සංගීතය මහා අපූරු දෙයක්. කෙනකුගේ ජීවිතය, හදගැස්ම හොඳ හැටි හඳුනන ප්‍රාණ වායුව එය යැයි අපට සිතිය හැකිය. සමාජයට යහපත් පුරවැසියෙකු දායාද කරන්න සංගීතය වගේම කලාව බෙහෙවින් උපකාරී වේ. පුංචි කාලෙදීම සංගීතය හා කලාව සමඟ අත් වැල්බැඳගත් මේ පුංචි තාරකාවිය හිරු රූපවාහිනියේ විකාශය වූ kids star තරගකරුවන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පරයා යමින් අවසන් දොළොස් (12) දෙනා අතරට එක් වූ වෙකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ළමා ගායිකාවක ලෙසද ඇය කටයුතු කරන්නීය. ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය නමින් දහම්සා සමින්දිනිය. ඇය සමඟ කළ සාකච්ඡාවකි මේ.
සංගීත ක්ෂේත්රය තුළ ගීත ගායනට පිවිසුණේ කොහොමද කියලා පැහැදිලි කළොත්?
පුංචි කාලෙ ඉඳලම තාත්තත් එක්ක තාත්තගෙ වැඩ වලට උදව් වෙනවා. තාත්තා විවිධ නර්තන හා සංගීත වැඩසටහන් කරනවා එතකොට ඒවාට සම්බන්ධ වෙනවා. තාත්තා ගුරුවරයෙක් නිසා තාත්තට ඉස්කෝලෙ ඉවර වෙනකන් මට ඉන්න වුණේ සංගීත කාමරයේ ඒ නිසා මට ලොකු අවස්ථාවක් වුණා. මම සින්දු කියනකොට හැමෝම ගොඩක් අගය කළා මම මුලින්ම ගිය දේදුනු පෙර පාසල ලොකු ශක්තියක් වුණා. පුංචි කාලෙ ඉඳලම සංගීත නර්තනය ඉගෙන ගන්න. ඒ වගේමයි derana little star වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ hiru kids star මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.
ඔබ ගීත තෝරා ගැනීමක් කරනවාද? ඒ කොහොමද කොයි විදිහටද සිදුවන්නේ ?
පුංචි කාලේ ඉඳලම සුජාතා අත්තනායක මහත්මියගේ නන්දා මාලනී මහත්මියගේ ගීත අහන්න මං ගොඩක් ආසයි.
සසිකා නිසංසලා මිස්ගේ උරේෂා රවිහාරි මිස්ගේ සින්දු කියන්න මං ගොඩක් ආසයි. ඒ වගේ අත්දැකීම් තියන අයගේ ඇසුර ලබන්නත් මම පින් කරලා තිබුණා. ඉතින් මං කවද හරි ඒ වගේ දක්ෂ ගායිකාවක් වෙන්න තමයි මගේ ප්‍රාර්ථනාව..
නව නිර්මාණ ඉදිරිපත් කරමින් යන ගමනේ අලුත් නිර්මාණවලට අත තියන්න හිතුවේ නැද්ද?
ඔව් දැනටමත් මම මං කවිකාරී යන නමින් ගීතයක් පටිගත කරල තියෙන්නෙ මේ අවුරුද්දේ දිම ඒක වීඩියෝ එකක් සමඟින්ම එළිදක්වනවා. ඒක ගොඩක් විශේෂයි සංගීත ක්ෂේත්රයේ දැවැන්ත සංගීතඥයෙක් වන පේමවීර මහතා ලස්සන ගීතයක් හදලා දුන්නෙ. ඉතින් ඒකෙ වැඩ කටයුතු මේ දවස්වල කෙරීගෙන යනවා.
රසිකයන්ගේ ලැබෙන ප්‍රතිචාර වගේම සංගීත අධ්‍යාපනයත් බාධාවක් නොවී සමබරව කරන්නේ කොහොමද?
පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඔහු ඒක කියන්න වටිනවා. මොකද මට පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මගේ පාසල ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලයයි. එහි වත්මන් විදුහල්පතිතුමාගෙන් සහ සංගීත විෂය භාර ආචාර්යවරුන් වගේම අනෙකුත් ගුරුභවතුන්ගේද සහයෝගය මට හොඳීන් ලැබෙනවා. ඒ වගේමයි මේ තරම් දුර එන්නෙත් මගේ පාසලේ සහෝදර සහෝදරයන්ගේන් ලැබුණු සහයෝගය ඉතා විශාලයි. ඒ වගේමයි මම ප්‍රාථමික අධ්‍යාපනය හදාරපු ර/ උඩුමත්ත මිහිඳු මහා විද්‍යාලය ගරු විදුහල්පතිතුමා සහඅනෙකුත් ගුරුභවතුන් මගේ ගමනට ලොකු ශක්තියක් වුණා.
දෙමාපියන් ඥාතීන් ඔබේ ගමනටදක්වන සහයෝගය මොන වගේද?
මම මුලින් කිව්වා වගේම මගේ ජීවිතයේ හැරුවුම් ලක්ෂ්‍යය වුණේ හිරු කිඩ්ස් ස්ටාර් වේදිකාව. තාත්තගේ යහළුවන් අම්මගේ යාළුවන් වගේම අපට පාසල් වල යහළු යෙහෙළියන් ගමේ සියලුම අය මට ලොකු ශක්තියක් වුණා. අපේ ගමේ පන්සලේ විහාරාධිපති. බුද්ධං කෝට්ටේ සුමන චන්ද්‍ර හාමුදුරුවෝමේ ගමනෙදි මට ලොකු ශක්තියක් වුණා.
ජනප්‍රිය තරුවක් වුණාම ඔබට ලැබුණු සතුට මොන වගේද?
සතුටුයි. hiru kids star නිසා අපේ රටේ විතරක් නෙවෙයි තාත්තා හඳුනන දැනට විදේශගත වෙලා ඉන්න අය මගේ ගීත අහල මට තෑගි බෝග පවා එව්වා. හින්දා මම හරි සතුටින් ඉන්නේ..
සංගීත දිවියේ ඉදිරි බලාපොරොත්තු මොන වගේද?
හොඳ ගීත එකතුවක් එළි දක්වන්න ගොඩක් ආසයිඒකට මගේ තාත්තාගේ මට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ වගේමයි මගේ නමින් කොන්සර්ට් එකක් කරන්න අදහසක් තියෙනවා. පාසල් වැඩ කටයුතු වලට බාධාවක් නොවෙන්න සංගීතය ඉදිරියට කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.
ඔබේ රටේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔබ දෙන පණිවිඩය කුමක් ද?
සංගීතය ලොකු මාතෘකාවක් ගායනය වාදනය ඕනම කෙනෙක්ට සහජයෙන් පිහිටන්නන පුළුවන්. ඒත් නිවැරදි ගුරුහරුකම් යටතේ තමයි අපි ඒවා වැඩිදියුණු කරන්න ඕනේ. ගොඩක් අය දැන් හුරු වෙලාතියෙනවා කැරොකෙ දාල සින්දුු කියන්න.. මම හිතන්නේ ඒක නෙමෙයි සංගීතය මම මගෙන් දෙන පණිවිඩය නම් අනිවාර්යයෙන් ගුරු හරුකම් යටතේ තමන්ගේ දක්ෂතා ඔප්නන්වා ගත්තොත් ඉදිරි අනාගතයේදි ලොකුත් අවස්ථා ලබා ගන්න පුළුවන්.. ඒ වගේමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න පුළුවන්.
