගැන කතා කළා . මෙහි රූගතකිරීම් තිබුණේ රජයේ රෝහලක . නර්ස් කෙනෙකු ලෙස මට ඒ ඇඳුමයි අඳීන්න තිබුණේ . නර්ස් ඇඳුම ඇන්දම රෝහලට එන රෝගීන් පවා හිතුවේ මම සැබෑවටම ඒ රෝහලේ වැඩ කරන නර්ස් කෙනෙක් කියලා. එනිසා රෝගීන් මඟින් ර්‍ණර්‍ථච් එකට යන පාර අහනවා . එතකොට මට උත්තර දීගන්න බැරිව හිනා යනවා. මම ර්‍ණර්‍ථච් එකට යන හැටි දන්නේ නැහැ. මම ආවේ රූගත කිරීමකටනේ. එක දවසක් ෂූටින් අතරේ හදිසියේ මම අසනීප වුණා. ෂූටින් ප්‍රමාද වන නිසා නර්ස් ඇඳුමෙන්ම මම බෙහෙත් ගන්න තැනට ගියා. එතැනදී රෝගීන් මට මුකුත්ම කිව්වේ නෑ. එයාලා හිතන්න ඇති මම ඒ රෝහලේම හෙදියක් කියලා. බේත් ගන්න තුණ්ඩුව දෙද්දී එතැන සිට කෙනා හිනාවෙලා මගෙන් ඇහුවා ‘ ඔයා මායාවි ටෙලිනාට්‍යයේ ෂූටින්වලට නේද ආවෙ’ කියලා. එතකොට අර රෝගීන් හැමෝම මා දිහා බැලුවා. ඒ මොහොතේ නම් මට ටිකක් ලැජ්ජත් හිතුණා . ඒ චරිතය ගැන සෑම වයස් මට්ටමකම ප්‍රේක්ෂකයා කතා කරනවා. ඉතා ජනප්‍රියයි ඒ චරිතය.

‘අම්මා’හි දිල්රූගේ චරිතය ගැන කිව්වොත් ?

ඔව් ‘අම්මා’ හි චරිතයත් මම ආසාවෙන් රඟපාන චරිතයක් . ප්‍රධාන චරිතයක් කරන කෙනාගේ යෙහෙළියක් විදිහට මම සහාය චරිතයක් මෙහි රඟපාන්නේ. මට මෙයට ආරාධනා ලැබුණේ එහි නිෂ්පාදන කළමනාකරු හරහායි .

‘ රැල්ල වෙරළට ආදරෙයි’ හි ඔබේ චරිතය ගැන කිව්වොත් ?

මෙහි ‘වේදිලාල්ගේ සුදූ’ නමින් තමයි ඒ චරිතය ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ. ඒ කාලයේ මම රඟපාන්න ගොඩක් ආධුනිකයි. මෙහි රඟපෑම් සිදුකළේ මීට වසර දෙකකට විතර පෙරයි. මම එහි වේදිලාල් නමැති මැරයා පෙම්වතියක් ලෙසයි රඟපෑවේ. මෙහි මාත් එක්ක රඟපෑ අපේ ධර්මප්‍රිය ඩයස් අයියාව ආදරයෙන් මතක් කරනවා . ඔහු මට හොඳ සපෝට් එකක් දුන්නා

රඟපෑ චරිතවලින් ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වූ චරිත තිබේද ?

මට සිතෙනවා ‘මායාවි’ හි නර්ස් නෝනාගේ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයා අතරට ගියා කියලා. ඒ වගේම ‘හිරිපොද වැස්ස’ ටෙලිනාට්‍යයේ මගේ චරිතයක් තරුණ තරුණියන් අතරට ගියා

රඟපාන්න ආසාවෙන් සිටින චරිතයක් තිබෙනවාද ?

ඔව්, මම කැමැතියි අභියෝගාත්මක චරිතයක් රඟපාන්න . තාම එහෙම චරිතයකට මට අවස්ථාවක් ලැබිලා නැහැ. ප්‍රේක්ෂකයන්ට දැනෙන අභියෝගාත්මක චරිතයක් කරන්න ඉතා ආසාවෙන් ඉන්නේ . බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න ආසයි . මම හිතනවා මට ඒක ලොකු අභියෝගයක් වේවි කියලා

මුලින්ම කැමරාවකට මුහුණ දුන් ඒ දවස මතක් කරමු ?

පෝය ටෙලිනාට්‍යයකින් තමයි මුලින්ම මම කැමරාවකට මුහුණ දෙන්නේ . යම් යම් අඩුපාඩු තිබුණත් මට එය අභියෝගයක් වුණේ නැහැ. ඒ මම පාසල් කාලයේ සිටම මේ ක්ෂේත්‍රය පිළිබඳව හදාරා තිබෙන නිසා.

පාසල් කාලෙයේත් කලා කටයුතුවලට දායක වුණාද ?

සාමාන්‍ය පෙළ හා උසස් පෙළට නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. ඒ දිනවලත් මං පාසල් මට්ටමින් නාට්‍ය තරගවලට දායක වී තිබෙනවා.

චරිතයකට ආරාධනා ලැබුණාම සලකා බලන කරුණු එහෙමත් ඇති ?

ඔව්, මම එහිදී බලන්නේ ඒ චරිතයේ ස්වභාවයට වඩා, ඒ චරිතය තුළ මට කළ හැකි දුර ප්‍රමාණය කොපමණද කියලයි . එහෙම නැතුව මේ චරිත කරනවා, මේ චරිත කරන්නේ නෑ කියලා එකක් මගේ නැහැ . නමුත් මගේ සීමාවේ සිට මට කළ හැකි දුර ගැන මම අනිවාර්යයෙන් බලනවා . මොකද මම කැමරාවකට මුහුණ දෙද්දී අපහසුවක් දැනෙනවා නම් මගේ සීමාවෙන් පිට පැනලනේ .

රංගනය කුඩා අවධියේ සිටම තිබූ සිහිනයක්ද ?

ඇත්තෙන්ම ඒක කුඩා කාලයේ ඉඳන්ම මගේ සිහිනයක්. ඉස්සර ඉඳන්ම මම වගකීම් ලොකුවට තියෙන රැකියාවලට කැමැත්තක් නැහැ. රංගනය කියන්නේ හරිම නිදහස් කලාවක. අපට කැමැති චරිතයක් තෝරාගන්න, කැමැති ඇඳුමක් අඳීන්න අපට නිදහස තියෙනවා. ඒ වගේම අපට විවිධ අය සමඟ වැඩ කරන්න ලැබෙනවා. ප්‍රශ්නත් අඩුයි. කලා ලොවේ හරිම නිදහස් ගමනක් යා හැකියි.

වේදිකා නාට්‍යවලට දායකත්වය කොහොමද ?

පාසල් යන කාලයේ ඉඳන්ම මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වී තිබෙනවා. පළාත් මට්ටමින් වගේම ජාත්‍යන්තර මට්ටමිනුත් ජයග්‍රහණ ලබා තිබෙනවා. ටෙලිනාට්‍ය රංගනයට ආවට පසුවත් එක් වේදිකා නාට්‍යයකට දායක වුණා. ‘ ‘සුනඛ මිනිසුන්’ කියලා. එය පාසල් මට්ටමෙන් කුඩා දරුවන් මූලික කරගෙන නිර්මාණය වූ වේදිකා නාට්‍යයක්. එහි මගේ චරිතයට හොඳ ප්‍රතිචාර රැසක්ම ලැබුණා. ඒක කොමඩි පැත්තට නැඹුරු වේදිකා නාට්‍යයක්. එහි මම රඟපෑවේ පාසල් යන ළමයකුගේ චරිතයක්. පාසල් ළමුන් මේක නැරඹුවට පස්සේ එයාලා මාව හොයාගෙන ඇවිත් මාව බදාගන්නවා.

නවකයන් ගැන ක්ෂේත්‍රයේ නොයෙක් චෝදනා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද ?

නවක නළුනිළියනට චෝදනා තිබෙන බව මම අසා තිබෙනවා. එහිදී සීයට පනහක් විතර තමන්ම කරන කියන දේවල් නිසා ඇතිවන චෝදනා වෙන්නත් පුළුවන් . නවකයන් වැඩ භාරගෙන අතරමඟදී ඒවා දමලා යන අවස්ථා ගැනත් මම අසා තිබෙනවා. ඒ වගේ දේවල් නම් හරි වැරදියි. කලාව කියන්නේ වින්දනීය මාධ්‍යයක්. ඒ වගේම මෙය දේවාශීර්වාදයක්. තමන්ට ලැබුණු ඒ ආශීිර්වාදයෙන් ප්‍රයෝජන අරගෙන, භාරගත්ත නිර්මාණවලට වංචාවක් නොකර තමන්ගේ ගරුත්වයත් රැකගෙන ඉදිරියට යෑම තමයි හොඳම දේ .

ටෙලිනාට්‍යවලට එන්නත් කලින් නේද මෝස්තර නිරූපණයට ආවේ ?

ඔව්, මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ . එතකොට මගේ වයස අවුරුදු විස්සයි. මම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ගොඩක් දැනගෙන හිටියෙත් නැහැ. ඒ කාලයේ මට සහයෝගය දුන්න බුද්ධික උදාර , ඉසුරු බටුවත්ත අයියලාවත්, මගේ රූගත කිරීම්වලට අනුග්‍රහය දුන්න සැලෝන් ලියෝහි ජීවන්ති ප්‍රියදර්ශනී අක්කවත් ආදරෙන් මතක් කරනවා.

චිත්‍රපටවලට ආරාධනා ලැබුණාද?

ඔව්, ආරාධනා නම් ලැබුණා. ඉදිරියේදී මාව රිදී තිරය හරහාත් දැකගන්න පුළුවන් වේවි.

රංගනයට අමතරව වෙනත් දක්ෂතාත් ඇති ?

නර්තන හා නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා. ඊට අමතරව හඬකැවීම් හා වැඩසටහන් මෙහෙයවීම් ආදියත් හදාරලා තිබෙනවා .

මියුසික් වීඩියෝවලටත් එක්වුණාද ?

මේ වෙද්දි මම මියුසික් වීඩියෝ 03, 04කට රංගනයෙන් දායක වුණා . වැඩිපුරම මියුසික් වීඩියෝවලට දායක වෙන්න ආසයි .

රංගනය හදාරා තිබෙනවාද ?

මම මේ ක්ෂේත්‍රයට ඇතුළු වෙද්දී රංගනය පිළිබඳ යම් හැදෑරීමක් මගේ තිබුණා. පාසල් මට්ටමේ සිට මම මෙය විෂයයක් ලෙස හැදෑරුවා. ක්ෂේත්‍රයට ආවට පසුව මගේ අත්දැකීම්වලින් බොහෝ දේ ඉගෙන ගන්නවා . තව බොහෝ දේ ඉදිරියට ඉගෙන ගන්නත් තියෙනවා .

දර්ශන තලයේදී අධ්‍යක්ෂ සමඟ කොහොමද ඔබේ ගනුදෙනුව වන්නේ ?

දර්ශනතලයේදී මම නිතරම කැමැති දෙයක් තමයි, මගේ අඩුපාඩුවක් තිබේ නම් අධ්‍යක්ෂගෙන් අසා දැනගැනීම . ඔහුගේ උපදෙස් සාවධානව අසා සිට සුහදව වැඩකරගෙන යෑමට ආසයි .

රූගතකිරීම්වලදී අමතක නොවන දේත් සිදු වෙලා ඇති ?

ඔව්, මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ වුණු දෙයක් මතක් වෙනවා. එක ටෙලිනාට්‍යයකට ආරාධනා කරලා තිබුණ නිසා මම ගියා. එහි අධ්‍යක්ෂවරයා ගැන අසා තිබුණත් ඔහුව කලින් දැක තිබුණේ නැහැ . එහිදී මම කොස්ටියුම් රූම් එකේ ඉද්දි කවුදෝ ඇවිත් මගේ කොස්ටියුම් බලලා එහි අඩුපාඩු කිව්වා මෙහෙම මෙහෙම හදාගන්න කියලා. මට හිතුණා ඔහු ඛ්ධභබභථඥ ඒඵඵඪඵබචදබ කියලා . එහෙම හිතලා මම ඔහුව යැව්වා මට හැට්ටකට්ටක් ගෙනත් දෙන්න කියලා. ඔහු මට හැට්ටකට්ටක් ගේන්නම් කියලා නිහතමානී විදිහට එතැනින් ගියා. ඒත් පැය භාගයක් විතර යනකන් ඔහු ආවේ නැහැ . කොහොමත් ෂූට් එක පටන් ගන්න කලින් කොස්ටියුම් ඩිසයිනර්ට මම කිව්වා, කවුද කෙනෙක් ආවා එයා ඛ්ධභඵබභථඥ ඒඵඵඪඵචදබ වෙන්න ඇති, මම එයාව යැව්වා හැට්ටකට්ටක් ගේන්න , ඒත් තවම අවේ නැහැ කියලා. පසුව මම සෙට් එකට ගිහින් මගේ සීන් එක ඇක්ට් කරන්න යද්දි දැක්කා හැට්ටකට්ට ගේන්න කියලා මම යවපු කෙනා ඩිරෙක්ටර් පුටුවේ වාඩිවෙලා ඉන්නවා. ඒ වෙලාවේ මාව රත්වුණා. මේ ඩීරෙක්ටර් නේද කියලා පසුව මම සොරි කිව්වා. ඒ ඩිරෙක්ටර් කිව්වා මම ඔයාව දන්නවා, ඒත් ඔයා මාව දන්නේ නැහැනේ කියලා. ඒ සිද්ධියනම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ

අනාගත බලාපොරොත්තුත් ඇති ?

කලා ක්ෂේත්‍රයට අමතරව මම රැකියාවක් කළ යුතුයි කියන බලාපොරොත්තුව සමඟ මගේ තව හීනයක් තියෙනවා. ඒ ක්ෂේත්‍රයටත් ළඟාවූ පසු ඒ ගැන මම කියන්නම්.

පියාගේ හැකියාවන් ඔබටත් තිබෙනවා කියා මා කීවොත් ?

මගේ තාත්තාත් මේ ක්ෂේත්‍රයට හරිම ආසයි. ඔහුත් පාසල් කාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වී තියෙනවා. මම සිතනවා ඒ හැකියාව මටත් පිහිටලා තිබෙනවා කියලා. පවුලේ හැමෝගෙන්ම මගේ මේ ගමනට හොඳ සහයෝගයක් ලැබෙනවා

මනෝජ්රු ක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT